අද මල් දෙවැටෙ ඔයාලගෙන් මුලින්ම මම  සමාව ඉල්ලනවා. ඒ අද ඔයාලට මේකෙ බලන්න වෙන්නෙ මගේ පෞද්ගලික සටහනක් නිසා. මම ගොඩක් ආදරය කරන මගේ ති....... නංගි හා මගේ ආදරයේ 500 වන දින සැමරුම වෙනුවෙනුයි මම මේක ලියන්නේ. ඒ නිසා මගේ යාලුවන්ගෙන් මම අද සමාව ඉල්ලනවා ඔයාල වෙනුවෙන් යමක් පල කිරීමට නොහැකි වීම ගැන.

ආදරණීය ති....... නංගිට,

2008 වසරේ බිනර මාසයේ එක් සොඳුරු දිනයක ආදරයත් රැගෙන මා වෙත පියමැන්න ඔයාගෙ පින්බර නෙතු ගැටුණු කල මටත් හොරා මගේ හිත ඔයාට ආදරය කලා. ඒ ආදරය නිසාම සමහර අවස්ථාවල මගේ ඇස් වලට කඳුලු පිරුණා. වප් මාසයේ තුන්වන දින ඔයාගෙන් අයැද සිටි ඒ ආදරය මා වෙත නැවත එන්න මාස ගණනක් ගත උණා. ඒ අතරතුර කාලය තමයි මගේ ජීවිතයේ ගෙවුණු අසීරුතම කාලය.


ඒ කාලයේ ඔයාගෙ දෙනෙතේ එක බැල්මකින් පවා මගේ හිත හිනැහුණා. ඔයාගෙ කටහඬ හිත ඇතුලෙ දෝංකාර දුන්නා. ඒ පීඩනය හිතේ තියාගෙන ගෙවුණු මාස ගැන කල්පනා කරද්දී මටම පුදුමයි මම කෙල්ලෙක්ට මේ තරම් ආදරය කරන විදිහ හිතෙනකොට. ඔයාට මතකද මගේ වියලුණු කතරට දිය බිඳක් රැගෙන ඔයා ආපු දිනය? අදට හරියටම දින 500 යි.


මේ ගෙවුණු දින 500 ට මගේ ආදරය තව තවත් වැඩි උනා මිසක් බිඳුවක්වත් අඩු වෙලා නෑ. උදේ හවා මට ඔයාව සිහිවෙන්නෙ ආදරය නිසයි. ඔයාව නොදැක මට මොහොතක්වත් ඉන්න බෑ. සිහිනයෙන් සිහිනයට පේන්නෙ ඔයාව විතරමයි නංගි. උදාවෙන හැම දිනයකම පලමු සිතිවිල්ල ඔයා. මගේ ජීවිතයට සිනහව ගෙනාපු ඔයාට මම ගොඩක් ආදරෙයි. හැම ආත්මෙකම ඔයා මගේම වෙන්න කියලයි මම පතන්නේ.


දහසක් ළඳුන් දුටුවත් පවතින තුරු දිවිය
නුඹයි එකම ළඳ මගෙ සිත ඇදී ගිය
නොදනිමි කිමද නුඹටම සිත ඇදී ගිය
සොයනෙමි කිමද නුඹටම සිත බැඳී ගිය


මේ ඔයාට පණටත් වඩා ආදරය කරන ඔයාගෙම අයියා....