අදත් මල් දෙවැටෙන් කියන්න යන්නෙ ටිකක් අමුතු විදිහෙ කතාවක්. මේක අමුතුයි කියන්නෙ මේ කතාවෙ ඉන්න චරිත නිසයි. ඒ කියන්නෙ මේ කතාවේ චරිත මිනිස්සු නෙවෙයි. මනඃකල්පිත කතාවක්, මේකෙ චරිත තමයි ලෝබකම, ආදරය, කපටිකම වගේ මිනිස්සු අතර තියෙන ගතිගුණ. බලන්නකෝ මේක කියවලා.


ඔන්න එක දවසක් ශක්රන දෙවියො මිනිස්සු අතර තියෙන ගතිගුණ ඔක්කොම එකතු කරලා එක තැනක තියලා වැඩකට ගියා. ඔන්න ඉතින් මේ කට්ටියට හරිම කම්මැලියි. මෙයාලා හිතුවා සෙල්ලමක් කරන්න. ඔන්න හැමෝම කතා වෙලා හැංගි මුත්තන් කරන්න ලෑස්ති උනා. එක පාරටම “උමතු කම” නැගිටලා කිව්වා, “ඔන්න මම තමයි හොයන්නේ කියලා”. අනිත් අයත් කැමති වෙලා ඔන්න ඉතින් කට්ටියම හැංගෙන්න උනා.


“වංචාව” ගලක් පිටිපස්සේ හැංගෙනවා කියලා හැංගුණේ පඳුරක් පිටිපස්සේ. මොකද එයා කරන්නේ වංචාවමනේ. ඔය වගේ හැමෝම එක එක තැන් වල හැංගුණා. දැන් “උමතුව” මෙයාලව හොයන්න ගත්තා. ටිකින් ටික මෙයාලා හැමෝමව හොයාගන්න “උමතුවට” පුලුවන් උනා. ඒත් තවමත් “ආදරය” හැංගුණේ කොහේද කියලා හොයාගන්න “උමතුවට” බැරි උනා.


එතකොට “ඊර්ෂයාව” කිව්වා. “මම දන්නවා “ආදරය” හැංගුණේ කොහේද කියලා. එයා ඔය රෝස පඳුර පිටිපස්සේ ඉන්නේ” කියලා. උමතුව හොරෙන් හොරෙන් ගිහින් එකපාරටම රෝස පඳුරට පැන්නා “ආදරය” අල්ලගන්න හිතාගෙන. එතකොට එකපාරටම මහ හයියෙන් කෑගහිල්ලක් ඇහුණා. අනේ මොකද දන්නවද උනේ? රෝස කටු දෙකක් ඇනිලා “ආදරය”ගේ ඇස් දෙකම අන්ධ උනා. මේක දැකපු හැමෝම වගේම “උමතුවත්” දුක් උනා.


මේ හැම දෙයක්ම බලාගෙන හිටිය ශක්රන දෙවියෝ ඇවිල්ලා “උමතුව”ට මෙහෙම කිව්වා. “දැන් “ආදරය” අන්ධයි. එයාට තනියම ජීවත් වෙන්න බෑ. ඒ නිසා අද ඉඳලා ඔයා “ආදරය” ළඟින්ම ඉන්න ඕනෙ.”


මෙන්න මේ විදිහට තමයි ආදර්ය අන්ධ වගේම උමතු උනේ.

මල් දෙවැටෙන් ඔයාලව හමුවන්න එන්නෙ කාලෙකට පස්සෙ. අද මාතෘකාව ආදරය ගැන.

සිතුම් පැතුම් කොපමණ ගැලපුණත් කාලයක් ළඟින් ඇසුරු කළ ආදරවන්තයන්ටද පොරොන්දම් නොගැලපීම නිසා විවාහ වීමට නොහැකි වූ අවස්ථා කොතෙකුත් ඇත. එහෙත් බොහෝ විට දෙදෙනෙකු පෙමින් බැඳෙන්නේත්, ඇසුරු කරන්නේත් පොරොන්දම් බළලා නෙවෙයි.

නමුත් 100% ම පොරොන්දම් ගැලපී විවාහ වී ඉතා ටික කලකින් පවුල් ජීවිතය දෙදරා ගිය අවස්ථා මෙන්ම තනි කැමැත්තට කිසිම පොරොන්දමක් නොබලා විවාහ වී අති සාර්ථක පවුල් ජීවිත ගත කරන පිරිස්ද සමාජයේ ඉන්නවා.

පොරොන්දම් බැලීම කියන්නේ දෙදෙනෙක් විවාහ වන විට ඒ දෙදෙනාගේ කේන්දර අනුව පෞරුෂත්වය, රුචිකත්වය, අදහස් උදහස් ආදිය කොතෙක් දුරට ගැළපේද යන්න එක්තරා චක්‍රයකට අනුව බැලීමයි.

ජෙතිෂ්‍යට අනුව ඕනෑම කෙනෙක්ගේ පොරොන්දම් 20ක් තියෙනවා. මෙහි ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සියලු ගති ලක්ෂණ ඇතුළත්. පොරොන්දම් ගැලපීමේදී සිදුවන්නේ මෙම අයෙකුගේ ගති ලක්ෂණ අනෙක් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ගති ලක්ෂණ හා කොතෙක් දුරට ගැළපේද යන්න විමසා බැලීමයි.

සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම සඳහා පොරොන්දම් විස්සෙන් දහයකට වඩා ප්‍රමාණයක් ගැළපිය යුතුයි. මෙම ප්‍රමාණයට ප්‍රධාන වශයෙන් ගැලපිය යුතු පොරොන්දම් කිහිපයක් ඇතුලත්. ලග්න, රාශ්‍යාධිපති, නැකැත්, වශී, ගණ හා යෝනි පොරොන්දම, ඒ ප්‍රධාන පොරොන්දම් වර්ගයි.

වසර ගණනාවක් පෙම්වතුන් වශයෙන් ඇසුරු කිරීම නිසා දෙදෙනා තුලම හොඳ අවබෝධයක් ඇති වෙනවා. දෙදෙනාගේ රුචි අරුචිකම් ගැන එකිනෙකා වෙනුවෙන් කැපවීමට හැකි ආකාරය තේරුම් ගන්නවා. අඩුපාඩු දුර්වලකම් මේ හැම දෙයක් ගැනම දෙදෙනා තුළ වැටහීමක් ඇති වෙනවා. පොරොන්දම් බැලීම යනුවෙන් දෙදෙනාගේ කේන්දර අනුව චක්‍රයක් ගොඩනගා ගනිමින් කරන්නේත් මේ දෙයමයි. නමුත් එයින් ලැබෙන විසඳුමට වඩා සියයට සියයක සාර්ථක ප්‍රතිලයක් දෙදෙනෙක් වසර ගනනාවක් ආදරයෙන් බැඳී සිටීමෙන් ඇති වෙනවා. විවාහ දිවියට අශ්‍ය වන්නේත් එයම නේද?

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට