අද මල් දෙවැටෙන් කතා කරන්න යන්නෙ වෙනස්ම විදිහෙ දෙයක් ගැන. ඒ කියන්නෙ විවාහ උනාට පස්සෙ කාන්තාවකගේ භූමිකාව කොහොමද කියන එක.


විවාහ දිවියේ කාන්තාවගේ භූමිකාව ඉතා වැදගත් එකකි. අතීතයේ අපේ සමාජයේ කාන්තාවට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණේ ඉතා සුලු වශයෙනි.  ගෙට වී සිටින එදා තරුණිය වැඩි විය පැමිණි වහාම පෙළවහක් කරදීමට වැඩිහිටියෝ යුහුසුලු වූහ. එදා ගෙදර දොර වැඩ කටයුතු, ගොවිතැන් කිරීමේ කටයුතු ආදිය ගැන ඈ  දැනුමක් ලබා සිටියාය. විවාහයෙන් පසු දරුවන්ගෙත්, සැමියාගෙත් කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ ඇයට පැවරිණි.

නමුත් වත්මන් කාන්තාවගේ භූමිකාව හාත්පසින්ම වෙනස්ය. සංකීර්ණ, කාර්බහුල සමාජ රටාවක ජීවත් වන වර්තමාන කාන්තාව එඩිතරය. ශක්තිමත්ය. වර්තමාන පවුල් දිවියේ ආර්ථික බර ඉසිලීමට බොහෝ දුරට බිරිඳද සහයෝගය දිය යුතුව ඇත. බිරියක් හෝ සැමියෙක් වූ පමණින් සියලු දේම හරියයි සිතීම වැරදිය.

එමෙන්ම තරුණයෙක් හා තරුණියක් ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගැනීම පමණක්ම විවාහයට සෑහෙන්නේ නැත. වර්තමාන සමාජයේ තරුණ විවාහ වලින් හරි අඩක් පමණ අසාර්ථක වන බවට තොරතුරු තිබේ. උසාවිවල දික්කසාද නඩු සංඛdවද දිනෙන් දිනම වර්ධනයක් වනු දක්නට ඇත. දරුවන් ලැබුනු පසු සිදුවන දික්කසාද වලින් අඹුසැමියන්ට අමතරව අහිංසක දරුවෝද දුක් විඳිති.

තරුණ විවාහ අසාර්ථකත්වය ගැන බලන විට පෙනී යන්නේ තරුණ පිරිසේ දැනුවත්කම අඩු බවයි. තවද ප්‍රේම කළ කාලයට සමාන කාලයක් ගෙවීමට විවාහයෙන් පසුද උත්සහ කරන තරුණ අය සිටීමයි. බොළඳ ගති පැවතුම් විවාහ දිවිය අඩාල කිරීමට ප්‍රධාන හේතුවකි. තරුණියන්ගේ පැත්තෙන් බලනවිට ගෙදර දොරේ වැඩපල කිරීමට අකැමත්ත, ඉවුම් පිහුම් කටයුතු නොදැනීම, සැමියාගේ dතීන් කෙරෙහි අකැමැත්තක් දැක්වීම වැනි හේතුද තිබේ.

මෙවැනි හේතු නිසා වත්මන් කාන්තාව තම පවුල් දිවියේදී ඉවසිලිවන්ත ලෙස කටයුතු කිරීම වටී. ජීවත්වෙන හැම මොහොතක්ම සතුටින් දිවිගෙවීමට සෑම විවාහකයෙක්ම මුල සිටම අදිටන් කරගත යුතුය.