මල් දෙවැටෙ අද මාතෘකාව සත්ය ආදරය ගැන. “Fondness for a person or thing”, ඔන්න ඕක තමයි Oxford Dictionary එකේ ආදරය කියන වචනයට තියෙන තේරුම. තේරෙන සිංහලෙන් කියනවනම් “පුද්ගලයෙක් හෝ වස්තුවක් කෙරෙහි තියෙන කැමැත්ත” කියන එක තමයි ඕකෙන් කියන්නෙ. මේ නිර්වචනයට අනුව අපිට ආදරය කොටස් 2 කට බෙදන්න පුලුවන්.


1. පුද්ගලයෙක් කෙරෙහි තියෙන ආදරය (Love towards a person) – (LTP)
2. වස්තුවක් කෙරෙහි තියෙන ආදරය (Love towards a thing) – (LTT)


මේ දෙවැදෑරුම් ආදරයන් දෙකෙහි අපිට වෙනසක් දකින්න පුලුවන්. පුද්ගලයෙක් කෙරෙහි තියෙන ආදරය ගැන ගත්තොත් අපි කාටහරි ආදරය කරනවානම්, ඔහු හෝ ඇය වෙතින් පෙරලා ආදරයක් ලැබෙන්න පුලුවනි. නමුත් අපි කිසියම් දෙයක් ගැන ආදරයෙන් බැඳුනොත් අපට නැවත ආදරයක් ලැබිය යුතු යයි බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අපි මතක තබා ගත යුතු දේ තමයි සත්යන ආදරවන්තයෙක් කිසිදා කිසිම දෙයක් පෙරලා ලැබේයයි බලාපොරොත්තු වෙන්නෙ නෑ.


ඔබට යම් ඇඳුමක්, තැනක් හෝ රටක් කෙරෙහි ආදරයක් ඇති උනොත් “මම ඒකට ආදරෙයි” කියන්න පැකිලෙන්න එපා. මොකද එයත් යම් ආකාරයක ආදරයක්. අපිට යම්කිසි වස්තු කිහිපයකට එකවර එකසේ ආදරේ කරන්න පුලුවන්. අපි ආදරේ කරන වස්තු එකක් හෝ කිහිපයක් එක් වර අත්හරින්නත් පුලුවන්. ඒත් ඒකට කමක් නෑ. මොකද වස්තුවකට හිතන්න බෑනේ. මේ වගේ ආදරයක් නිසා ජීවිතේට ඒතරම් ප්රෙශ්න ඇතිවෙන්නෙත් නෑ.


වඩාත්ම භයානක මෙන්ම අපිට වඩාත්ම ඕනම කරන ආදරය තමයි පුද්ගලයෙක් කෙරෙහි තියෙන ආදරය කියන්නෙ. මිනිහෙකුට ආදරය නැතුව ජීවත් වෙන්න බෑ කියන්නෙ ඇත්ත තමයි. ඒත් එහෙම ආදරේ කරන්න නම් සත්ය් ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනෙ. ඒ වගේම තමයි වස්තුවක් කෙරෙහි තියෙන ආදරය වගේ නෙවෙයි, මොනම අවස්ථාවකදී හෝ ඔයාට දැනෙනවා නම්, ඔයා කා එක්ක හරි ආදරයෙන් බැඳිලා කියන වග හෝ ඔහු/ඇය ඔබට ආදරේ බව හඟවන විට, “ඒ ඇයි?” දැයි කියා සිතන එක තමයි වැදගත් වන්නේ. එම ප්රෙශ්නයට ලැබෙන පිලිතුරෙන් දැනගන්න පුලුවන් ඒ සත්ය ආදරයද කියලා.


ඇත්ත වශයෙන්ම ඔයාලට දෙමව්පියන්ගෙන් මේ ගැන දැනගන්න අවශ වෙන්නෙ නෑ. මොකද ඒක තමයි අත්විඳින්න පුලුවන් වටිනාම ආදරය. ඒක නිසා මේක ඔයාලගෙ යාලුවන්ගෙන් සහ විශේෂයෙන්ම හැමවිටම ඔබට “මම ආදරෙයි” කියන ඔබගේ පෙම්වතා හෝ පෙම්වතියගෙන් දැනගැනීමට උත්සහ කරන්න පුලුවන්.


ඔබගේ පෙම්වතා හෝ පෙම්වතියගේ පිළිතුර “ඔයා ගොඩක් ලස්සන/ රොමන්ටික්/ සරාගී/ හෝ පෝසත් නිසා” කියනවනම් ඔබට අකැමැත්තෙන් වුවත් පිළිගන්න වෙනවා ඔහුට හෝ ඇයට තියෙන්නෙ කුහක සිතක් බව.


එමෙන්ම පිළිතුර “ඔයා මට ආදරය කරන නිසා” කියනවනම් ඔහු හෝ ඇය සත්ය ආදරවන්තයෙක් නොවෙයි ආත්මාර්ථකාමී අයෙක්. ඒත් පිළිතුර “විශේෂ හේතුවක් නෑ” කියනවනම් හෝ ඔබගේ පෙම්වතා හෝ පෙම්වතී නිහඬව සිටී නම්, එය සත්ය ආදරයක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
සමහරවිට ඔබගේ පෙම්වතා හෝ පෙම්වතී කිව්වොත් “ඔයාගේ හොද ගතිගුණ නිසා” හෝ “ඔයා හැම සතුටකදී මෙන්ම දුකකදීම මාත් එක්ක ඉන්න නිසා” කිව්වොත් ඔයාට ආඩම්බර වෙන්න පුලුවන්. මොකද ඔයා කරන්නෙ සත්යම ආදරයක්.