මම පසුගිය සුමානෙ ඔයාලට කියලා දුන්නනෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කොහොමද කියලා. අපි හිතමු ඔයා කෙනෙක් ගැන උනන්දුයි කියලා. ඒත් ඒ බව එයාට අඟවන්න ඕනනේ. අද මල් දෙවැටෙන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඔබ කෙනෙකු ගැන උනන්දු බව අඟවන්නේ කොහොමද කියලයි.


මේකට ඉතින් මූලිකවම තියෙන්න ඕනෙ එක දෙයයි. ඒක තමයි කෙනෙකු ගැන හිතේ තියෙන ආකර්ෂණය හා ඒක එයාට අඟවන්න ඕනේ කියලා හිතේ තියෙන කැමැත්ත. දැන් අපි බලමු ඒක කරන්න තියෙන්නේ කොහොමද කියලා.

1.   එකිනෙකා හමුවීමට අවස්ථාවන් සලසාගන්න. උදාහරණයක් විදිහට කියනවනම් ඔහු හෝ ඇය එනකන් ශාලාවක දොරකඩ රහසිගතව සිටීම, දහවල් ආහාර ගන්නා විට ඔහු හෝ ඇය ළඟින්ම සිටීම වගේ දේවල්.
2.   ඇසට ඇස හසුකරගන්න උත්සහ කරන්න. එසේ වූ විට සිනහ වෙන්න.
3.   ඔහු හෝ ඇය පසුකරගෙන යන අවස්ථාවකදී ඔහුට හෝ ඇයට කොහොමද කියා සුභ පතන්න.
4.   ඔහුගේ හෝ ඇයගේ යහලු යෙහෙලියන් සමග මිත්‍රත්වයක් ගොඩනගා ගන්න.
5.   ඔබ දෙදෙනා එකම පංතියකට යනවනම් ඒ අදාල විෂය පිළිබඳ ප්‍රශ්න කිහිපයක් අසන්න.
6.   ඔහු හෝ ඇය කැමති කිසියම් මාතෘකාවක් සොයා බලන්න. පසුව ඒ ගැන සංවාදයකට මුල පුරන්න.
7.   ඔහු හෝ ඇය ඔබ සමග කතා කරකර සිටීමට කැමැත්තක් දක්වන්නේද කියා අසන්න.

සැලකිය යුතුයි

·         සාමන්‍යයෙන් ඔබත් මම වගේ නම් ඉහත පියවරයන්ගෙන් පුලුවන් ඔබ ඔහුට හෝ ඇයට කැමති බව අඟවන්න. හැබැයි මේ පියවරයන් ක්‍රමානුකූලව කරන්න ඕනේ.
·         ඔහු හෝ ඇය ඔබට දක්වන ප්‍රතිචාරය අසුභවාදී නම් කළකිරෙන්න එපා. ඔබට සුදුසු යයි සිතෙන හොඳම දේ කරන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යහලු යෙහෙලියනේ ඔයාලගෙ හිතේ කා ගැන හරි අදහසක් තියෙනවනම් ඒක ආදරයකට පෙරළාගන්න පසුගිය සතියෙ වගේම මේ සතියෙත් ඔයාලට මල් දෙවැටෙන් සුභ පැතුම් පිරිනමනවා.. !