මල් දෙවැටෙන් ඔයාලව හමුවන්න එන්නෙ කාලෙකට පස්සෙ. අද මාතෘකාව ආදරය ගැන.
සිතුම් පැතුම් කොපමණ ගැලපුණත් කාලයක් ළඟින් ඇසුරු කළ ආදරවන්තයන්ටද පොරොන්දම් නොගැලපීම නිසා විවාහ වීමට නොහැකි වූ අවස්ථා කොතෙකුත් ඇත. එහෙත් බොහෝ විට දෙදෙනෙකු පෙමින් බැඳෙන්නේත්, ඇසුරු කරන්නේත් පොරොන්දම් බළලා නෙවෙයි.
නමුත් 100% ම පොරොන්දම් ගැලපී විවාහ වී ඉතා ටික කලකින් පවුල් ජීවිතය දෙදරා ගිය අවස්ථා මෙන්ම තනි කැමැත්තට කිසිම පොරොන්දමක් නොබලා විවාහ වී අති සාර්ථක පවුල් ජීවිත ගත කරන පිරිස්ද සමාජයේ ඉන්නවා.
පොරොන්දම් බැලීම කියන්නේ දෙදෙනෙක් විවාහ වන විට ඒ දෙදෙනාගේ කේන්දර අනුව පෞරුෂත්වය, රුචිකත්වය, අදහස් උදහස් ආදිය කොතෙක් දුරට ගැළපේද යන්න එක්තරා චක්‍රයකට අනුව බැලීමයි.
ජෙතිෂ්යට අනුව ඕනෑම කෙනෙක්ගේ පොරොන්දම් 20ක් තියෙනවා. මෙහි ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සියලු ගති ලක්ෂණ ඇතුළත්. පොරොන්දම් ගැලපීමේදී සිදුවන්නේ මෙම අයෙකුගේ ගති ලක්ෂණ අනෙක් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ගති ලක්ෂණ හා කොතෙක් දුරට ගැළපේද යන්න විමසා බැලීමයි.
සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම සඳහා පොරොන්දම් විස්සෙන් දහයකට වඩා ප්‍රමාණයක් ගැළපිය යුතුයි. මෙම ප්‍රමාණයට ප්‍රධාන වශයෙන් ගැලපිය යුතු පොරොන්දම් කිහිපයක් ඇතුලත්. ලග්න, රාශ්‍යාධිපති, නැකැත්, වශී, ගණ හා යෝනි පොරොන්දම, ඒ ප්‍රධාන පොරොන්දම් වර්ගයි.
වසර ගණනාවක් පෙම්වතුන් වශයෙන් ඇසුරු කිරීම නිසා දෙදෙනා තුලම හොඳ අවබෝධයක් ඇති වෙනවා. දෙදෙනාගේ රුචි අරුචිකම් ගැන එකිනෙකා වෙනුවෙන් කැපවීමට හැකි ආකාරය තේරුම් ගන්නවා. අඩුපාඩු දුර්වලකම් මේ හැම දෙයක් ගැනම දෙදෙනා තුළ වැටහීමක් ඇති වෙනවා. පොරොන්දම් බැලීම යනුවෙන් දෙදෙනාගේ කේන්දර අනුව චක්‍රයක් ගොඩනගා ගනිමින් කරන්නේත් මේ දෙයමයි. නමුත් එයින් ලැබෙන විසඳුමට වඩා සියයට සියයක සාර්ථක ප්‍රතිඵලයක් දෙදෙනෙක් වසර ගනනාවක් ආදරයෙන් බැඳී සිටීමෙන් ඇති වෙනවා. විවාහ දිවියට අවශ්‍ය වන්නේත් එයම නේද?
11 අදහස්:
මම මේ software එක හොය හොය හිටියේ.. ඉස්සර මම ගාව තිබ්බා.. හොයාගන්න බැරුව හිටියේ. ස්තුතියි..
කතාව හරි, පොරොන්දම් ගැළපුනාට වැඩක් නෑ, ඒ දෙන්නට දෙන්න තේරුම් ගන්නෙ නැත්තම්.
පොරොන්දම් ඕනෙ නෑ, ඒ දෙන්නට දෙන්න ඉතාම හොඳින් තේරුම් අරන් තියෙනව නම්.
@ Kanishka | කණියා, උදවු වීම සතුටක් යාලුවා...
@ Madhawa Habarakada, ඇත්ත යාලුවා... අන්න තේරුම් අරන් තියෙනවා..
me software eka hari kiyala sure da mokada mama software 2kin baluwa ekak galapen na kiyala awe..
meken galapenawa kiyala enawa..
overall 11/20 subai
key points 5/11 subai
matched or not?
@ Annonymous - යාලුවා මේක 100% ක්ම හරි කියලා කියන්න පුලුවන් කමක් නෑ. ඒත් මං මේක උත්සහ කරලා බැලුවා. ඒ ආපු එකෙන් 95% ම වගේ හරි. කොහොමත් ඕකේ උපන් ස්ථානයේ අක්ෂාංශ, දේශාංශ හරියටම දෙන්න පුලුවන් ක්‍රමයක් නෑනේ. ඒ නිසා ප්‍රතිඵලය ගැන 100% ම විශ්වාසය තියන්න අපහසුයි.
කොහොම උනත් සමස්තයක් වශයෙන් 11/20 ගැලපෙන්නේ අත්‍යවශ්‍ය පොරොන්දම් එක්ක නම් ඒක හොඳයි කියලා අහලා තියෙනවා. මම නම් හිතන්නේ දෙන්නාගේ සිතුම් පැතුම් ගැලපෙනවනම් කේන්දර බැලීම අනවශ්‍යයි කියලා.
අතවශය ඒවත් නොගැලපෙන ඒවා තියෙනවා :S
http://imageshack.us/photo/my-images/21/thelaashot005.jpg/
scr shot එකේ තියෙන්න රිසාල්ට් එක
@ Anonymous - මම මේක බැලුවා යාලුවා. ඕක පොඩ්ඩක් දන්න කෙනෙක්ට කියලා බලා ගන්න එක හොඳයි. කොහොම උනත් මං අහල තියෙනවා සමහර දේවල් බෝධි පූජා, බාර වගේ දේවල් වලින් බලය හීන කරන්න පුලුවන් කියලා. උදාහරණයක් විදිහට කියනවනම් ඔය දෙවනියට තියෙන ගණය ඔයාල දෙන්නගේ රාක්ෂ හා මනුෂ්‍ය. එහෙම තියෙන දෙන්නෙක් අතර රණ්ඩු ඇතිවෙනවා කියලා කතාවක් තියෙනවා. ඒත් දෙන්නට දෙන්නගේ සිතුම් පැතුම් ගැලපෙනවනම් රණ්ගු නොවී ඉන්න පුලුවන් නේද? හිත ශක්තිමත් කරගන්න යාලුවා. ඔයාල දෙන්නගේ ආදරයට සුබ පතනවා හදවතින්ම.
බොහොම ස්තුතියි සුබ පැතුවට ඒත් එයාට මට වඩා කේන්දරේ ලොකුයි යාලු. :(
යාලුවේ මේ පොරොන්දම ගැන මොකද හිතන්නේ? මේක ගැලපෙයිද?
http://imageshack.us/photo/my-images/339/capturecll.png/
යාලුවේ මම අහල තියන විදහට දේව-රාක්ෂ ගැලපෙනවා. ඒත් මේකේ නොගැලපේ කියලනේ කියන්නේ.. මචෝ මට මේක බලල කියනවද?
Post a Comment