අදත් මල් දෙවැට සමග එකතු උන යාලුවන්ට මුලින්ම මම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අලුත් අවුරුද්දෙ හාපුරා කියලා මං ලියන්න යන බ්ලොග් සටහන තමයි මේක. මේ සටහන තවම අපේ තනිකඩ, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අපේ සහෝදරයන්ට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. කියවලම බලන්නකෝ.

ඔයාලා අහලා ඇති ශරීර භාෂාව ගැන. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Body Language කියලා. අපි හැමෝම දන්නවා ශරීර භාෂාව පවතින බව. ඒත් එය හදුනාගන්න හැටි අපේ වැඩි පිරිසක් දන්නෙ නෑ. අද මං කියන්න යන්නෙ කොහොමද ගැහැණු ලමයෙක්ගෙ ශරීර භාෂාව අනුව එයා අපිට කැමතිද නැද්ද කියලා දැනගන්නේ කියලා. හැබැයි කියන්න ඕනෙ මේක දළ සටහනක් මිසක් විද්‍යාත්මක විශ්ලේෂණයක් නම් නෙවෙයි. මේකෙ තියෙන සමහර දේවල් මාත් සුන්දරව අත්වින්දා.

  • ·         ඇගේ ඇස් දිහා බලන්න. ලස්සන ඇස් හා ඒවායේ කණීනිකාවන් (කලු ඉංගිරියාවන්) විශාල වේ නම්, ඇය ඔබට කැමති බව හඟවන්නක්. තමන් කැමති දෙයක් දකිනකොට තමන්ගේ කලු ඉංගිරියාවන් විශාල වන බව විද්‍යාත්මක පිලිගත්තක්. (හැබැයි එයා දිහා බලනකොට නම් ඔයාලා ඇස් ලොකු කරලා බලන්න එපා. මොකද ඔයාට ඕනෙ නෑනෙ ඇය ඔයා ගැන වැරදි විදිහට හිතනවට)

  • ·         තද ඉරියව්වෙන් ඉන්න ඇගේ ශරීරය. ඇය ඉන්නෙ අත් නවාගෙන පසුපසට මදක් ඇලව ? පහසු ඉරියව්වක් නැති තද ඉරියව්වෙන් නම් ඇය ඉන්නෙ, ඒකෙන් කියන්නෙ ඇය ඔබ සමග ඉන්නෙ අපහසුතාවකින්. මේ වගේ අවස්ථාවක කරන්න පුලුවන් හොඳම දේ තමයි ඇය කියන්න කලින් ඇයට තාවකාලිකව සමුදෙන එක.

  • ·         හරස් කරගත් දෙපා. ඔබ දෙදෙනා ඉඳගෙන සිටින විට ඇය ඔබ දෙසට හැරී ඇගේ දෙපා හරස් කරගෙන සිටිනවා නම් එයින් කියන්නේ ඔබෙන් ඉවත් වෙන්න උත්සහ කරන බවයි.

  • ·         ඇගේ දෙපතුල් බලන්න. මුහුනෙන් පුලුවන්නම් හැඟීම් ප්‍රකාශ කරන්න ඇයි දෙපතුල් බලින් බැරි? ඇගේ දෙපා වලින් දිගට හෝ හරහට ඉරි අදිනා සේ සිහින් සෙලවීමක් තිබෙනවා නම් එයින් පෙන්වන්නෙ ඇයට ඔබව අවශ්‍ය බව යි.  ඒත් ඇය ඇගේ කකුලකින් අනෙක් කලුලට තට්ටු කරනවා නම් ඒ ඈට කම්මැලිබව හඟවන්නයි. පැත්තට හෝ ඉදිරියට මදක් වේගයෙන් කකුල් චලනය වේ නම් එයින් කියන්නේ ඇගේ අදහස ඔබෙන් ඉවත් වීම බවයි.

  • ·         ඇගේ කොණ්ඩය දිහා බලන්න. ඇය ඇගේ කොණ්ඩය සෙමෙන් පද්දයි නම් ඔබව ඇගේ සිහින කුමරා කරගැනීමට සිතයි. ඒත් කොණ්ඩය කසයි නම්. කණගාටුයි.

  • ·         ආදරයෙන් ඇගේ ශරීරය පිරිමදී නම් එය ධනාත්මක ලක්ෂණයක්. ඒත් කැසීම්, ඇදුම් හදා ගැනීම් වලින් කියන්නෙ සමුගත්තොත් හොඳයි කියන එක.

  • ·         හිසේ චලනයන්. ඇගේ හිස පැත්තකට ඇලව ඇගේ මුහුණේ සුමුදු බවක් දක්වයි නම්, සුභ පැතුම් ! ඔබ සාර්ථකයි. ඒත් රවා බලයි නම් සමුදෙන්න කාලයයි.

  • ·         ඉඟි සහ අභිනයන්. මේ දෙකම ඇය ඔබව ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කරන බවට දක්වන ධනාත්මක ලකුණු. මදක් ඉවසන්න, නියම අවස්ථාව පැමිණි විට ආදරය පවසන්න.

ඔන්න යාලුවනේ ඔයාලට ඉඟි කිහිපයක්. කෙල්ලෙක්ගෙ ආදරය ලබාගන්න මොන තරම් දුකක් විදින්න ඕනෙද කියලා මං දන්නවා. මේකෙන් ඔයාලට පොඩි හරි උදව්වක් දෙන්නයි මට ඕනෙ උනේ. අපේ තනිකඩ, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අපේ සහෝදරයන්ට සුභ පැතුම් !