කොහොමද යාලුවනේ… ඔන්න අදත් මල් දෙවැටෙන් කියන්න යන්නෙ පුංචි කථාවක් ගැන. හැබැයි මේක ආදරයෙන් බැඳී සිටි සමනළයින් දෙදෙනෙකු ගැන කියවෙන පුංචි ආදර කථාවක්. බලන්නකො මනඃකල්පිත සමනළ කතාවක් උනත් මොන තරම් තේරුමක් තියෙනවද කියලා.

ඔන්න එකමත් එක රටක පුංචි සමනළ ජෝඩුවක් හිටියා. දිනක් කෙළිදෙලින් පසුවූ මේ සමනළයින් දෙන්නා හැංගිමුත්තන් සෙල්ලම කරන්න තීරණය කළා.

සමනළයා : අපි කරමු පුංචි සෙල්ලමක්?

සමනළිය : හා

වටපිට බලපු සමනළයා මේ පුංචි සමනළීට මලක් පෙන්නලා මෙහෙම කියනවා.

සමනළයා : හෙට උදෙන්ම මේ මල ඇතුළත ඉඳගන්න කෙනා තමයි අනිත් කෙනාට වැඩියෙන් ආදරය කරන්නෙ. 

සමනළිය : හොඳයි මම කැමතියි.

පසුදා හිමිදිරි උදයේ මල අසලට ඇවිත් සමනළියට කළින් එහි ඉඳගන්න මල පිපෙනකල් බලන් හිටියා. අන්තිමට මල පිපුණා.

සමනළයා දුටුවේ සමනළිය මල ඇතුළත මිය ගොස් සිටින අයුරුයි. මුලු රාත්රිය පුරාම සමනළිය මල ඇතුළට වෙලා හිටියා. මොකද උදේම මල පිපුණාම සමනළයා ළඟට දුවලා ගිහින් ඔහුට ඇය කොයිතරම් ආදරේ දැයි පෙන්වන්න.

ඇය කොයිතරම් ඔහුට ආදරේ ද කියා පෙන්වන්නට ජීවිතය පවා කැපකළා. මේ තමයි සත්ය ආදරය. ජීවිතය කියන්නේ මේ ආදරයටයි.