ඔන්න මං දැන් ඔයාලට කතාවක් කියන්න යන්නේ. මට මීට ආසන්න වෙනත් කතාවක් අහන්න ලැබුනා Email එකකින්. ඒත් මං ඒක වෙනස් කරලා මේ වගෙ කතාවක් ලියන්න හිතුවෙ ආදරය කරනකොට පුංචි අතපසු වීමකින් මොන තරම් දේවල් වෙන්න පුලුවන්ද කියලා පෙන්නන්නයි.

ඔන්න එක වියට්නාම් සෙබලෙක් යුද්දෙ ඉවර කරලා ගෙදර එන්න හිතුවා. ඊට කලින් එයාට හිතුනා ගෙදර ඉන්න එයාගෙ බිරිඳට ඇමතුමක් දෙන්න.

“ඔයා හොඳින් නේද? ඔන්න මම ගෙදර එනවා. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. මම මගේ යාලුවෙක්ව ගෙදර එක්කන් ආවට කමක් නැද්ද?”

“අනේ කමක් නෑ එක්කන් එන්න, මාත් ආසයි එයාව හම්බවෙන්න.”

“තවත් දෙයක් තියෙනවා ඔයාට කියන්න”, සෙබලා කිව්වා. “එයා සටනෙදී ගොඩක් තුවාල වෙලා ඉන්නෙ. යුද පිටියෙදි බිම් බෝම්බයක් පෑගිලා එයාගෙ අතකුයි, කකුලකුයි අයින් කරලා තියෙන්නෙ. එයාට වෙන යන්න තැනක් නෑ. ඒ නිසා මං හිතුවා එයාවත් අපිත් එක්කම තියාගන්න.”

“අනේ පව්, සමහර විට එයාට ඉන්න වෙන තැනක් හොයලා දෙන්න අපට පුලුවන් වෙයි.” සෙබලාගෙ බිරිඳ කිව්වා.

“නෑ, එයාව අපිත් එක්කම තියාගන්නයි මට ඕනෙ.” සෙබලා කිව්වා.

“අනේ රත්තරන්, ඔයා දන්නෙ නෑ ඔයා ඉල්ලන්නෙ මොකක්ද කියලා. ආබාධිත කෙනෙක් එනවා කියන්නෙ අපිට තවත් ලොකු බරක් එකතු වෙනවා කියන එකයි. අපිට අපේම කියලා ජීවිතයක් තියෙනවා. තව කෙනෙක්ට ඒකට ඇඟිලි ගහන්න දෙන්න බෑ. යාලුවව අමතක කරලා ඔයා විතරක් ගෙදර එන්න. එයා ජීවත් වෙන්න ක්රමයක් හොයා ගනීවි.” බ්රිඳ ටිකක් සැරෙන් කිව්වා.

ඒත් එක්කම ඇමතුම විසන්ධි උනා. ඊට පස්සෙ සෙබලා ගැන කිසිම ආරංචියක් නැති උනා. ටික දවසකට පස්සෙ ගෙදරට පොලීසියෙන් ඇමතුමක් ආවා. සෙබලා ගොඩනැගිල්ලකින් වැටිලා මැරිලා තිබුනා. පොලීසිය විශ්වාස කලේ ඒක සියදිවි හානි කරගැනීමක් හැටියට.

සෙබලාගේ බිරිඳ මේ ගැන ගොඩක් දුක් උනා. එයා සෙබලා සිටි තැනට ගිහින් සෙබලාගෙ මිනිය හඳුනා ගත්තා. ඒත් එක්කම එයා තවත් දෙයක් හදුනා ගත්තා.

ඒ තමයි ඇය පණ මෙන් ආදරය කරපු ඇයගෙ ආදරණීය සැමියාට තියෙන්නෙ එක් අතක් හා කකුලක් බව.

ඊයෙ ගෙදර එනකොට රෑ 8.30 විතර ඇති. ඇවිත් වෙනදා වගේම මගේ පුංචි පෙම්වතීට SMS එකක් යවන්න ඕනෙ කියලා හිතුනා. මං SMS එක යවනකොටම එයත් මට SMS එකක් එවලා, හරියටම එකම වෙලාවෙ දෙන්නම SMS කරන එකත් දැන් අපිට පුරුදු දෙයක්. ඒ අපිට අපිව හැම වෙලාවෙම මතක් වෙන නිසා වෙන්නැති.

මෙන්න මගේ පුංචි පෙම්වතීගෙ අදහස්. මෙන්න මේකයි එයා මට එවපු SMS එක.
ආදරය ජීවිතයට ලැබෙන වටිනාම තෑග්ග. ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න පුලුවන් වුනත් වෙන කිසිම දෙයක් වෙනුවෙන් ආදරය කැප කරන්න කවදාවත්ම බෑ. මං හිතන විදිහට ආදරේ කරන දෙන්නෙක්ගෙ ලෝකෙ ගොඩක් පුංචියි. මොකද ඒ ලෝකෙ ඉන්නෙ එයාලා දෙන්නා විතරක්ම නිසා. ඒ ආදරේට මං ගොඩක් ආදරෙයි.
ඇත්තටම මටත් හිතෙන විදිහට එයා කියන දේ හරි. මොන තරම් යාලුවො හිටියත් අපි දෙන්නගෙ ලෝකෙ ඒ කිසිම කෙනෙකුට ඉඩක් නෑ. දෙන්නා කතා කරන දේවල් මොන තරම් පරණ උනත්, කතා කරනකොට ඒවා අලුත්ම අලුත් නැවුම් දේවල්. මේ නිසා වෙන්නැති පෙම්වතුන් එයාලගෙ ලෝක වලම තනි වෙන්න කැමති.
කොහොම උනත් තමන්ගෙ ලෝකවල තනි උනාම මොන දේ කලත් බාහිර ලෝකෙකුත් තියෙනවා කියලා හිතලා කටයුතු කරනව නම් තමයි කාගෙ කාගෙත් ඇඟට ගුණ.

විවාහ වෙන්න නම් කේන්දරේ බලන්න ඕනෙමද? සමහරු කියනවා කොයිතරම් කාලයක් යාලු වෙලා හිටියත් බඳින්න කලින් කේන්දර ගැලපෙනවද කියලා බලන්න ඕනෙ කියලා. බඳින්න කලින් කේන්දර බලන එක අවශ්‍යමද?

බඳින්නෙ ආදරය කරල නම් මගේ අදහස කේන්දර ගැලපෙන්න ඕනෙ නෑ කියලා. මොකද බඳින්න නම් දෙන්නගෙ අදහස් ගැලපෙන්න ඕනෙ. එකිනෙකා ගැන හොඳ විශ්වාසයක් තියෙනවනම්, අනිත් කෙනාගෙ කැමැත්ත අකමැත්ත ගැන හොඳ අවබෝධයක් තියෙනවනම් ඒ දෙන්නට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්.

කේන්දරය කියන සංකල්පය මෙතනට එන්න මූලිකම හේතුව විදිහට මම දකින්නෙ දෙමාපියන්ගෙ මැදහත් වීම. විවාහයේදී දෙමාපිය ආශිර්වාදය වැදගත්. ඒත් සමහර පවුල් ප්‍රශ්න වලට හේතුවත් ඔය කියන මැදහත් වීමම තමයි.

 කේන්දරය ගැලපෙනවා කියන්නෙ දෙන්නගෙ ජන්ම පත්‍ර වල තියෙන පොරොන්දම් 20 න් භාගයකට වඩා ගැලපෙනවා කියන එක. දෙන්නෙක්ගෙ විවාහ ජීවිතයට ග්‍රහයන්ගෙ බලපෑමක් තියෙන බව මං පිලිගත්තත් කේන්දරය කියන දේ විශ්වාස කරන්න මට හිතෙන්නෙම නෑනෙ. මම මෙහෙම කිව්වම ඔයාලා හිතනවා ඇති මගෙයි මගෙ කෙල්ලගෙයි කේන්දර ගැලපෙන්නෙ නැති නිසා මෙහෙම කියනවා ඇති කියලා. එහෙම නම් නෑ. අපෙ කේන්දර 80% ක්ම ගැලපෙනවා. 

 දැන් සල්ලි ගෙවලා කේන්දර බලන්න ඕනෙ නෑ. ඒවා නිකන්ම බලාගන්න පුලුවන් Software තියෙනවා. දෙන්නගෙ උපන් දිනයයි, වෙලාවයි, තැනයි දන්නවනම් ඔයාලටම මේක බලාගන්න පුලුවන්. ඔයාලගෙ පහසුවට මං ඒ Software එකත් මේකෙම දාන්නම්.

මේ ලෝකෙත් පුදුමයි. කේන්දර බලලා යාලු වෙන්න බෑනෙ. ඒ වගෙම කේන්දර නොගැලපුනා කියලා යාලු උන කෙනාව අත්හරින්නත් බෑ. 

කේන්දර බලන Software එක Download කරන්න මෙතන Click කරන්න.


සමහරු කියනවා ආදරය කියන්නේ අනෙකා වෙනුවෙන්ම කැපවුණු පරාර්ථකාමී හැඟීමක් කියලා. තවත් සමහරු කියනවා ආදරය කියන්නේ තමන් ගැනම විතරක් හිතන මහා ආත්මාර්ථකාමී හැඟීමක් කියලා. ඇත්තටම ආදරය කියන්නේ මේ දෙකින් මොකක්ද?
මම නම් හිතන්නේ නිවැරදි ආදරයක් කියන්නෙ මේ දෙකේ මැද මාවත කියලා. ඒක පූර්ණ ආත්මාර්ථයක්වත්, පූර්ණ පරාර්ථයක්වත් වෙන්න හොඳ නෑ. එහෙම ආදරයක් ප්‍රායෝගිකව දකින්නත් වෙන්නෙ කළාතුරකින්. ඒත් මේ ආදරය කිසිම විටෙක මැද මාවතටම වැටෙන්නෙ නෑ. හැම වෙලාවකම වගේ කළින් කිව්ව අන්ත දෙකෙන් එකකට බර වෙලා තමයි තියෙන්නෙ.
හැම වෙලාවකම ආදරවන්තයින් දෙන්නා විරුද්ධ අන්ත දෙකක ඉන්නවනම් ඒ ආදරය ගොඩක් සාර්ථක වෙනවා. කෙනෙක් ආත්මාර්ථකාමී නම් අනෙකා පරාර්ථකාමී වෙන්න ඕනෙ. දෙන්නම ආත්මාර්ථකාමී නම් අවසානය වෙන්නෙ ගොඩක් ප්‍රශ්න පිරුණු ජීවිතයකින්. දෙන්නම පරාර්ථකාමී නම් ඒක ඒකාකාරී දුක්ඛිත ජීවිතයක් වෙයි.
මගේ පෙම්වතිය කියන විදිහට මාත් කරන්නෙ ආත්මාර්ථකාමී ආදරයක්ලු. එක අතකට එයා කියන කතාවත් ඇත්ත. පරාර්ථකාමී ආදරයක් කියන්නෙත් ආත්මාර්ථයම තමයි. හිතන්න ඔයා තියෙන හැම දේම අත ඇරලා අනෙකාව සතුටු කරන්න හැම උත්සහයක්ම දරනවා කියලා. මේ හැම දෙයක්ම කරන්නෙ එයාව සතුටින් තියන්නනේ. හරියටම බැලුවොත් එයාව සතුටින් තියන්නෙ තමන්ගෙ සතුටට නේද?
ආදරය කියන්නෙ කොයිතරම් සොඳුරු හැඟීමක්ද? ආදරයත් ආත්මාර්ථයක් නම් ඒ විදිහේ ආත්මාර්ථයක් මගින් අවංක සතුටක් ලබන එක වැරැද්දක් නෙවෙයි නේද? මේ ගැන ඔයාලගෙ අදහස මොකක්ද?

ආදරය වෙනුවෙන් කොයිතරම් දේවල් කරන්න පුලුවන්ද? ආදරය කියන්නෙ ලබාගන්න වගේම බෙදාගන්නත් ඕන දෙයක්. ආදරය වෙනුවෙන් ආදරවන්තයන් කොයිතරම් පෙරුම් පුරනවාද? තමන්ගෙ ආදරය විවාහයකින් ජය ගැනීමේදී ප්‍රීතියට පත් වන ආදරවන්තයින්ම ආදරයෙන් පැරදීමෙන් හෝ නොලැබීමෙන් කොයිතරම් දුක් වෙනවද? තමන්ගෙ ජීවිතය ගැනවත් තක්සේරු නොකර ඔවුන් ආදරය වෙනුවෙන් දිවිපුදන ලද අවස්ථාවන් කොතෙක් අපට අසන්නට ඇත්ද? ආදරය කොයිතරම් දැයි පෙන්වන්නට ලංසුවක් නොමැති නිසාම ආදරයට දිය හැකි හොඳම වටිනාකම වන්නේ ආදරයට ආදරය කිරීමයි . 

ආදරය වෙනුවෙන් කොයිතරම් දේ අපට ඇසෙනවද? අපි කියනවාද? ආදරය මෙලොව උපදින සෑම කෙනෙකුම අත්විඳින පොදු හැඟුමක් වන නිසාද මේ තරම් දේ ආදරේ වෙනුවෙන් ලියවිලා තියෙන්නෙ කියලා මට හිතෙනෙවා. ඒ නිසයි මාත් මේ විදිහට ආදරය ගැන බ්ලොග් සටහනක් ලියන්න හිතුවේ

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට