ඒ උනාට ගොඩක් අය කියන්නේ විවාහ වෙලා ටික දවසක් යනකොට මේ වචන හොයාගන්නවත් නෑ කියලා. නමුත් මුල් කාලයේ ආදරණීය වචන යලිත් තමන්ට ඇහෙනවානම් කැමති හැඟීමක් හිතට දැනෙනෙවා. ඒත් අපි අනෙක් කෙනාගේ හිතටත් ඒ ආසාවම ඇති කියලා හිතන්නේ නෑ නේද?

මෙතනදි විශේෂයෙන්ම කාන්තාවන් කියන කතාවක් තමයි දැන් අපිට ලොකු මහත් වෙච්ච දරුවොත් ඉන්න එකේ තරුණ කාලේ කතා කරපු ව්දිහට කතා කරන්න පුලුවන්ද කියලා. ඒත් ඒක නම් සම්පූර්ණ වැරදි මතයක්. මොකද ඒ කාලේ ආදරෙන් ඉඳලා විවාහ උන නිසයි අද ලොකු දරුමල්ලෝ ඉන්නේ. ඒත් ඒ කාලේ ඇල් මැරුණු විදිහට ආදරය පටන් ගත්තා නම් විවාහයක් නොවී ඉන්නත් ඉඩ තිබුණා නේද? ඒ ආදරණීය ගතියට ආදරය කරපු නිසා තමයි නේද ඔයා ඔහු හෝ ඇයව තමාගෙම කරගත්තේ?


විවාහ උනා කියලා ඒ ආදරණීය හැසිරීම් ආදරණීය වචන ඔබෙන් දුරස් වෙනවට අනිත් කෙනා කොහොමත් කැමති නෑ. ඒක නිසා විවාහයෙන් පසුවත් ඒ විදිහටම පොඩි පොඩි විහිලු, ආදරණීය කතා පවත්වාගෙන යන්න පුලුවන්නම් විවාහ දිවිය වඩාත් සුන්දර වේවි.
මේ ලිපිය කියවා ඔයාලගේ අදහසුත් මේකට එකතු කරන්න. ඔයාලගේ Facebook, Twitter යහලුවන් සමගත් මේ ලිපිය Share කරගෙන මල් දෙවැට සමග එකතුවන් අපේ යාලුවන් පිරිස වැඩි කරගැනීමට සහය දක්වන්න.