සුභ රාත්‍රියක් යාලුවනේ. ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කියන එක ගැනයි. මේකට ඕනෙ කරන්නෙ ඔබ ගැන කවුරුහරි වඩා විමසිලිමත් වේද හෝ කිසිවෙක් ඔබට ලං වීමට උත්සහ කරයිද යන සැකය පමණයි.


අපි බලමු ඒ කොහොමද කියලා.

1.   ඔහු හෝ ඇය ඔබ දෙස කිහිප වරක්ම බලන්නේද යන්න නිරීක්ෂණය කරන්න.
2.   ඔබ සමහ ඔහු හෝ ඇය වුවමනාවට වඩා සිනහ වීමට උත්සහ කරයිද යන්න ගැන සැලකිලිමත් වන්න.
3.   ඔබ සෙනගක් අතර සිටින විට ඔහු හෝ ඇය ඔබව සෙවීමට උත්සහ කරයිද යන්න නිරීක්ෂණය කරන්න.
4.   ඔහු හෝ ඇය එක්වරම ඔබගේ යහලු යෙහෙලියන් පිළිබඳ විශේෂත්වයක් දක්වන්නේද යන්න සොයා බලන්න.
5.   ඔබ සම්බන්ධයෙන් මෑතකදී ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් රටාවන්හි වෙනසක් වූවාද යන්න කල්පනා කර බලන්න.
6.   ඔහු හෝ ඇය පිළිබඳ ඔබගේ උනන්දුවෙහි වැඩිවීමක් පෙන්නුම් කර එයට ඔහු හෝ ඇය ප්‍රතිචාර දක්වන අයුරු නිරීක්ෂණය කරන්න.
7.   ඔබගේ හෝ ඔහු හෝ ඇයගේ යහලුවකු ලවා, ඔහු හෝ ඇය සමග, ඔබ පිළිබඳව කතාබහකට මුල පිරීමට සලස්වන්න.
8.   ඇයගේ නමින් අමතා ඔහු හෝ ඇය ඔබ කෙරෙහි විශේෂත්වයක් දක්වන්නේදැයි කෙලින්ම අසන්න.

සැලකිය යුතුයි

·         යාලුවනේ ඔයාලට ඔහු හෝ ඇය ඔබ ගැන විශේෂත්වයක් දක්වනවා කියා හැඟෙන්නෙ නැත්නම් පමණක් 7 හා 8 පියවරයන්ට යන්න. සමහර විට ඔයාලට ඒ පියවරයන් අවශ්‍ය නොවේවි.
·         මේක ව්ද්‍යාත්මකව පිළිගත්තක් නෙවෙයි. ඒ නිසා ඔයාලගෙ දැනීමෙ හැටියට සුදුසුයි කියලා හිතෙනෙ දේ කරන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යහලු යෙහෙලියනේ ඔයාලගෙ හිතේ කා ගැන හරි අදහසක් තියෙනවනම් ඒක ආදරයපෙරළාගන්න ඔයාලට මල් දෙවැටෙන් සුභ පැතුම් පිරිනමනවා.. !