බොහොම කාලෙකින් තමයි ඔයාලව හමුවීමට ආවේ. අද මල් දෙවැටෙන් ඔයාලට කියන්න යන්නේ රැකියා ජීවිතයට සාර්ථකත්වය ළඟා කරගන්න අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කීපයක්. මට මේක ආවේ Email එකකින්. මං ඒක සිංහලයට පරිවර්ථනය කළා. කියවලාම බලන්නකෝ.

අන් අය සමග සිටින විට අසුභවාදී කතා කියන්න එපා. ඒ වගේම ඕපාදූප කතා කරන්නත් එපා. එවිට අන් අයගේ ඔබ කෙරෙහි ඇති විශ්වාසය පලුදු වේවි.

ඔබගේ බලයට අභියෝගයක් වන අයෙක් සමඟ නිතරම වැඩ කරන්න. එලෙස ඔබ අවුරුද්දක් තුළ ඉගෙන ගන්නා දේ, ඔබ පාසලක අවුරුදු 4ක් ඉගෙන ගන්නා දේට වඩා වැදගත් වේවි.

සාර්ථක ස්වාමියකු තුළ හැමවිටම හොඳ සන්නිවේදනයක් තිබේ. ඔවුන් තමන් ළඟ වැඩකරන සේවකයන් තුලින් පවා ඉගෙන ගනී.

ඔබට තිබෙන රැකියාවට ගැලපෙන පරිදි නොව ඔබට අවශ්‍ය කරන රැකියාවට ගැලපෙන පරිදි අදින්න. ඔබගේ ඇඳුම තුළින් වෘත්තීය භාවය පිළිබිඹු වීමට ඉඩ දෙන්න.

බොරු නොකියන්න. ඔබගේ වැරදි වලට සමාවදීමය ස්වාමියාට හැකියි. ඒත් බොරු කීමෙන් ඔබට රැකියාවත් අහිමි වීමට පුලුවන් බව මතක තබා ගන්න.

වේලාවට පැමිණීමට සිහි තබාගන්න. හැකි නම් විනාඩි කීපයකට කලින් පැමිණෙන්න. එවිට ඔබට ආතතිය පාලනය කර ගැනීමට හැකිවේවි.

හැමවැඩකටම නිමා කිරීමට දිනයක් යොදාගන්න. වේලාවට නිමාකිරීමට නොහැකි නම් කල් තබා තවත් කාලය ඉල්ලා ගන්න.

අන් අයගේ විවේචන තම පෞද්ගලිකත්වයට ඈඳා ගන්න එපා. හැම විටකම තම උපරිමය දීමට උත්සහ කරන්න. ඔබට කෙනෙකුව විවේචනය කිරීමට අවශ්‍ය නම් ඔහු හා එම විවේචනය පෞද්ගලිකව කරන්න. අන් අය ඉදිරියේ කෙනෙකුව විවේචනය කරන්න යන්න එපා.

හැමදාම ස්වල්ප මොහොතක් තනිවම ගත කරන්න. තමන්ගේ අරමූණු, එය ළඟා කරගන්නේ කෙසේද යන්න ගැන හිතන්න. හැමවිටම සැලසුම් දෙකක් සිහි තබා ගන්න. එකක් වැරදුනොත් අනෙත් සැලැස්ම ක්‍රියාවට නංවන්න.

ඔන්න ඔය ටික තමයි ඒකේ තිබුනේ. රැකියා ස්ථානයේ සාර්ථකත්වයට මේ ටික බොහෝ දුරට බලපාවී. කොහොම උනත් රැකියාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ කෙරෙහි ඇති කැපවීම හා ආලය නිසා බව අපේ මල් දෙවැටේ යාලුවෝ සිහිතබා ගන්න.