ඔන්න මං දැන් ඔයාලට කතාවක් කියන්න යන්නේ. මට මීට ආසන්න වෙනත් කතාවක් අහන්න ලැබුනා Email එකකින්. ඒත් මං ඒක වෙනස් කරලා මේ වගෙ කතාවක් ලියන්න හිතුවෙ ආදරය කරනකොට පුංචි අතපසු වීමකින් මොන තරම් දේවල් වෙන්න පුලුවන්ද කියලා පෙන්නන්නයි.
ඔන්න එක වියට්නාම් සෙබලෙක් යුද්දෙ ඉවර කරලා ගෙදර එන්න හිතුවා. ඊට කලින් එයාට හිතුනා ගෙදර ඉන්න එයාගෙ බිරිඳට ඇමතුමක් දෙන්න.
“ඔයා හොඳින් නේද? ඔන්න මම ගෙදර එනවා. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. මම මගේ යාලුවෙක්ව ගෙදර එක්කන් ආවට කමක් නැද්ද?”
“අනේ කමක් නෑ එක්කන් එන්න, මාත් ආසයි එයාව හම්බවෙන්න.”
“තවත් දෙයක් තියෙනවා ඔයාට කියන්න”, සෙබලා කිව්වා. “එයා සටනෙදී ගොඩක් තුවාල වෙලා ඉන්නෙ. යුද පිටියෙදි බිම් බෝම්බයක් පෑගිලා එයාගෙ අතකුයි, කකුලකුයි අයින් කරලා තියෙන්නෙ. එයාට වෙන යන්න තැනක් නෑ. ඒ නිසා මං හිතුවා එයාවත් අපිත් එක්කම තියාගන්න.”
“අනේ පව්, සමහර විට එයාට ඉන්න වෙන තැනක් හොයලා දෙන්න අපට පුලුවන් වෙයි.” සෙබලාගෙ බිරිඳ කිව්වා.
“නෑ, එයාව අපිත් එක්කම තියාගන්නයි මට ඕනෙ.” සෙබලා කිව්වා.
“අනේ රත්තරන්, ඔයා දන්නෙ නෑ ඔයා ඉල්ලන්නෙ මොකක්ද කියලා. ආබාධිත කෙනෙක් එනවා කියන්නෙ අපිට තවත් ලොකු බරක් එකතු වෙනවා කියන එකයි. අපිට අපේම කියලා ජීවිතයක් තියෙනවා. තව කෙනෙක්ට ඒකට ඇඟිලි ගහන්න දෙන්න බෑ. යාලුවව අමතක කරලා ඔයා විතරක් ගෙදර එන්න. එයා ජීවත් වෙන්න ක්රමයක් හොයා ගනීවි.” බ්රිඳ ටිකක් සැරෙන් කිව්වා.
ඒත් එක්කම ඇමතුම විසන්ධි උනා. ඊට පස්සෙ සෙබලා ගැන කිසිම ආරංචියක් නැති උනා. ටික දවසකට පස්සෙ ගෙදරට පොලීසියෙන් ඇමතුමක් ආවා. සෙබලා ගොඩනැගිල්ලකින් වැටිලා මැරිලා තිබුනා. පොලීසිය විශ්වාස කලේ ඒක සියදිවි හානි කරගැනීමක් හැටියට.
සෙබලාගේ බිරිඳ මේ ගැන ගොඩක් දුක් උනා. එයා සෙබලා සිටි තැනට ගිහින් සෙබලාගෙ මිනිය හඳුනා ගත්තා. ඒත් එක්කම එයා තවත් දෙයක් හදුනා ගත්තා.
ඒ තමයි ඇය පණ මෙන් ආදරය කරපු ඇයගෙ ආදරණීය සැමියාට තියෙන්නෙ එක් අතක් හා කකුලක් බව.
ඊයෙ ගෙදර එනකොට රෑ 8.30 විතර ඇති. ඇවිත් වෙනදා වගේම මගේ පුංචි පෙම්වතීට SMS එකක් යවන්න ඕනෙ කියලා හිතුනා. මං SMS එක යවනකොටම එයත් මට SMS එකක් එවලා, හරියටම එකම වෙලාවෙ දෙන්නම SMS කරන එකත් දැන් අපිට පුරුදු දෙයක්. ඒ අපිට අපිව හැම වෙලාවෙම මතක් වෙන නිසා වෙන්නැති.
Love , SMS , ආදරය , මගේ ආදර චාරිකාව
විවාහ වෙන්න නම් කේන්දරේ බලන්න ඕනෙමද? සමහරු කියනවා කොයිතරම් කාලයක් යාලු වෙලා හිටියත් බඳින්න කලින් කේන්දර ගැලපෙනවද කියලා බලන්න ඕනෙ කියලා. බඳින්න කලින් කේන්දර බලන එක අවශ්‍යමද?
බඳින්නෙ ආදරය කරල නම් මගේ අදහස කේන්දර ගැලපෙන්න ඕනෙ නෑ කියලා. මොකද බඳින්න නම් දෙන්නගෙ අදහස් ගැලපෙන්න ඕනෙ. එකිනෙකා ගැන හොඳ විශ්වාසයක් තියෙනවනම්, අනිත් කෙනාගෙ කැමැත්ත අකමැත්ත ගැන හොඳ අවබෝධයක් තියෙනවනම් ඒ දෙන්නට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්.
කේන්දරය කියන සංකල්පය මෙතනට එන්න මූලිකම හේතුව විදිහට මම දකින්නෙ දෙමාපියන්ගෙ මැදහත් වීම. විවාහයේදී දෙමාපිය ආශිර්වාදය වැදගත්. ඒත් සමහර පවුල් ප්‍රශ්න වලට හේතුවත් ඔය කියන මැදහත් වීමම තමයි.
කේන්දරය ගැලපෙනවා කියන්නෙ දෙන්නගෙ ජන්ම පත්‍ර වල තියෙන පොරොන්දම් 20 න් භාගයකට වඩා ගැලපෙනවා කියන එක. දෙන්නෙක්ගෙ විවාහ ජීවිතයට ග්‍රහයන්ගෙ බලපෑමක් තියෙන බව මං පිලිගත්තත් කේන්දරය කියන දේ විශ්වාස කරන්න මට හිතෙන්නෙම නෑනෙ. මම මෙහෙම කිව්වම ඔයාලා හිතනවා ඇති මගෙයි මගෙ කෙල්ලගෙයි කේන්දර ගැලපෙන්නෙ නැති නිසා මෙහෙම කියනවා ඇති කියලා. එහෙම නම් නෑ. අපෙ කේන්දර 80% ක්ම ගැලපෙනවා.
දැන් සල්ලි ගෙවලා කේන්දර බලන්න ඕනෙ නෑ. ඒවා නිකන්ම බලාගන්න පුලුවන් Software තියෙනවා. දෙන්නගෙ උපන් දිනයයි, වෙලාවයි, තැනයි දන්නවනම් ඔයාලටම මේක බලාගන්න පුලුවන්. ඔයාලගෙ පහසුවට මං ඒ Software එකත් මේකෙම දාන්නම්.
මේ ලෝකෙත් පුදුමයි. කේන්දර බලලා යාලු වෙන්න බෑනෙ. ඒ වගෙම කේන්දර නොගැලපුනා කියලා යාලු උන කෙනාව අත්හරින්නත් බෑ.
කේන්දර බලන Software එක Download කරන්න මෙතන Click කරන්න.
Love , ආත්මාර්ථය , ආදරය , ජීවිතය දෙස අලුතින් බලමු , පරාර්ථය
ආදරය වෙනුවෙන් කොයිතරම් දේවල් කරන්න පුලුවන්ද? ආදරය කියන්නෙ ලබාගන්න වගේම බෙදාගන්නත් ඕන දෙයක්. ආදරය වෙනුවෙන් ආදරවන්තයන් කොයිතරම් පෙරුම් පුරනවාද? තමන්ගෙ ආදරය විවාහයකින් ජය ගැනීමේදී ප්‍රීතියට පත් වන ආදරවන්තයින්ම ආදරයෙන් පැරදීමෙන් හෝ නොලැබීමෙන් කොයිතරම් දුක් වෙනවද? තමන්ගෙ ජීවිතය ගැනවත් තක්සේරු නොකර ඔවුන් ආදරය වෙනුවෙන් දිවිපුදන ලද අවස්ථාවන් කොතෙක් අපට අසන්නට ඇත්ද? ආදරය කොයිතරම් දැයි පෙන්වන්නට ලංසුවක් නොමැති නිසාම ආදරයට දිය හැකි හොඳම වටිනාකම වන්නේ ආදරයට ආදරය කිරීමයි .
ආදරය වෙනුවෙන් කොයිතරම් දේ අපට ඇසෙනවද? අපි කියනවාද? ආදරය මෙලොව උපදින සෑම කෙනෙකුම අත්විඳින පොදු හැඟුමක් වන නිසාද මේ තරම් දේ ආදරේ වෙනුවෙන් ලියවිලා තියෙන්නෙ කියලා මට හිතෙනෙවා. ඒ නිසයි මාත් මේ විදිහට ආදරය ගැන බ්ලොග් සටහනක් ලියන්න හිතුවේ