ඊයෙ ගෙදර එනකොට රෑ 8.30 විතර ඇති. ඇවිත් වෙනදා වගේම මගේ පුංචි පෙම්වතීට SMS එකක් යවන්න ඕනෙ කියලා හිතුනා. මං SMS එක යවනකොටම එයත් මට SMS එකක් එවලා, හරියටම එකම වෙලාවෙ දෙන්නම SMS කරන එකත් දැන් අපිට පුරුදු දෙයක්. ඒ අපිට අපිව හැම වෙලාවෙම මතක් වෙන නිසා වෙන්නැති.

මෙන්න මගේ පුංචි පෙම්වතීගෙ අදහස්. මෙන්න මේකයි එයා මට එවපු SMS එක.
ආදරය ජීවිතයට ලැබෙන වටිනාම තෑග්ග. ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න පුලුවන් වුනත් වෙන කිසිම දෙයක් වෙනුවෙන් ආදරය කැප කරන්න කවදාවත්ම බෑ. මං හිතන විදිහට ආදරේ කරන දෙන්නෙක්ගෙ ලෝකෙ ගොඩක් පුංචියි. මොකද ඒ ලෝකෙ ඉන්නෙ එයාලා දෙන්නා විතරක්ම නිසා. ඒ ආදරේට මං ගොඩක් ආදරෙයි.
ඇත්තටම මටත් හිතෙන විදිහට එයා කියන දේ හරි. මොන තරම් යාලුවො හිටියත් අපි දෙන්නගෙ ලෝකෙ ඒ කිසිම කෙනෙකුට ඉඩක් නෑ. දෙන්නා කතා කරන දේවල් මොන තරම් පරණ උනත්, කතා කරනකොට ඒවා අලුත්ම අලුත් නැවුම් දේවල්. මේ නිසා වෙන්නැති පෙම්වතුන් එයාලගෙ ලෝක වලම තනි වෙන්න කැමති.
කොහොම උනත් තමන්ගෙ ලෝකවල තනි උනාම මොන දේ කලත් බාහිර ලෝකෙකුත් තියෙනවා කියලා හිතලා කටයුතු කරනව නම් තමයි කාගෙ කාගෙත් ඇඟට ගුණ.