Showing posts with label මල්සමය ඇරඹීමට්. Show all posts
Showing posts with label මල්සමය ඇරඹීමට්. Show all posts

මම එතකොට 10 වසරෙ. ඒ කාලෙ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න. ඒත් එයාට ඒ බව තේරුණේ නෑ. පංතිය ඉවර උනාම එයා මං ගාවට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා "ස්තුතියි" කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මට කොයි තරම් හිතුනත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මගේ ලැජ්ජාවටම මම එහෙම කිව්වේ නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


මේ වෙනකොට මම 11 වසරේ. මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය හඬමින් මිමිනුවා ඇගේ ආදරය බිදුණු බව. ඇයට මේ තනිකම දරාගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. මමත් ගියා. එතනදි ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ආයෙත් ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා "ස්තුතියි" කිව්වා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට බැරි උනා මගේ ලජ්ජාව හින්දා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

ඔහොම කාලය ගෙවුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම වසර. ඒ වෙනකොට ඇයට කෙනෙක් පෙම් කරා. ඔහු දිනක් ඇයට එන බව කීවත් ඇවිත් නෑ අසනීපයක් නිසා. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා "මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපය" කියලා. මෙවරත් "මම ඇයට ආදරෙයි" කියලා කියන්න මට ආත්ම ශක්තියක් නැති උනා.


ඔය විදිහට දින සති මාස ගෙවිලා ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනටත් ආවා. ඇය ඒ වන විට සුරූපී සිරුරකට හිමිකම් කීවා. ඇය ඇවිදින විට ඇගේ ලස්සන තවත් වැඩිවී පෙනුනා. ඇය උපාධිය ලබා ගන්න වේදිකාවට ගොඩ වූ විට මට හිතුනා ඇය මගේම උනානම් කියලා. ඒත් ඇයට ඒක නොදැනෙන බව මං හොඳාකාරව දැනන් හිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. අපි වෙන්වෙන්න කලින් ඈ මගේ කම්මුල සිපගෙන "ඔයා තමයි මගේ හොඳම යාලුවා" කියලා කිව්වා. මට කියන්න ඕන උනත් මට ඇය යාලුවෙක් පමනක්ම නෙවෙයි ඊට වැඩි කෙනෙක් කියලා මට ඒ බව කියන්න ආත්ම ශක්තියක් නැති උනා. මම දන්නේ නෑ ඒ මොකද කියලා.

මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අලුත් ජීවිතයකට යනවා වෙනත් පුද්ගලයෙක් සමග. මට ඇයගේ වෙන්න ඕන උනත් ඇයට ඒක තේරුනේ නෑ. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් "අනේ ඔයා ආවද? බොහොම ස්තුතියි" කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මං ඇයට ආදරෙයි කියන්න හිතුනත් මෙවර මට ඒකට අවස්ථාවක් නැති උනා.

කාලය ගෙවී ගියා. මේ වෙනකොට මං ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.


"මම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ වගක් තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්."


ඔන්න අදත් මල් දෙවැටෙන් මට කියන්න ඕන උනේ අපි කාට හරි ආදරය කරනවනම් ඒ බව කියන්න ලැජ්ජා වෙන්න එපා කියන එක. අපි ළඟට ආදරය කියන දේ නොයෙක් ආකාරෙයෙන් එනවා. ඒත් ඒ දේ අඳුන ගන්න අපිට බැරි උනොත් සමහර විට මුලු ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවෙන්න පුලුවන්. ඒ නිසා කවදාවත් ආදරය කියන එක ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න එපා.


සමහර විට මල් දෙවැට සමග එකතු වෙන අපේ යාලුවන්ටත් මේ වගේ අත්දැකීම් ඇති. ඒවා අපිත් සමග බෙදාගන්නවන්ම් අපි හැමෝටම ඒ අත්දැකීම් ජීවිතයට එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුලුවන් වේවි.

ඔන්න කාලෙකට පස්සේ අදත් මං මල් දෙවැටෙන් ඔයාලත් එක්ක එකතු වෙන්නෙ තවත් ආදර කතාවක් ගැන කියන්න. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ මල් දෙවැටේ තමන්ගේ ආදරේ කියාගන්න බැරිව තනිකඩව ඉන්න යහලු යෙහෙලියන්ටයි. මං එහෙම කියන්නෙ ඇයි කියලා ඔයාලට තේරෙයි මේක කියෙව්වම.


මේ කතාවේ චරිත දෙක වෙන්නේ ඩැනියෙල් හා ජෙස්මින් කියන දෙදෙනා. ඔන්න එක දිනක් රෑ මේ දෙන්නා උද්‍යානයක ගසක් යට වාඩිවෙලා ඉන්නකොට ඩැනියෙල් මෙහෙම කියනවා.

ඩැනියෙල් : අපි දෙන්නා නම් කිසිම වැඩකට නැති දෙන්නෙක්.
ජෙස්මින් : මමත් හිතන්නේ. අපි දෙන්නට ඇරෙන්න අනිත් හැමෝටම තමන්ගේ ජීවිතේ බෙදාගන්න කවුරුහරි ඉන්නවා.
ඩැනියෙල් : අනේ මන්දා. මටත් තේරෙන්නේ නෑ.
ජෙස්මින් : මම නම් දන්නවා කරන්න ඕන දේ. අපි සෙල්ලමක් කරමුද?
ඩැනියෙල් : මොන විදිහේ සෙල්ලමක්ද?
ජෙස්මින් : මම දවස් 30කට මම ඔයාගේ පෙම්වතිය වෙන්නම්, ඔයා මගේ පෙම්වතා වෙන්න.
ඩැනියෙල් : හොඳ අදහස. මටත් ලබන මාසෙම වගේ වැඩි වැඩක් නෑ.

ඔන්න ඔහොම කතා වෙලා මේ දෙන්නා එදා එකිනෙකාගෙන් සමු ගත්තා.

1 වන දිනය
එයාලා මුල්ම වතාවට එකතු වෙලා ආදරය තේමා උන චිත්‍රපටයක් රස වින්දා.

4 වන දිනය
මුහුදු වෙරළට චාරිකාවක් ගියා. දවසම මුහුදු වෙරලේ සතුටින් ගත කලා.

12 වන දිනය
සර්කස් සංදර්ශනයක් බලන්න යන්න ඩැනියෙල් ජෙස්මින්ට ආරාධනා කලා. එහි තිබුණු හොල්මන් ගුහාවකදී බය උනු ජෙස්මින් වැරදීමකින් ඩැනියෙල් කියා සිතා වෙනත් අයෙකුගේ අත අල්ලා තිබුනා. මේ සිදුවීම මතක් කරමින් මේ දෙන්නා ඇති තරම් විනෝද වුනා.

15 වන දිනය
මේ දෙන්නා පාරේ සාස්තර කියමින් යන කෙනෙක් හමු උනා. මෙයාලත් නිකමට වගේ සාස්තරයක් ඇහුවා. “දරුවනි, ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. දෙන්නා එකතු වෙලා පුලුවන් තරම් සතුටින් ඉන්න බලන්න.” සාස්තර කරු කීවේ නොදැනීම ඔහුගේ ඇසට කඳුලක් නංවමින්.

20 වන දිනය
කඳුකර පෙදෙසක සවාරියක් යාමට ජෙස්මින් ඩැනියෙල්ට ආරාධනා කලා. ඒ ගමනේදී කඩා වැටෙන තරුවක් ජෙස්මින්ට දකින්න ලැබුනා. ඈ ඒ දෙස බලාගෙන තමාටම යමක් මුමුනා ගත්තා.

28 වන දිනය
මේ දෙන්නා කැඩුණු පාරක බස් රථයකින් ගමන් කරමින් හිටියා. එකවරම හදිසි ගැස්සීමක් නිසා අත්වැරදීමකින් ජෙස්මින් ඩැනියෙල්ට මුල්ම හාදුව දුන්නා.

29 වන දිනය
වේලාව පස්වරු 11.37
දැන් මේ දෙන්නා මේ ආදර සෙල්ලම පටන් ගත්ත උද්‍යානයේ ගසක් යට වාඩිවෙලා ඉන්නවා.
ඩැනියෙල් : මට හරිම මහන්සියි ජෙස්මින්. මං පාරට ගිහින් ඔයාටත් එක්ක බොන්න මොනවා හරි ගේන්නද?
ජෙස්මින් : හා. මට ඇපල් ජූස් එකක් තිබුනාම හොඳටම ඇති.
ඩැනියෙල් : හරි. මං එනකම් ඔහොම ඉන්නකෝ.

(විනාඩි 20කට පසුව) අමුත්තෙක් ජෙස්මින් ළඟට එනවා.
අමුත්තා : ඔයා ඩැනියෙල්ගේ යාලුවෙක්ද?
ජෙස්මින් : ඔව්. ඇයි?
අමුත්තා : බීපු මිනිහෙක් ඩැනියෙල්ව හප්පගෙන ගිහින්. දැන් එයා ඉස්පිරිතාලේ.

වේලාව පස්වරු 11.57
හදිසි අනතුරු අංශයේ සිට එලියට පැමිණි දොස්තර මෙහෙමෙ කියලා ජෙස්මින් වෙත ඇපල් ජූස් බෝතලයක් හා ලියුමක් දුන්නා. “අපිට ඩැනියෙල්ගේ සාක්කුවේ තිබිලා මේක හම්බුණා.”

ජෙස්මින් ලියුම කියවන්න ගත්තා. ඒකෙ තිබුනේ මෙහෙමයි.

“ජෙස්මින්, පසුගිය කාලේ මට තේරුණා ඔයා මොන තරම් සුන්දර කෙල්ලෙක්ද කියලා සහ මම ඔයාට කැමතියි කියලා. මේ සෙල්ලම කරද්දී මම දැකපු ඔයාගේ හුරතල් හිනාව වගේම හැම දේකටම මම කැමතියි. මේ සෙල්ලම ඉවර වෙන්න කලින් ඔයා ජීවිත කාලයටම මගේ පෙම්වතී වෙනවා නම් මම කැමතියි.
මම ඔයාට ගොඩක් ආදරෙයි ජෙස්මින්…!”

ජෙස්මින් ඒ ලියුම ගුලි කරලා මෙහෙම කෑගැහුවා.
“අනේ ඩැනියෙල් මට ඔයාව නැති කරගන්න බෑ. මමත් ඔයාට ආදරෙයි. ඔයාට මතකද අපි උල්කාපාතයක් දැකපු රෑ මම දෙයක් මිමිනුවා… මං ඒ මිමිනුවේ මේ සෙල්ලම කවදාවත් ඉවර නොවී හැමදාටම තියෙන්න කියලයි. අනේ මාව දාලා යන්න එපා… මං ඔයාට ආදරෙයි. මේ පාර ඔයාට බෑ මට එහෙම දෙයක් කරන්න…”

ඒ වෙද්දිම හරියට රෑ 12 උනා. එහෙමම ඩැනියෙල්ගේ හද ගැස්මත් නැවතුනා…

ඒ වෙද්දි හරියටම සෙල්ලමට දින 30 යි.

ටිකක් දිග, ලස්සන ඒත් දුක්බර ආදර කතාවක් නේද යාලුවනේ? මේකෙන් අපේ මල් දෙවැටෙ යාලුවො ගන්න ඕන ආදර්ශය තමයි තමන්ගේ හිතේ තියෙන ආදරයක් අඟවන්න පරක්කු වෙන්න හොඳ නැති බව. මොකද කියනවනම් කාලය අපි හිතනවට වඩා කෙටියි. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුලුවන්.

මේ සටහන ඔයාලගේ Facebook හා Twitter යාලුවන් සමග බෙදාගෙන අපේ පාඨකයන් පිරිස වැඩිකර ගැනීමට සහය වන්න.

අද මල් දෙවැටෙ අපි කතා කරන මාතෘකාව තමයි අපි කොහොමද අපිට හරියන ගැහැණු ළමයෙක් ඒ කියන්නේ කෙල්ලෙක් හොයා ගන්නේ කියන එක. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය මගේ අදහසක් නොවන බව. මට Email එකකින් තමයි මේ ලිපිය ලැබුනේ. මේක වැදගත් කියලා හිතුන නිසා මං අපේ මල් දෙවැටෙ යාලුවොත් එක්ක මේක බෙදා ගන්නවා.


සමහරු නිවැරදි ගැහැණු ළමයෙක් හොයා ගන්න හැටි හරියට නොදැන අමාරුවේ වැටෙනවා. දුක් වෙනවා. හැබැයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. දෑනට ඔයාලා ආදරය කරන ගැහැණු ළමයෙක් ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න. මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි. සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා. නමුත් ඔයාලා තව අවුරුදු 20ක්, 30ක්, 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ. දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න. මේකට කියන්නේ ABCDEF ක්‍රමය කියලා.

·         වයස (Age) - සාමාන්‍යයෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගැනිම. ඒක අවුරුදු 1ක්, 2ක්, 5ක්, 10ක් වෙන්න පුලුවන්. හැබැයි කෙල්ල වැඩිමල් වුනොත් වෙන වෙන ගැටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

·         ලස්සන (Beauty) - සමහරු කැමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්. හැබැයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඇති.

·         චරිතය (Character) - මුලින් කිවුව දෙකයි මේකයි තමා වඩා වෑදගත් වෙන්නේ. කෙල්ලෙක්ගේ චරිතය හරි නැත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න

·         දෑවෑද්ද (Dowry) - අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නැති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

·         අධ්‍යාපනය (Education) - කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නැත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?

·         පවුල (Family) - කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.

මේක කියවලා අපේ යාලුවෝ හිත නරක් කර ගන්න එපා. හැබැයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ. අපේ මල් දෙවැටේ යාලුවොන්ගෙන් මේක ගෑන අදහස් ලැබෙනවනම් සතුටු වෙනවා.

මම පසුගිය සුමානෙ ඔයාලට කියලා දුන්නනෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කොහොමද කියලා. අපි හිතමු ඔයා කෙනෙක් ගැන උනන්දුයි කියලා. ඒත් ඒ බව එයාට අඟවන්න ඕනනේ. අද මල් දෙවැටෙන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඔබ කෙනෙකු ගැන උනන්දු බව අඟවන්නේ කොහොමද කියලයි.


මේකට ඉතින් මූලිකවම තියෙන්න ඕනෙ එක දෙයයි. ඒක තමයි කෙනෙකු ගැන හිතේ තියෙන ආකර්ෂණය හා ඒක එයාට අඟවන්න ඕනේ කියලා හිතේ තියෙන කැමැත්ත. දැන් අපි බලමු ඒක කරන්න තියෙන්නේ කොහොමද කියලා.

1.   එකිනෙකා හමුවීමට අවස්ථාවන් සලසාගන්න. උදාහරණයක් විදිහට කියනවනම් ඔහු හෝ ඇය එනකන් ශාලාවක දොරකඩ රහසිගතව සිටීම, දහවල් ආහාර ගන්නා විට ඔහු හෝ ඇය ළඟින්ම සිටීම වගේ දේවල්.
2.   ඇසට ඇස හසුකරගන්න උත්සහ කරන්න. එසේ වූ විට සිනහ වෙන්න.
3.   ඔහු හෝ ඇය පසුකරගෙන යන අවස්ථාවකදී ඔහුට හෝ ඇයට කොහොමද කියා සුභ පතන්න.
4.   ඔහුගේ හෝ ඇයගේ යහලු යෙහෙලියන් සමග මිත්‍රත්වයක් ගොඩනගා ගන්න.
5.   ඔබ දෙදෙනා එකම පංතියකට යනවනම් ඒ අදාල විෂය පිළිබඳ ප්‍රශ්න කිහිපයක් අසන්න.
6.   ඔහු හෝ ඇය කැමති කිසියම් මාතෘකාවක් සොයා බලන්න. පසුව ඒ ගැන සංවාදයකට මුල පුරන්න.
7.   ඔහු හෝ ඇය ඔබ සමග කතා කරකර සිටීමට කැමැත්තක් දක්වන්නේද කියා අසන්න.

සැලකිය යුතුයි

·         සාමන්‍යයෙන් ඔබත් මම වගේ නම් ඉහත පියවරයන්ගෙන් පුලුවන් ඔබ ඔහුට හෝ ඇයට කැමති බව අඟවන්න. හැබැයි මේ පියවරයන් ක්‍රමානුකූලව කරන්න ඕනේ.
·         ඔහු හෝ ඇය ඔබට දක්වන ප්‍රතිචාරය අසුභවාදී නම් කළකිරෙන්න එපා. ඔබට සුදුසු යයි සිතෙන හොඳම දේ කරන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යහලු යෙහෙලියනේ ඔයාලගෙ හිතේ කා ගැන හරි අදහසක් තියෙනවනම් ඒක ආදරයකට පෙරළාගන්න පසුගිය සතියෙ වගේම මේ සතියෙත් ඔයාලට මල් දෙවැටෙන් සුභ පැතුම් පිරිනමනවා.. !

සුභ රාත්‍රියක් යාලුවනේ. ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කියන එක ගැනයි. මේකට ඕනෙ කරන්නෙ ඔබ ගැන කවුරුහරි වඩා විමසිලිමත් වේද හෝ කිසිවෙක් ඔබට ලං වීමට උත්සහ කරයිද යන සැකය පමණයි.


අපි බලමු ඒ කොහොමද කියලා.

1.   ඔහු හෝ ඇය ඔබ දෙස කිහිප වරක්ම බලන්නේද යන්න නිරීක්ෂණය කරන්න.
2.   ඔබ සමහ ඔහු හෝ ඇය වුවමනාවට වඩා සිනහ වීමට උත්සහ කරයිද යන්න ගැන සැලකිලිමත් වන්න.
3.   ඔබ සෙනගක් අතර සිටින විට ඔහු හෝ ඇය ඔබව සෙවීමට උත්සහ කරයිද යන්න නිරීක්ෂණය කරන්න.
4.   ඔහු හෝ ඇය එක්වරම ඔබගේ යහලු යෙහෙලියන් පිළිබඳ විශේෂත්වයක් දක්වන්නේද යන්න සොයා බලන්න.
5.   ඔබ සම්බන්ධයෙන් මෑතකදී ඔහුගේ හෝ ඇයගේ හැසිරීම් රටාවන්හි වෙනසක් වූවාද යන්න කල්පනා කර බලන්න.
6.   ඔහු හෝ ඇය පිළිබඳ ඔබගේ උනන්දුවෙහි වැඩිවීමක් පෙන්නුම් කර එයට ඔහු හෝ ඇය ප්‍රතිචාර දක්වන අයුරු නිරීක්ෂණය කරන්න.
7.   ඔබගේ හෝ ඔහු හෝ ඇයගේ යහලුවකු ලවා, ඔහු හෝ ඇය සමග, ඔබ පිළිබඳව කතාබහකට මුල පිරීමට සලස්වන්න.
8.   ඇයගේ නමින් අමතා ඔහු හෝ ඇය ඔබ කෙරෙහි විශේෂත්වයක් දක්වන්නේදැයි කෙලින්ම අසන්න.

සැලකිය යුතුයි

·         යාලුවනේ ඔයාලට ඔහු හෝ ඇය ඔබ ගැන විශේෂත්වයක් දක්වනවා කියා හැඟෙන්නෙ නැත්නම් පමණක් 7 හා 8 පියවරයන්ට යන්න. සමහර විට ඔයාලට ඒ පියවරයන් අවශ්‍ය නොවේවි.
·         මේක ව්ද්‍යාත්මකව පිළිගත්තක් නෙවෙයි. ඒ නිසා ඔයාලගෙ දැනීමෙ හැටියට සුදුසුයි කියලා හිතෙනෙ දේ කරන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යහලු යෙහෙලියනේ ඔයාලගෙ හිතේ කා ගැන හරි අදහසක් තියෙනවනම් ඒක ආදරයකට පෙරළාගන්න ඔයාලට මල් දෙවැටෙන් සුභ පැතුම් පිරිනමනවා.. !

ඔන්න මං අද මල් දෙවැටෙ යාලුවන්ට කියලා දෙන්න යන්නෙ කොහොමද ගැහැණු ළමයෙක්ගෙ හදවතක් දිනා ගන්නෙ කියලයි. මේක හැමෝටම හරි යන්නෙ නැති වෙයි. ඒත් ගොඩක් යාලුවන්ට මේක ප්‍රයේජනවත් වෙයි ගැහැණු ළමයකුට තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්න යන අවස්ථාවෙදි.


මට මේක හම්බුනේ යාලුවෙක් එවපු Email එකකින්. මේක මල් දෙවැටෙ යාලුවන්ට ප්‍රයේජනවත් වෙයි කියලා හිතුන නිසා මං මේක ඔයාලත් එක්ක බෙදාගන්නවා. කියවලම බලන්නකො.

1.   ඕනෑවට වඩා ඇයට කරදර කරන්න යන්න එපා.
2.   අදහස පැවසූ පසු පුලුවන් තරම් නොපෙනී ඉන්න උත්සහ කරන්න.
3.   හිතන හැම දෙයම කියන්න යන්න එපා.
4.   ඇය ඉදිරියේ බොරු වීරයෙක් වෙන්න යන්න එපා.
5.   නිතරම පිළිවෙලට ඉන්න.
6.   ඔබත් කාර්‍යබහුල බව අඟවන්න.
7.   ඇය ඉදිරියේ වන අය විවේචනය කරන්න යන්න එපා.
8.   ඇයගේ පුද්ගලික පංති, නිවස ආදිය අසල ගැවසෙන්න එපා.
9.   ඔබටත් ආත්ම ගෞරවයක් තිබෙන බව පෙන්වන්න. ඇගේ ආදරය ඉල්ලා සිඟමන් යදින්න එපා.
10. ඉවසීමෙන් සැනසීම ලැබේවි.

ඔන්න ඕව තමයි ඒකෙ තිබුන කාරණා. මේකට මමත් දෙයක් එකතු කරන්න කැමතියි. ඇයගේ සිතට ඔබ කවුද කියන එක ඒත්තු ගන්වන්න. වෙනත් කෙනෙක්ව අනුකරණය කරන්න යන්න එපා. ඔබටම අනන්‍ය වූ පෞරෂ්‍යත්වයක් ගොඩනගා ගන්න. නියම වෙලාව ආවිට ඇයට ඔබගේ අදහස පවසන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යාලුවනේ ඔයාලගෙ ආදරයට මල් දෙවැටෙන් සුභ පැතුම්.. !

(මල් දෙවැටේ අදහස් ඔබේ Facebook හා Twitter යහලුවන් සමග බෙදාගෙන අප සමග එකතුවන යහලුවන් පිරිස වැඩි කරගැනීමට අපට සහය වන්න)

අදත් මල් දෙවැට සමග එකතු උන යාලුවන්ට මුලින්ම මම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අලුත් අවුරුද්දෙ හාපුරා කියලා මං ලියන්න යන බ්ලොග් සටහන තමයි මේක. මේ සටහන තවම අපේ තනිකඩ, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අපේ සහෝදරයන්ට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. කියවලම බලන්නකෝ.

ඔයාලා අහලා ඇති ශරීර භාෂාව ගැන. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Body Language කියලා. අපි හැමෝම දන්නවා ශරීර භාෂාව පවතින බව. ඒත් එය හදුනාගන්න හැටි අපේ වැඩි පිරිසක් දන්නෙ නෑ. අද මං කියන්න යන්නෙ කොහොමද ගැහැණු ලමයෙක්ගෙ ශරීර භාෂාව අනුව එයා අපිට කැමතිද නැද්ද කියලා දැනගන්නේ කියලා. හැබැයි කියන්න ඕනෙ මේක දළ සටහනක් මිසක් විද්‍යාත්මක විශ්ලේෂණයක් නම් නෙවෙයි. මේකෙ තියෙන සමහර දේවල් මාත් සුන්දරව අත්වින්දා.

  • ·         ඇගේ ඇස් දිහා බලන්න. ඒ ලස්සන ඇස් හා ඒවායේ කණීනිකාවන් (කලු ඉංගිරියාවන්) විශාල වේ නම්, ඒ ඇය ඔබට කැමති බව හඟවන්නක්. තමන් කැමති දෙයක් දකිනකොට තමන්ගේ කලු ඉංගිරියාවන් විශාල වන බව විද්‍යාත්මක පිලිගත්තක්. (හැබැයි එයා දිහා බලනකොට නම් ඔයාලා ඇස් ලොකු කරලා බලන්න එපා. මොකද ඔයාට ඕනෙ නෑනෙ ඇය ඔයා ගැන වැරදි විදිහට හිතනවට)

  • ·         තද ඉරියව්වෙන් ඉන්න ඇගේ ශරීරය. ඇය ඉන්නෙ අත් නවාගෙන පසුපසට මදක් ඇලව ද? පහසු ඉරියව්වක් නැති තද ඉරියව්වෙන් නම් ඇය ඉන්නෙ, ඒකෙන් කියන්නෙ ඇය ඔබ සමග ඉන්නෙ අපහසුතාවකින්. මේ වගේ අවස්ථාවක කරන්න පුලුවන් හොඳම දේ තමයි ඇය කියන්න කලින් ඇයට තාවකාලිකව සමුදෙන එක.

  • ·         හරස් කරගත් දෙපා. ඔබ දෙදෙනා ඉඳගෙන සිටින විට ඇය ඔබ දෙසට හැරී ඇගේ දෙපා හරස් කරගෙන සිටිනවා නම් එයින් කියන්නේ ඈ ඔබෙන් ඉවත් වෙන්න උත්සහ කරන බවයි.

  • ·         ඇගේ දෙපතුල් බලන්න. මුහුනෙන් පුලුවන්නම් හැඟීම් ප්‍රකාශ කරන්න ඇයි දෙපතුල් බලින් බැරි? ඇගේ දෙපා වලින් දිගට හෝ හරහට ඉරි අදිනා සේ සිහින් සෙලවීමක් තිබෙනවා නම් එයින් පෙන්වන්නෙ ඇයට ඔබව අවශ්‍ය බව යි.  ඒත් ඇය ඇගේ කකුලකින් අනෙක් කලුලට තට්ටු කරනවා නම් ඒ ඈට කම්මැලිබව හඟවන්නයි. පැත්තට හෝ ඉදිරියට මදක් වේගයෙන් කකුල් චලනය වේ නම් එයින් කියන්නේ ඇගේ අදහස ඔබෙන් ඉවත් වීම බවයි.

  • ·         ඇගේ කොණ්ඩය දිහා බලන්න. ඇය ඇගේ කොණ්ඩය සෙමෙන් පද්දයි නම් ඈ ඔබව ඇගේ සිහින කුමරා කරගැනීමට සිතයි. ඒත් ඈ කොණ්ඩය කසයි නම්…. කණගාටුයි.

  • ·         ඈ ආදරයෙන් ඇගේ ශරීරය පිරිමදී නම් එය ධනාත්මක ලක්ෂණයක්. ඒත් කැසීම්, ඇදුම් හදා ගැනීම් වලින් කියන්නෙ සමුගත්තොත් හොඳයි කියන එක.

  • ·         හිසේ චලනයන්. ඇගේ හිස පැත්තකට ඇලව ඇගේ මුහුණේ සුමුදු බවක් දක්වයි නම්, සුභ පැතුම් ! ඔබ සාර්ථකයි. ඒත් රවා බලයි නම් ඒ සමුදෙන්න කාලයයි.

  • ·         ඉඟි සහ අභිනයන්. මේ දෙකම ඇය ඔබව ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කරන බවට දක්වන ධනාත්මක ලකුණු. මදක් ඉවසන්න, නියම අවස්ථාව පැමිණි විට ආදරය පවසන්න.

ඔන්න යාලුවනේ ඔයාලට ඉඟි කිහිපයක්. කෙල්ලෙක්ගෙ ආදරය ලබාගන්න මොන තරම් දුකක් විදින්න ඕනෙද කියලා මං දන්නවා. මේකෙන් ඔයාලට පොඩි හරි උදව්වක් දෙන්නයි මට ඕනෙ උනේ. අපේ තනිකඩ, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අපේ සහෝදරයන්ට සුභ පැතුම් !

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට