අද මල් දෙවැටෙ අපි කතා කරන මාතෘකාව තමයි අපි කොහොමද අපිට හරියන ගැහැණු ළමයෙක් ඒ කියන්නේ කෙල්ලෙක් හොයා ගන්නේ කියන එක. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය මගේ අදහසක් නොවන බව. මට Email එකකින් තමයි මේ ලිපිය ලැබුනේ. මේක වැදගත් කියලා හිතුන නිසා මං අපේ මල් දෙවැටෙ යාලුවොත් එක්ක මේක බෙදා ගන්නවා.


සමහරු නිවැරදි ගැහැණු ළමයෙක් හොයා ගන්න හැටි හරියට නොදැන අමාරුවේ වැටෙනවා. දුක් වෙනවාහැබැයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. දෑනට ඔයාලා ආදරය කරන ගැහැණු ළමයෙක් ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න. මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි. සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා. නමුත් ඔයාලා තව අවුරුදු 20ක්, 30ක්, 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ. දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න. මේකට කියන්නේ ABCDEF ක්‍රමය කියලා.

·         වයස (Age) - සාමාන්‍යයෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගැනිම. ඒක අවුරුදු 1ක්, 2ක්, 5ක්, 10ක් වෙන්න පුලුවන්. හැබැයි කෙල්ල වැඩිමල් වුනොත් වෙන වෙන ගැටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

·         ලස්සන (Beauty) - සමහරු කැමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්. හැබැයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඇති.

·         චරිතය (Character) - මුලින් කිවුව දෙකයි මේකයි තමා වඩා වෑදගත් වෙන්නේ. කෙල්ලෙක්ගේ චරිතය හරි නැත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න

·         දෑවෑද්ද (Dowry) - අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නැති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

·         අධ්‍යාපනය (Education) - කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නැත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?

·         පවුල (Family) - කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.

මේක කියවලා අපේ යාලුවෝ හිත නරක් කර ගන්න එපා. හැබැයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ. අපේ මල් දෙවැටේ යාලුවොන්ගෙන් මේක ගෑන අදහස් ලැබෙනවනම් සතුටු වෙනවා.