Showing posts with label ආදරය හා හාස්‍යය. Show all posts
Showing posts with label ආදරය හා හාස්‍යය. Show all posts

ඔන්න අද මම මල් දෙවැටෙන් ඔයාලව වෙනම මාවතකට ගෙන යනවා. මේක අපි කතා කරපු මාතෘකා වලින් ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. මේකෙන් කියවෙන්නේ තරුණ පෙම්වතුන්ගේ අසහනය ගැන.

හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක මං ලියපු කවි පෙළක් නෙවෙයි. මට මේක ලැබුනේ යාලුවෙක් එවපු Email එකක් මාර්ගයෙන්. මේ කවි පෙළ පළ කරපු මුල් කතෘ ගැන දන්නේ නැතත් ඔහුට මල් දෙවැටෙන් අපේ ගෞරවය පුද කරනවා. ඔයාලත් මේක කියවලම බලන්නකෝ.

මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්

පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!


"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"


සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී


ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
පටලය බලාගෙන! කල්චර් කන්යාවේ


නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

කොහොමද කවිය? එක අතකට මේ කවියෙත් ඇත්තක් තියෙනවා නේද? මේ ගැන අදහස් දැක්වීම අපේ තරුණ පෙම්වතුන්ට භාරයි.


ඔන්න කාලෙකට පස්සේ තමයි අද මල් දෙවැටෙන් ඔයාලව හමුවන්නේ. අද මට හිතුනා මල් දෙවැටෙන් හාස්‍ය රැඳි යමක් ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. ඔයාලා ආදර ලිපි ලියලා ඇතිනේ. ඒත් මේක ෛවර ලිපියක්. 
ඔන්න එක ආදරවන්තයෙක් තමන්ගේ පෙම්වතීට ආදර ලිපියක් ලිව්වා. ඒත් ඒක පෙම්වතියගෙ තාත්තාට අහු උනා. තාත්තා මේ සම්බන්ධයට විරුද්ධ උනා. මේ සම්බන්ධය නවතා දමන ලෙස ඇයට තර්ජනය කළා. මේක දැනගත්තු මේ ආදරවන්තයා ඇයට තවත් ලියුමක් ලීවා. මේ ලියුමත් ඇයගේ තාත්තාට හසු උනා.
මෙන්න මේකයි ඔහු ලියපු ලියුම.
“ ඔයා වෙනුවෙන් මගේ හිතේ තිබුණු ඒ අමිල ආදරය
තව දුරටත් නැහැ. දැන් මගේ හිතේ ඔයාට තියෙන අකැමත්ත
හැමදාකම තව තවත් වැඩෙනවා. මම ඔයාව දකිනකොට
මොනතරම් කැත මූණක්ද කියලා හිතෙනවා. ඒක නිසා
මට කරන්න හිතුන තවත් දෙයක් තමයි
අනිත් ලස්සන කෙල්ලො දිහා බලන එක. මට කවදාවත් හිතුනෙ නෑ
ඔයාව ඉක්මනට බඳින්න ඕනෙ කියලා. අපේ අන්තිමට කතාකරපු ඒවා
මොන තරම් කම්මැලිද. ඒ වගේම මට කවදාවත්ම ඕනෙ වෙන්නෙ නෑ
ආයෙත් ඔයාව දකින්න හේතුවක්.
ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි.
අපි බැන්ඳොත් මම දන්නවා මට ලැබෙයි
නරකාදියක්. මට ලැබෙන්නේ නෑ කිසිම
ලොකු සතුටක් ඔයත් එක්ක ඉඳලා. මට තියෙනවා හදවතක්
කාටහරි දෙන්න. ඒත් මගේ කිසිම සූදානමක් නෑ ඒක
ඔයාටම දෙන්න. ඔයා හැරෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ
ඔයා තරම් ආත්මාර්ථකාමී වගේම මෝඩ. ඔයාට කවදාවත් බෑ
මට උදව් කරන්නවත් මාව බලාගන්නවත්.
ඔයා අවංකවම තේරුම් ගන්නවනම් හොඳයි මේ දේ.
මම කියන්නේ ඇත්ත. ලොකු උදව්වක් ඔයාට පුලුවන්නම්
මේක ඉවරයි කියලා හිතාගන්න. ඔයා උත්සහ කරන්න එපා
මේකට පිලිතුරු ලිපියක් ලියන්න. ඔයාගේ ලියුම්වල පිරිලා තියෙන්නේ
කිසිම වැඩකට නැති පල් හෑලි. ඔයාට පොඩ්ඩක්වත් නෑ
මං වෙනුවෙන්ම සත්‍ය ආදරයක්. සමුගන්නම්... ! විශ්වාස කරන්න
මට තවත් ඔයාව ඕනේ නෑ. කරුණාකරලා හිතන්න එපා
මම තවමත් ඔයාගෙම ආදරවන්තයා කියලා.”

මොකද ඔයාලා හිතන්නේ. මේ පෙම්වතා මේ ලියුම තමන්ගේ පෙම්වතියට ලැබෙන්කොට කියලා තිබුනා මෙහෙම දෙයක්. ඒක තමයි ලියුම කියවනකොට පේලියක් ඇර පේලියක් කියවන්න කියලා. ඒ කියන්නේ 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19, 21, 23, 25 කියන පේලි කියවන්න කියලා.

ඔයාලා මේක ආයේ කියවලා බලන්නකෝ මේකෙ අදහස. අපේ මල් දෙවැටෙ යාලුවෝ මොකද හිතන්නේ මේ තාත්තයි, දුවයි දෙන්නා මේ ලියුමෙන් තේරුම් ගත්ත දේවල් ගැන? 

අද මට හිතුනා මල් දෙවැටට අලුත් ලිපි කාණ්ඩයක් එක් කරන්න ඕනේ කියලා. මේ කාණ්ඬයෙන් මං බලාපොරොත්තු වෙන්නේ හාස්‍ය රසයෙන් පිරුණ ආදරයට ඒත් ආදරය හා ජීවිත අත්දැකීම් ගැන විස්තර කෙරෙන ලිපි කිහිපයක් ඔයාලට ගෙන එන්න.

අද ඉදිරිපත් කරන්නේ කවියක්. මේකෙන් කියවෙන්නේ තරුණ කාලේ ආදරය ගැන කුතුහලයෙන් පිරුණු ළමයෙක් එයාගේ අම්මගෙන් ඒ ගැන විමසන අයුරුයි. ඔන්න හැබැයි මේ කවිය නම් මං හදපු කවියක් නෙවෙයි. කියවලම බලන්නකෝ.

මොනවද අම්මේ අකුරු ජාතියක්
අක්කගේ කොපි කොළ වල ලියලා
කවුරුද අම්මේ ඒවා ලියන්නේ
ආදරයෙන් අමතමි කියලා

පුතා දන්නේ නෑ යෞවන කාලෙට
කෙල්ලො කොල්ලො හරි වැඩ කරති
හමුවන අය පෙම් කතා කියද්දී
බැරි අය කොපි කොළ වල ලියති

එහෙ බැලුවත් පෙම් මෙහෙ බැලුවත් පෙම්
මට නැහැ මොකවත් තේරෙන්නේ
තැපෑලෙනුත් නොව වෙන කෙනෙකුත් නොව
කවුරුද ඒවා ගෙන යන්නේ

පාසල් යනකොට ආපසු එනකකොට
මග තොටදියි මෙය සිදුවන්නේ
අක්කා දෙන එක අක්කට දෙන එක
පොත් ඇතුලෙයි වැඩිපුර යන්නේ

අක්කා විතරද අක්කට විතරද
මේ කොපි කොළ ගන්නේ දෙන්නේ
පාසල ඇතුලෙදි මේවා කෙරෙන බව
එහි ගුරුවරු නැතිවද දන්නේ

නැත මගෙ සූකිරි පුංචි පුතේ නැහැ
කවුරුත් ඔහොමයි තරුණ වියේ
ගුරුවරු නිතරම සෙව්වත් ඔය ගැන
ඕවා කෙරෙන්නේ හොර රහසේ

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට