ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කොහොමද ගැහැණු ළමයෙක්ගෙ හදවතක් දිනා ගන්නෙ කියලයි. මේක හැමෝටම හරි යන්නෙ නැති වෙයි. ඒත් ගොඩක් යාලුවන්ට මේක ප්‍රයේජනවත් වෙයි ගැහැණු ළමයකුට තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්න යන අවස්ථාවෙදි.


මට මේක හම්බුනේ යාලුවෙක් එවපු Email එකකින්. මේක මල් දෙවැටෙ යාලුවන්ට ප්‍රයේජනවත් වෙයි කියලා හිතුන නිසා මං මේක ඔයාලත් එක්ක බෙදාගන්නවා. කියවලම බලන්නකො.

1.   ඕනෑවට වඩා ඇයට කරදර කරන්න යන්න එපා.
2.   අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න.
3.   හිතන හැම දෙයම කියන්න යන්න එපා.
4.   ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන්න යන්න එපා.
5.   නිතරම පිළිවෙලට ඉන්න.
6.   ඔබත් කාර්‍යබහුල බව අඟවන්න.
7.   ඇය ඉදිරියේ වන අය විවේචනය කරන්න යන්න එපා.
8.   ඇයගේ පුද්ගලික පංති, නිවස ආදිය අසල ගැවසෙන්න එපා.
9.   ඔබටත් ආත්ම ගෞරවයක් තිබෙන බව පෙන්වන්න. ඇගේ ආදරය ඉල්ලා සිඟමන් යදින්න එපා.
10. ඉවසීමෙන් සැනසීම ලැබේවි.

ඔන්න ඕව තමයි ඒකෙ තිබුන කාරණා. මේකට මමත් දෙයක් එකතු කරන්න කැමතියි. ඇයගේ සිතට ඔබ කවුද කියන එක ඒත්තු ගන්වන්න. වෙනත් කෙනෙක්ව අනුකරණය කරන්න යන්න එපා. ඔබටම අනන්‍ය වූ පෞරෂ්‍යත්වයක් ගොඩනගා ගන්න. නියම වෙලාව ආවිට ඇයට ඔබගේ අදහස පවසන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යාලුවනේ ඔයාලගෙ ආදරයට මල් දෙවැටෙන් සුභ පැතුම්.. !

(මල් දෙවැටේ අදහස් ඔබේ Facebook හා Twitter යහලුවන් සමග බෙදාගෙන අප සමග එකතුවන යහලුවන් පිරිස වැඩි කරගැනීමට අපට සහය වන්න)