අද මල් දෙවැටෙන් කියන්න යන්නේ හොඳ බිරිඳක් වෙන්න නම් අනුගමනය කළ යුතු පියවර කිහිපයක්. මේකත් කියවලා ඔයාලගෙ අදහස් ලියන්නකෝ. මේක ඔයාලගේ Facebook යාලුවොත් එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.


පළමු පියවර
නිතර නිතර යම් යම් දේවල් ඔහුගෙන් ඉල්ලා සිටීමේ කන්දොස්කිරියාව හැකිතාක් අඩුකර ගන්න බලන්න. මෙයින් ඔබේ සම්බන්ධයට දැඩි වශයෙන් බාධා ඇතිවීමට ඉඩ තිබේ. ඔබට යමක් වුවමනා නම් ලස්සන ප්‍රිය වදනින් හා කිසියම් ගරුත්වයකින් යුතුව ඉල්ලා සිටින්න. නිසැකවම ඔබට එය ලැබේවි.

දෙවන පියවර
දවසේ වැඩ රාජකාරී නිමවී සවස් යාමයේ ඔහු පැමිනෙන විට සුන්දර සිනහවකින් යුතුව ඔහුව පිලිගන්න. ඔහුගේ දවස ගැන විශේෂයෙන් වැඩ රාජකාරී බහුල දිනයක් නම් ඒ ගැන ඔහුත් සමග කතා කරන්න. ඇත්තටම ඔහුගේ මානසික පීඩනයට එය සහනයක් ගෙන දේවි.

තෙවන පියවර
ඔහුව පුදුම හා සතුටට පත්වන දේ කරන්න. ඇත්තටම එය විශාල දෙයක් නෙවෙයි. ඔබ කළ යුත්තේ ඔහු කැමතිම ආහාරයක් පිළියෙල කිරීම නැතිනම් කැමති දෙයක් තෑග්ගක් ලෙස දීම විය හැක. ඔහුට ඔබ කෙරෙහි ඇති ආදරය වැඩි වේවි.

හතරවන පියවර
ඔහුට නිදහසේ කාලය ගත කිරීමට ඉඩ දෙන්න. ඔහුගේ යහලුවන් සමග විනෝද වීමට, ඔහුගේ ප්‍රියතම විනෝදාංශය හෝ ක්‍රීඩාවේ නිරත වීමට ඉඩ දෙන්න. සෑම කෙනෙකුම තම නිදහස අගයන බව අමතක නොකරන්න.

පස්වන පියවර
දවස් කීපයකට සැරයක් ඔහු කැමතිම ආහාර පාන පිළියෙළ කරන්න. එය ඔහුගේ සතුටට හේතු වේවි. ඔබට ප්‍රශංසා කරාවි.

හයවන පියවර
ඔබ ඔහු කෙරේ දක්වන ආදරය ගැන නිරතුරුවම කතා කරන්න. ඔහුව අගයන්න. ඔබ විඩාවට පත්වී ඇති අවස්ථාවක වුවද ඔහු කෙරේ ඔබගේ නොසැලෙන ආදරය කියා පෑමට කාලය සොයාගන්න. ඔහුට ඔබ ගැන ඇත්තටම පුදුම ආදරයක් සිතේවි.

හත්වන පියවර
ඔහු උනන්දුව දක්වන දේ කෙරෙහි ඔබද උනන්දුවෙන් සහභාගී වෙන්න. ඔහුගේ කටයුතුවලට සහභාගී වීමට ප්‍රිය කරන අයෙකු වන්න. ඔහුත් සමග ක්‍රිකට් තරඟයක්, පාපන්දු තරඟයක් නරඹන්න. ඔබ අකැමති උනත් ඔබගේ ඒ කැප කිරීම ඔහුගේ සතුටට හේතු ගෙන දේවි.

ඉතාම සුලු ඔවදන් කිහිපයක් වුනත් මේවා ඔබේ යුග දිවියට ළඟා කර ගත්තොත් ඔබට ආදරණීය බිරිඳක් විය හැකි බව තේරුම් යාවි.