මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.
ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.
මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා.
කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.
"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."
ඔන්න අදත් මල් දෙවැටෙන් මට කියන්න ඕන උනේ අපි කාට හරි ආදරය කරනවනම් ඒ බව කියන්න ලැජ්ජා වෙන්න එපා කියන එක. අපි ළඟට ආදරය කියන දේ නොයෙක් ආකාරෙයෙන් එනවා. ඒත් ඒ දේ අඳුන ගන්න අපිට බැරි උනොත් සමහර විට මුලු ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් ආදරය කියන එක ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න එපා.
සමහර විට මල් දෙවැට සමග එකතු වෙන අපේ යාලුවන්ටත් මේ වගේ අත්දැකීම් ඇති. ඒවා අපිත් සමග බෙදාගන්නවන්ම් අපි හැමෝටම ඒ අත්දැකීම් ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් වේවි.

6 අදහස්:
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... නොලැබෙන ආදරයක් බව දැන දැන ප්‍රකශ කරලා වැඩක් නෑනෙ...:(
@ හිතුවක්කාරි - මෙහෙම දෙයක් තියෙනවා සහෝදරී. සමහර වෙලාවට අපි හිතනවා ඒක නොලැබෙන ආදරයක් කියලා. ඒත් ඒ ආදරයම අපි ළඟට හොයාගෙන එනවා. එහෙම වෙලාවට ඒ ආදරයට යන්න දුන්නොත් ජීවිතය පුරාම පසුතැවිලි වෙන්න වේවි.
ඒ වගේම සමහර වෙලාවට අපි හිතනවා මගේ මොන අඩුවක්ද, ඒ නිසා මට මෙයා අනිවාර්යයෙන්ම කැමති ඇති කියලා. ඒත් එයා කැමති නැති වෙන්න පුලුවන්. ඒ වගේමයි අනෙක් පැත්තත්. මොන දේ උනත් තමන් කැමති නම් අනෙකාට ඉඟියකින් හරි අඟවන එක තමයි කරන්න තියෙන්නේ. අකමැතියි වගේ පේනවනම් පස්සේ දුරස් වෙන එක වෙනම දෙයක්. ඒත් මෙයා මට කැමති නැතුව ඇති කියලා හිතලා ආදරය හංගන් ඉන්නවනම් ඒක ඇත්තටම මහ අපරාධයක්.
මමත් කෙනෙක්ට ගොඩක් ආදරේ කරනවා.ඒ බව මං ඒ කාලේ එයාට කියල නෑ.ඒ ආදරේ අපි වැඩ කරපු තැන් වලින් අයින් උනාම මගෙ හිත ඇතුලේ එහෙම්ම යටපත් උනා.ඒත් දැංමට ඒක එයාට කියන්න බෑ. ඒ මොකද මට දැං වෙන කෙල්ලෙක් ඉන්න නිසා.මං දැන් යාලු වෙලා ඉන්න කෙල්ලට ආදරේ කරන්න කලින් ඉදන් තමයි අනික් කෙල්ලට ආදරේ කරන්න ගත්තේ! දැන් ඉන්න කෙල්ල එක්ක යාලු උනාට පස්සේ අර පරණ ආදරේ කරපු කෙල්ලට සිද්ධ වෙච්ච කරදර ගැන ආරංචි උනාම මට ආයෙත් ඒ පරණ කැමැත්තෙන් හිටපු කෙල්ල ගැන හිතක්, ඒකිව බලාගන්න ඔනි කමක් දැනෙනවා. ගොඩක්. ඉතිං මං දන්නවා මටත් කවදහරි මේ වගේ කතාවක් තමයි කියන්න වෙන්නේ කියලා. මොකද මං දැන් ඉන්න කෙනාට දුකක් දීලා ආයෙත් පරණ කෙල්ලට ආදරේ කියන්න බෑ.ඒක අසාධාරණයි. ඒත් පරණ ආදරය මතක් වෙද්දි ඒක දරා ගන්නත් බෑ. මට අනිවාර්යයෙන්ම ඔය හැගීම දැනේවි. කළකිරීමක් එක්ක!
මටත් ඔයදේම වෙන්න ගිහින් යන්තම් බේරුනා,මම අවුරුදු 4ක් ඇය දෙස බලාගෙන හිටියා,කිහිපවතාවක්ම ආදරය කියන්න ගියා,ඒත් බැරිවුනා,එයා මට නැතිවේවි කියලා හිතුනා,එයා හැමවෙලේම කිවුවේ ඔයා මගේ හොඳම යාළුවා කියලා,ඒත් එක් දිනක් ඈ මට කිවුවා මම ඔයාට ආදරෙයි කියලා,මම හිතුවේ වෙනදා වගේ විහිළුවක් කරනවා කියලා,ඒත් එක විහිළුවක් නෙමේ,138 බස් එකක්දි මම ඇගේ අත් දෙකම අල්ලා කිවේ මම ඔයට ආදරෙයි කියලා,අදට මගේ ආදරයට අවුරුදු 4ක්,එදා ඇය එසේ නොකිවුවනම් අපිටත් කියන්නට ඇත්තේ ඔයවගේ කතාවක්...
mal dewata dige me paththatath ennna balannna
www.cinelanka.net
මටත් මෙහෙම කථාවක් තියෙනවා...මගේ හොදම යාළුවා වෙලා හිටියේ ටිකක් දුර පලාතක ගෑනු ලමෙක් අපි අවුරුද්දට හමු වුනේ එක වතාවයි ඒත් හැමදාම පුළු පුළුවන් විදියට දුරකතනින් ලියුමින් ගනුදෙනු කලා ඒත් ආදරයක් ප්‍රකාශ වුනේ නෑ මම ඒත් එයාට ගොඩක් ආදරේ කලා ඒ ලමයා ලස්සනයි මට ඇති ලස්සනක් නෑ ඒ නිසා මම හිතුවා මට එයාව නොලැබෙයි කියලා හදවතින් විතරක් ආදරේ කලා...
අවුරුදු 5කට පස්සේ අපි දෙන්නා අහම්බෙන් ආයේ හම්බුනා දිගු ගමනක් බස් එකේ යද්දි දෙන්නටම සීට් එකකුත් හම්බුනා ගමන අවසාන වෙලා බහින්න හදනකොට මට හිතුනා හිතේ තදකරන් ඉන්න දේ කියන්න මම එයාගේ ඇස් දිහා බලාගෙන ඒක කිව්වාම එයාත් බලාගෙනම ඉදලා කිව්වා මාත් ඔයාට ගොඩක් ආදරෙන් හිටියේ ඒත් කියන්න ලැජ්ජාවෙන් හිටියේ කියලා.....
එදා එහෙම ඇහුවේ නැත්නම් අදටත් එයා මගේ ලග නෑ අපි දෙන්නා අවුරුදු 2ක් දැන් නිල වශයෙන් ආදරේ කරනවා
මට හිතෙනවා මගේ කතාව බ්ලොග් එකේ දාන්න
බොහෝම ස්තූතියි අයියේ මගේ පැරණි මතකයක් ආවර්ජනය කරන්න උදව් කලාට දිගටම ලියන්න....ජය වේවා
Post a Comment