ඔන්න අදත් ඔයාලට මල් දෙවැටෙන් උපදේශාත්මක කතාවක් කියන්නයි යන්නේ. මේක කියවලම බලන්නකෝ. මුලින්ම කියන්න ඕනේ මේක කිසිම ශ්‍රී ලාංකික වෙබ් අඩවියකින් උපුටා ගත්තක් නොවන වග. මොකද අපේ මල් දෙවැටේ යාලුවෙක් පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුනා ඒක ප්‍රසිද්ධ අඩවියකින් උපුටා ගැනීමක් කියලා. මල් දෙවැටේ තියෙන කතා පරිවර්ථන කිරීම්. ඒ හැර කිසිම උපුටා ගැනීමක් කර නොමැති බවට මං ඒ ලිපියේ සාක්ෂ්‍ය සහිතව ප්‍රතිචාර දක්වලා තියෙනවා.


අපි අද කතාව කියවමුකෝ. ඔන්න එක යුවලක් විවාහ වෙලා අවුරුදු 11 කට පසුව ඒ දෙපලට ළමයෙක් ලැබුනා. එයාලා ඒ අවුරුදු 11 අතුලත ගොඩක් ආදරයෙන් ජීවත් උනා වගේම මේ ළමයා එයාලගේ ඇස් වගේ උනා. මේ ළමයාට අවුරුදු 2 විතර වුන කාලෙක දවසක් උදේ මේ සැමියා වැඩට යනකොට දැක්කා මූඩිය ඇරපු බෙහෙත් බෝතලයක්. වැඩට යන්න ඒ වෙනකොටත් පරක්කු වෙලා තිබුන නිසා ඔහු බිරිඳට කිව්වා ඒකේ මූඩිය වහලා රාක්කයෙන් තියන්න කියලා. ඒත් කුස්සියේ වැඩක හිටිය බිරිඳට මේක එහෙමම අමතක වෙලා ගියා.

මේ පුංචි ළමයා දැක්කා මේ බෝතලේ. අතට අරන් බැලුවම ලස්සන පාට පාට බෙහෙත් පෙති දැකලා ඒ ඔක්කොම කටේ දාගත්තා. මේක ටිකක් සැර බෙහෙතක්. වැඩිහිටියන්ට පවා නියම කරලා තිබුනේ ඉතා කුඩා මාත්‍රාවක්.  ළමයා වැටිලා වේදනාවෙන් කෑ ගහනකොට මේ බිරිඳ ළමයව රෝහලට අරන් ගියා. ඒත් ළමයගේ ජීවිතය බේරගන්න බැරි උනා. මේ ආරංචියෙන් මේ බිරිඳ ගල් ගැසුනා. ඇය බිය වුනා කොහොමද තම සැමියට මුහුණ දෙන්නේ කියලා.

ළමයා අසනීපයෙන් බව දැනගත්තු මේ සැමියා ඉක්මනටම රෝහල වෙත ආවත් ඔහුට දකින්නට ලැබුනේ ඇඳක් මත මිය ගොස් සිටින විවාහයෙන් අවුරුදු 11 කට පසු ලැබුණු ඔවුන්ගේ එකම ළමයාවයි. ඔහු බිරිඳ දෙස බලා වචන හතරක් සෙමෙන් මිමිනුවා.

අපේ මල් දෙවැටේ යාලුවෝ දන්නවද ඒ වචන හතර මොකක්ද කියලා?

ඔහු කිව්වේ, “මම ඔයාට ආදරෙයි රත්තරන්” කියලා.

අපේ යාලුවෝ බලයි මේ සැමියට පිස්සු හැදිලද කියලා. නෑ. මේ සැමියාගේ නොසිතපු ප්‍රතිචාරය හුදෙක්ම ඉදිරිය ගැන සිතා කල හැසිරීමක්. දැන් ළමයා මැරිලා. තම බිරිඳට වැරැද්ද පැටෙව්වා කියලා සිදුවුනු දේ නැවත හරිගස්සන්නත් බැහැ. ඔහු බෝතලේ වහලා පැත්තකින් තිබ්බා නම් මේක වෙන්නේ නෑ. ඇයටත් නැති උනේ ඇගේ එකම ළමයා. මේ වෙලාවේ ඇයට අවශ්‍ය සැන්සීමක්. මේ සැමියා ඇයට දුන්නෙත් ඒකමයි.

සමහර වෙලාවට අපට වරදක් උනාම කවුද මේකට වග කියන්න ඕනේ, කාටද බනින්න ඕනේ කියලා හිත හිත කල් ගෙවනවා. අපි ආදරය කරන කෙනෙක්ට සමාව දෙන එක ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි නේද? ඒත් දැන් තවකෙකුට සහයෝගය දෙනවා වෙනුවට අපේ මිනිසුන්ට මිනිසත්කම කියන එකත් අමතක වෙලා.

අපේ මල් දෙවැටෙ යාලුවෝ ගන්න ඕන ආදර්ශය මේකයි. තමන් ළඟ තියෙන දේ රැකගන්න. සමාව දෙන එක නවත්තලා දුක, තරහ, වේදනාව වැඩි කරගන්න එපා. ඔයාලා කාටහරි මේ ප්‍රශ්න දිහා වෙනත් දෘෂ්ටිකෝණයකින් බලන්න පුලුවන් නම්, මේ ලෝකෙ ප්‍රශ්න කියන දේ අඩු වේවි. ඔයාල ළඟ තියෙන තරහ, ඊර්ෂයාව, සමාව දීමට අකැමත්ත, ආත්මාර්ථකාමී බව, බය වගේ දේවල් නැති කරගත්තොත්, ඔයාලට එන ප්‍රශ්න වලට මුහුණ දෙන එක ඇත්තටම අමාරු දෙයක් නොවන බව ඔයාලටම වැටහේවි.

ඔන්න කාලෙකට පස්සේ අදත් මං මල් දෙවැටෙන් ඔයාලත් එක්ක එකතු වෙන්නෙ තවත් ආදර කතාවක් ගැන කියන්න. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ මල් දෙවැටේ තමන්ගේ ආදරේ කියාගන්න බැරිව තනිකඩව ඉන්න යහලු යෙහෙලියන්ටයි. මං එහෙම කියන්නෙ ඇයි කියලා ඔයාලට තේරෙයි මේක කියෙව්වම.


මේ කතාවේ චරිත දෙක වෙන්නේ ඩැනියෙල් හා ජෙස්මින් කියන දෙදෙනා. ඔන්න එක දිනක් රෑ මේ දෙන්නා උද්‍යානයක ගසක් යට වාඩිවෙලා ඉන්නකොට ඩැනියෙල් මෙහෙම කියනවා.

ඩැනියෙල් : අපි දෙන්නා නම් කිසිම වැඩකට නැති දෙන්නෙක්.
ජෙස්මින් : මමත් හිතන්නේ. අපි දෙන්නට ඇරෙන්න අනිත් හැමෝටම තමන්ගේ ජීවිතේ බෙදාගන්න කවුරුහරි ඉන්නවා.
ඩැනියෙල් : අනේ මන්දා. මටත් තේරෙන්නේ නෑ.
ජෙස්මින් : මම නම් දන්නවා කරන්න ඕන දේ. අපි සෙල්ලමක් කරමුද?
ඩැනියෙල් : මොන විදිහේ සෙල්ලමක්ද?
ජෙස්මින් : මම දවස් 30කට මම ඔයාගේ පෙම්වතිය වෙන්නම්, ඔයා මගේ පෙම්වතා වෙන්න.
ඩැනියෙල් : හොඳ අදහස. මටත් ලබන මාසෙම වගේ වැඩි වැඩක් නෑ.

ඔන්න ඔහොම කතා වෙලා මේ දෙන්නා එදා එකිනෙකාගෙන් සමු ගත්තා.

1 වන දිනය
එයාලා මුල්ම වතාවට එකතු වෙලා ආදරය තේමා උන චිත්‍රපටයක් රස වින්දා.

4 වන දිනය
මුහුදු වෙරළට චාරිකාවක් ගියා. දවසම මුහුදු වෙරලේ සතුටින් ගත කලා.

12 වන දිනය
සර්කස් සංදර්ශනයක් බලන්න යන්න ඩැනියෙල් ජෙස්මින්ට ආරාධනා කලා. එහි තිබුණු හොල්මන් ගුහාවකදී බය උනු ජෙස්මින් වැරදීමකින් ඩැනියෙල් කියා සිතා වෙනත් අයෙකුගේ අත අල්ලා තිබුනා. මේ සිදුවීම මතක් කරමින් මේ දෙන්නා ඇති තරම් විනෝද වුනා.

15 වන දිනය
මේ දෙන්නා පාරේ සාස්තර කියමින් යන කෙනෙක් හමු උනා. මෙයාලත් නිකමට වගේ සාස්තරයක් ඇහුවා. දරුවනි, ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. දෙන්නා එකතු වෙලා පුලුවන් තරම් සතුටින් ඉන්න බලන්න. සාස්තර කරු කීවේ නොදැනීම ඔහුගේ ඇසට කඳුලක් නංවමින්.

20 වන දිනය
කඳුකර පෙදෙසක සවාරියක් යාමට ජෙස්මින් ඩැනියෙල්ට ආරාධනා කලා. ඒ ගමනේදී කඩා වැටෙන තරුවක් ජෙස්මින්ට දකින්න ලැබුනා. ඈ ඒ දෙස බලාගෙන තමාටම යමක් මුමුනා ගත්තා.

28 වන දිනය
මේ දෙන්නා කැඩුණු පාරක බස් රථයකින් ගමන් කරමින් හිටියා. එකවරම හදිසි ගැස්සීමක් නිසා අත්වැරදීමකින් ජෙස්මින් ඩැනියෙල්ට මුල්ම හාදුව දුන්නා.

29 වන දිනය
වේලාව පස්වරු 11.37
දැන් මේ දෙන්නා මේ ආදර සෙල්ලම පටන් ගත්ත උද්‍යානයේ ගසක් යට වාඩිවෙලා ඉන්නවා.
ඩැනියෙල් : මට හරිම මහන්සියි ජෙස්මින්. මං පාරට ගිහින් ඔයාටත් එක්ක බොන්න මොනවා හරි ගේන්නද?
ජෙස්මින් : හා. මට ඇපල් ජූස් එකක් තිබුනාම හොඳටම ඇති.
ඩැනියෙල් : හරි. මං එනකම් ඔහොම ඉන්නකෝ.

(විනාඩි 20කට පසුව) අමුත්තෙක් ජෙස්මින් ළඟට එනවා.
අමුත්තා : ඔයා ඩැනියෙල්ගේ යාලුවෙක්ද?
ජෙස්මින් : ඔව්. ඇයි?
අමුත්තා : බීපු මිනිහෙක් ඩැනියෙල්ව හප්පගෙන ගිහින්. දැන් එයා ඉස්පිරිතාලේ.

වේලාව පස්වරු 11.57
හදිසි අනතුරු අංශයේ සිට එලියට පැමිණි දොස්තර මෙහෙමෙ කියලා ජෙස්මින් වෙත ඇපල් ජූස් බෝතලයක් හා ලියුමක් දුන්නා. අපිට ඩැනියෙල්ගේ සාක්කුවේ තිබිලා මේක හම්බුණා.

ජෙස්මින් ලියුම කියවන්න ගත්තා. ඒකෙ තිබුනේ මෙහෙමයි.

ජෙස්මින්, පසුගිය කාලේ මට තේරුණා ඔයා මොන තරම් සුන්දර කෙල්ලෙක්ද කියලා සහ මම ඔයාට කැමතියි කියලා. මේ සෙල්ලම කරද්දී මම දැකපු ඔයාගේ හුරතල් හිනාව වගේම හැම දේකටම මම කැමතියි. මේ සෙල්ලම ඉවර වෙන්න කලින් ඔයා ජීවිත කාලයටම මගේ පෙම්වතී වෙනවා නම් මම කැමතියි.
මම ඔයාට ගොඩක් ආදරෙයි ජෙස්මින්!

ජෙස්මින් ඒ ලියුම ගුලි කරලා මෙහෙම කෑගැහුවා.
අනේ ඩැනියෙල් මට ඔයාව නැති කරගන්න බෑ. මමත් ඔයාට ආදරෙයි. ඔයාට මතකද අපි උල්කාපාතයක් දැකපු රෑ මම දෙයක් මිමිනුවා මං ඒ මිමිනුවේ මේ සෙල්ලම කවදාවත් ඉවර නොවී හැමදාටම තියෙන්න කියලයි. අනේ මාව දාලා යන්න එපා මං ඔයාට ආදරෙයි. මේ පාර ඔයාට බෑ මට එහෙම දෙයක් කරන්න…”

ඒ වෙද්දිම හරියට රෑ 12 උනා. එහෙමම ඩැනියෙල්ගේ හද ගැස්මත් නැවතුනා

ඒ වෙද්දි හරියටම සෙල්ලමට දින 30 යි.

ටිකක් දිග, ලස්සන ඒත් දුක්බර ආදර කතාවක් නේද යාලුවනේ? මේකෙන් අපේ මල් දෙවැටෙ යාලුවො ගන්න ඕන ආදර්ශය තමයි තමන්ගේ හිතේ තියෙන ආදරයක් අඟවන්න පරක්කු වෙන්න හොඳ නැති බව. මොකද කියනවනම් කාලය අපි හිතනවට වඩා කෙටියි. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුලුවන්.

මේ සටහන ඔයාලගේ Facebook හා Twitter යාලුවන් සමග බෙදාගෙන අපේ පාඨකයන් පිරිස වැඩිකර ගැනීමට සහය වන්න.

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට