ඔන්න මල් දෙවැටෙන් අද කියලා දෙන්න යන්නේ උපදේශාත්මක කතාවක්. මේක ටිකක් විතර අමුතු කතාවක්. ඒත් කියවලාම බලන්නකෝ. සමහරු නම් මේ කතාව අහලත් ඇති.


ඔන්න එක පොඩි ළමයෙක් හිටියලු ගොඩක් කේන්ති යන. මේ ළමයාට කොච්චර අවවාද කළත් එයා ඒ කේන්තිය නැති කරගන්න උත්සහා කළේ නෑ. ඔන්න මේ ගැන කල්පනා කරපු ඒ ළමයාගේ තාත්තා මෙහෙම දෙයක් කළා.


මේ පියා ඒ ළමයාට ඇණ බාල්දියක් දීලා මෙහෙම අවවාදයක් දුන්නා. "ඔයාට කේන්ති යන හැම අවස්ථාවකම මිටියක් අරන් මේ වැටට ඇණයක් ගහන්න." ඔන්න ඕක තමයි අවවාදය.

ඔන්න මුල්ම දවසේ මේ ළමයා වැටට ඇණ 37 ක් ගහලා තිබුණා. ඔහොම යනකොට ඊළඟ සති දෙකේ ඔහු කේන්තිය ටිකක් පාලනය කරගෙන තිබූණා. ඔහොම් ටිකෙන් ටික ඔහු තමන්ගේ කේන්තිය පාලනය කරගත්තා. මෙහෙම කරනකොට ඔහුට තේරුණා වැටට ඇණ ගහනවට වඩා තමන්ගේ කේන්තිය පාලනය කරගන්න එක ලේසියි කියලා



ඔහොම කාලය ගත වෙනකොට ඔහුට තේරුණා ඔහුට තවදුරටත් ඉක්මනින් කේන්ති නොයන බව. මේ බව ඔහු තම පියාට සතුටින් කිව්වා. ඉතින් මේ තාත්තා ඔහුට තවත් අවවාදයක් දුන්නා. ඒ තමයි මේ ළමයා කේන්තිය පාලනය කරගන්න හැම දවසකටම එක ඇණය බැගින් ගලවන්න කියන එක.


ඔහොම ටික දවසක් යන්කොට ඔහුට පුලුවන් උනා මේ වැටේ ඔහු කේන්තියෙන් ගහපු හැම ඇණයක්ම ගලවලා දාන්න. මේ බව ඔහු තම පියාට සැල කළා. පියා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ සමගම මෙහෙම දයක් කිව්වා.


"පුතා මට ඔයා ගැන ආඩම්බරයි. ඒත් පුතා වැටේ තියෙන සිදුරු ටික බලන්න. මේ වැට කවදාවත් ආයෙත් තිබුණ තත්වෙට එන්නෙ නෑ. ඒ වගේ තමයි ඔයා කේන්තියෙන් මොකක් හරි දෙයක් කිව්වම අනිත් අයගේ හිත් වලත් මේ වගේ සිදුරු ඇති වෙනවා. ඔයාට පුලුවන් කාට හරි පිහියෙන් ඇණලා සමාව ඉල්ලන්න. ඒත් ඒ තුවාලේ පැල්ලම ජීවිත කාලෙටම තියෙනවා."


මෙන්න මේ වගේ අපි වචනෙන් කරන තුවාලයක් සමහර විට ශාරීරික තුවාලයකට වඩා වේදනා දෙන්න පුලුවන්. ඒ නිසා අපේ මල් දෙවැටේ යාලුවෝ හිතට ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ වචන භාවිතයේදී අන් අයගේ හිත නොරිදන් විදිහට වචන පාවිච්චි කළ යුතු බව.

ආදරය හා ජීවිතය තේමා කරගත් මේ මල් දෙවැට වියුණුවට අදට හරියටම අවුරුද්දයි. මේ ලිපියෙන් කියවෙන්නේ මේ වසර තුළ මල් දෙවැටේ සිදුවූ විශේෂිත දේ ගැනයි. ඒත් එක්කම මේ ආදරවන්තයිගේ මාසය වෙනුවෙන් මල් දෙවැටෙන් විශේෂ ලිපි කීපයක් පළ කරන්නත් බලාපොරොත්තු වෙනවා.


මල් දෙවැටේ සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයක්


සමස්ථ පිටු නැරඹුම් - 8717
පැමිණි පාඨකයෝ - 3214
පාඨකයන් පැමිණි රටවල් - 40
වඩාත්ම ජනප්‍රිය ලිපිය - අපිට ගැළපෙන ගැහැණු ළමයා සොයා ගන්නේ කෙසේද?
Google Follow අනුගාමිකයන් - 53
Face Book Fan පිටුවෙන් එකතු වන්නන් - 288
Face Book Fan පිටුව අනුව වඩාත් ජනප්‍රිය වයස් කාණ්ඩය - 18 ත් 24 ත් අතර
Alexa වෙබ් අඩවියට අනුව මල් දෙවැට සිටින ස්ථානය - 3,559,417


මේ වසර තුළ ආ ප්‍රතිචාර, විවේවන සියල්ලටම බොහොම ස්තුතියි. කාර්‍යබහුල උනත් ප්‍රතිචාර වැඩිවෙන තරමට තමයි තව තවත් ලිපි ලියන්න හිතෙන්නේ. මල් දෙවැට වෙනුවෙන් පළමු ප්‍රතිචාරය එක් කළ චතුරංග රූපසිංහ සහෝදරයාවත් ආදරෙන් මතක් කරනවා.


මේ වෙන තෙක් මල් දෙවැට සමගින් රැඳී සිටිමින් මා දිරිමත් කළ සැමට ගොඩක් ස්තුතියි.

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට