ඔන්න කාලෙකට පස්සේ අදත් මං මල් දෙවැටෙන් ඔයාලත් එක්ක එකතු වෙන්නෙ තවත් ආදර කතාවක් ගැන කියන්න. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ මල් දෙවැටේ තමන්ගේ ආදරේ කියාගන්න බැරිව තනිකඩව ඉන්න යහලු යෙහෙලියන්ටයි. මං එහෙම කියන්නෙ ඇයි කියලා ඔයාලට තේරෙයි මේක කියෙව්වම.


මේ කතාවේ චරිත දෙක වෙන්නේ ඩැනියෙල් හා ජෙස්මින් කියන දෙදෙනා. ඔන්න එක දිනක් රෑ මේ දෙන්නා උද්‍යානයක ගසක් යට වාඩිවෙලා ඉන්නකොට ඩැනියෙල් මෙහෙම කියනවා.

ඩැනියෙල් : අපි දෙන්නා නම් කිසිම වැඩකට නැති දෙන්නෙක්.
ජෙස්මින් : මමත් හිතන්නේ. අපි දෙන්නට ඇරෙන්න අනිත් හැමෝටම තමන්ගේ ජීවිතේ බෙදාගන්න කවුරුහරි ඉන්නවා.
ඩැනියෙල් : අනේ මන්දා. මටත් තේරෙන්නේ නෑ.
ජෙස්මින් : මම නම් දන්නවා කරන්න ඕන දේ. අපි සෙල්ලමක් කරමුද?
ඩැනියෙල් : මොන විදිහේ සෙල්ලමක්ද?
ජෙස්මින් : මම දවස් 30කට මම ඔයාගේ පෙම්වතිය වෙන්නම්, ඔයා මගේ පෙම්වතා වෙන්න.
ඩැනියෙල් : හොඳ අදහස. මටත් ලබන මාසෙම වගේ වැඩි වැඩක් නෑ.

ඔන්න ඔහොම කතා වෙලා මේ දෙන්නා එදා එකිනෙකාගෙන් සමු ගත්තා.

1 වන දිනය
එයාලා මුල්ම වතාවට එකතු වෙලා ආදරය තේමා උන චිත්‍රපටයක් රස වින්දා.

4 වන දිනය
මුහුදු වෙරළට චාරිකාවක් ගියා. දවසම මුහුදු වෙරලේ සතුටින් ගත කලා.

12 වන දිනය
සර්කස් සංදර්ශනයක් බලන්න යන්න ඩැනියෙල් ජෙස්මින්ට ආරාධනා කලා. එහි තිබුණු හොල්මන් ගුහාවකදී බය උනු ජෙස්මින් වැරදීමකින් ඩැනියෙල් කියා සිතා වෙනත් අයෙකුගේ අත අල්ලා තිබුනා. මේ සිදුවීම මතක් කරමින් මේ දෙන්නා ඇති තරම් විනෝද වුනා.

15 වන දිනය
මේ දෙන්නා පාරේ සාස්තර කියමින් යන කෙනෙක් හමු උනා. මෙයාලත් නිකමට වගේ සාස්තරයක් ඇහුවා. “දරුවනි, ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. දෙන්නා එකතු වෙලා පුලුවන් තරම් සතුටින් ඉන්න බලන්න.” සාස්තර කරු කීවේ නොදැනීම ඔහුගේ ඇසට කඳුලක් නංවමින්.

20 වන දිනය
කඳුකර පෙදෙසක සවාරියක් යාමට ජෙස්මින් ඩැනියෙල්ට ආරාධනා කලා. ඒ ගමනේදී කඩා වැටෙන තරුවක් ජෙස්මින්ට දකින්න ලැබුනා. ඈ ඒ දෙස බලාගෙන තමාටම යමක් මුමුනා ගත්තා.

28 වන දිනය
මේ දෙන්නා කැඩුණු පාරක බස් රථයකින් ගමන් කරමින් හිටියා. එකවරම හදිසි ගැස්සීමක් නිසා අත්වැරදීමකින් ජෙස්මින් ඩැනියෙල්ට මුල්ම හාදුව දුන්නා.

29 වන දිනය
වේලාව පස්වරු 11.37
දැන් මේ දෙන්නා මේ ආදර සෙල්ලම පටන් ගත්ත උද්‍යානයේ ගසක් යට වාඩිවෙලා ඉන්නවා.
ඩැනියෙල් : මට හරිම මහන්සියි ජෙස්මින්. මං පාරට ගිහින් ඔයාටත් එක්ක බොන්න මොනවා හරි ගේන්නද?
ජෙස්මින් : හා. මට ඇපල් ජූස් එකක් තිබුනාම හොඳටම ඇති.
ඩැනියෙල් : හරි. මං එනකම් ඔහොම ඉන්නකෝ.

(විනාඩි 20කට පසුව) අමුත්තෙක් ජෙස්මින් ළඟට එනවා.
අමුත්තා : ඔයා ඩැනියෙල්ගේ යාලුවෙක්ද?
ජෙස්මින් : ඔව්. ඇයි?
අමුත්තා : බීපු මිනිහෙක් ඩැනියෙල්ව හප්පගෙන ගිහින්. දැන් එයා ඉස්පිරිතාලේ.

වේලාව පස්වරු 11.57
හදිසි අනතුරු අංශයේ සිට එලියට පැමිණි දොස්තර මෙහෙමෙ කියලා ජෙස්මින් වෙත ඇපල් ජූස් බෝතලයක් හා ලියුමක් දුන්නා. “අපිට ඩැනියෙල්ගේ සාක්කුවේ තිබිලා මේක හම්බුණා.”

ජෙස්මින් ලියුම කියවන්න ගත්තා. ඒකෙ තිබුනේ මෙහෙමයි.

“ජෙස්මින්, පසුගිය කාලේ මට තේරුණා ඔයා මොන තරම් සුන්දර කෙල්ලෙක්ද කියලා සහ මම ඔයාට කැමතියි කියලා. මේ සෙල්ලම කරද්දී මම දැකපු ඔයාගේ හුරතල් හිනාව වගේම හැම දේකටම මම කැමතියි. මේ සෙල්ලම ඉවර වෙන්න කලින් ඔයා ජීවිත කාලයටම මගේ පෙම්වතී වෙනවා නම් මම කැමතියි.
මම ඔයාට ගොඩක් ආදරෙයි ජෙස්මින්…!”

ජෙස්මින් ඒ ලියුම ගුලි කරලා මෙහෙම කෑගැහුවා.
“අනේ ඩැනියෙල් මට ඔයාව නැති කරගන්න බෑ. මමත් ඔයාට ආදරෙයි. ඔයාට මතකද අපි උල්කාපාතයක් දැකපු රෑ මම දෙයක් මිමිනුවා… මං ඒ මිමිනුවේ මේ සෙල්ලම කවදාවත් ඉවර නොවී හැමදාටම තියෙන්න කියලයි. අනේ මාව දාලා යන්න එපා… මං ඔයාට ආදරෙයි. මේ පාර ඔයාට බෑ මට එහෙම දෙයක් කරන්න…”

ඒ වෙද්දිම හරියට රෑ 12 උනා. එහෙමම ඩැනියෙල්ගේ හද ගැස්මත් නැවතුනා…

ඒ වෙද්දි හරියටම සෙල්ලමට දින 30 යි.

ටිකක් දිග, ලස්සන ඒත් දුක්බර ආදර කතාවක් නේද යාලුවනේ? මේකෙන් අපේ මල් දෙවැටෙ යාලුවො ගන්න ඕන ආදර්ශය තමයි තමන්ගේ හිතේ තියෙන ආදරයක් අඟවන්න පරක්කු වෙන්න හොඳ නැති බව. මොකද කියනවනම් කාලය අපි හිතනවට වඩා කෙටියි. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුලුවන්.

මේ සටහන ඔයාලගේ Facebook හා Twitter යාලුවන් සමග බෙදාගෙන අපේ පාඨකයන් පිරිස වැඩිකර ගැනීමට සහය වන්න.

අද මට හිතුනා මල් දෙවැටට අලුත් ලිපි කාණ්ඩයක් එක් කරන්න ඕනේ කියලා. මේ කාණ්ඬයෙන් මං බලාපොරොත්තු වෙන්නේ හාස්‍ය රසයෙන් පිරුණ ආදරයට ඒත් ආදරය හා ජීවිත අත්දැකීම් ගැන විස්තර කෙරෙන ලිපි කිහිපයක් ඔයාලට ගෙන එන්න.

අද ඉදිරිපත් කරන්නේ කවියක්. මේකෙන් කියවෙන්නේ තරුණ කාලේ ආදරය ගැන කුතුහලයෙන් පිරුණු ළමයෙක් එයාගේ අම්මගෙන් ඒ ගැන විමසන අයුරුයි. ඔන්න හැබැයි මේ කවිය නම් මං හදපු කවියක් නෙවෙයි. කියවලම බලන්නකෝ.

මොනවද අම්මේ අකුරු ජාතියක්
අක්කගේ කොපි කොළ වල ලියලා
කවුරුද අම්මේ ඒවා ලියන්නේ
ආදරයෙන් අමතමි කියලා

පුතා දන්නේ නෑ යෞවන කාලෙට
කෙල්ලො කොල්ලො හරි වැඩ කරති
හමුවන අය පෙම් කතා කියද්දී
බැරි අය කොපි කොළ වල ලියති

එහෙ බැලුවත් පෙම් මෙහෙ බැලුවත් පෙම්
මට නැහැ මොකවත් තේරෙන්නේ
තැපෑලෙනුත් නොව වෙන කෙනෙකුත් නොව
කවුරුද ඒවා ගෙන යන්නේ

පාසල් යනකොට ආපසු එනකකොට
මග තොටදියි මෙය සිදුවන්නේ
අක්කා දෙන එක අක්කට දෙන එක
පොත් ඇතුලෙයි වැඩිපුර යන්නේ

අක්කා විතරද අක්කට විතරද
මේ කොපි කොළ ගන්නේ දෙන්නේ
පාසල ඇතුලෙදි මේවා කෙරෙන බව
එහි ගුරුවරු නැතිවද දන්නේ

නැත මගෙ සූකිරි පුංචි පුතේ නැහැ
කවුරුත් ඔහොමයි තරුණ වියේ
ගුරුවරු නිතරම සෙව්වත් ඔය ගැන
ඕවා කෙරෙන්නේ හොර රහසේ

ඔන්න එක මිනිසෙක් ගියා දුරකතන කුටියකට ඇමතුමක් ලබා ගැනීමට. ඒ කුටිය තිබුණේ එක්තරා වෙළඳසැලක කවුන්ටරයක් අසල. කවුන්ටරයේ හිටපු මුදල් අයකැමි මේ පුද්ගලයාගේ කතාවට සවන් දී ගෙන හිටියා.

මිනිසා : නෝනා, තණකොළ කපන රස්සාව මට දෙන්න පුලුවන්ද?
ගැහැණිය : (ඇමතුමේ අනෙක් පසින්) අපිට තණකොළ කපන කෙනෙක් ඉන්නවා.
මිනිසා : මට පුලුවන් ඒ කෙනා කපන මුදලින් භාගයකට මේ වැඩේ කරලා දෙන්න.
ගැහැණිය : අපේ ගෙදර තණකොළ කපන්න එන කෙනාගේ වැඩ ගැන මං සෑහීමට පත් වෙනවා. ඒ නිසා ඕන නෑ.
මිනිසා : (තවත් උනන්දුවෙන්) නෝනා මං නොමිලයේම ගේත් අතුගාලා දෙන්නම්.
ගැහැණිය : කණගාටුයි. අවශ්‍ය නෑ.
හිනාවක් එක්ක මේ පුද්ගලයා රිසීවරය පැත්තකින් තැබුවා. මේ කතාවට කන් දීගෙන හිටපු කඩේ අයකැමියා මේ පුද්ගලයා වෙතට ආවා.
අයකැමියා : යාලුවා, මං ඔයාගේ ධනාත්මක ආකල්පයට කැමතියි. මට පුලුවන් ඔයාට මේ කඩේ රැකියාවක් දෙන්න.
මිනිසා : ස්තුතියි. ඒත් ඕනෙ නෑ.              
අයකැමියා : ඒත් ඔයා රස්සාවක් ලබාගන්න ඉතා උනන්දුවෙන් ඉන්න බව පේනවා.
මිනිසා : නෑ මහත්තයා. මං මගේ රස්සාවෙ තත්ත්වය හා ගුණාත්මක බව හොයලා බැලුවෙ. දැන් මම කතා කරපු ගෙදර නෝනගේ තණකොළ කපන්නා තමයි මම.
මෙන්න මේකට තමයි කියන්නේ “ස්ව්‍යං ඇගයීම” කියලා.
අපේ මල් දෙවැටෙ යාලුවො මොකද හිතන්නේ මේ ගැන? ඔයාලා දන්නවද සිහිනය හා අරමුණ අතර වෙනස? සිහිනයකට අවශ්‍ය නිහඬ නින්දක්. ඒත් අරමුණකට අවශ්‍ය නොනිදන උත්සහයක්.

ඒ උනාට ගොඩක් අය කියන්නේ විවාහ වෙලා ටික දවසක් යනකොට මේ වචන හොයාගන්නවත් නෑ කියලා. නමුත් මුල් කාලයේ ආදරණීය වචන යලිත් තමන්ට ඇහෙනවානම් කැමති හැඟීමක් හිතට දැනෙනෙවා. ඒත් අපි අනෙක් කෙනාගේ හිතටත් ඒ ආසාවම ඇති කියලා හිතන්නේ නෑ නේද?

මෙතනදි විශේෂයෙන්ම කාන්තාවන් කියන කතාවක් තමයි දැන් අපිට ලොකු මහත් වෙච්ච දරුවොත් ඉන්න එකේ තරුණ කාලේ කතා කරපු ව්දිහට කතා කරන්න පුලුවන්ද කියලා. ඒත් ඒක නම් සම්පූර්ණ වැරදි මතයක්. මොකද ඒ කාලේ ආදරෙන් ඉඳලා විවාහ උන නිසයි අද ලොකු දරුමල්ලෝ ඉන්නේ. ඒත් ඒ කාලේ ඇල් මැරුණු විදිහට ආදරය පටන් ගත්තා නම් විවාහයක් නොවී ඉන්නත් ඉඩ තිබුණා නේද? ඒ ආදරණීය ගතියට ආදරය කරපු නිසා තමයි නේද ඔයා ඔහු හෝ ඇයව තමාගෙම කරගත්තේ?


විවාහ උනා කියලා ඒ ආදරණීය හැසිරීම් ආදරණීය වචන ඔබෙන් දුරස් වෙනවට අනිත් කෙනා කොහොමත් කැමති නෑ. ඒක නිසා විවාහයෙන් පසුවත් ඒ විදිහටම පොඩි පොඩි විහිලු, ආදරණීය කතා පවත්වාගෙන යන්න පුලුවන්නම් විවාහ දිවිය වඩාත් සුන්දර වේවි.
මේ ලිපිය කියවා ඔයාලගේ අදහසුත් මේකට එකතු කරන්න. ඔයාලගේ Facebook, Twitter යහලුවන් සමගත් මේ ලිපිය Share කරගෙන මල් දෙවැට සමග එකතුවන් අපේ යාලුවන් පිරිස වැඩි කරගැනීමට සහය දක්වන්න.

අද මල් දෙවැටෙ අපි කතා කරන මාතෘකාව තමයි අපි කොහොමද අපිට හරියන ගැහැණු ළමයෙක් ඒ කියන්නේ කෙල්ලෙක් හොයා ගන්නේ කියන එක. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය මගේ අදහසක් නොවන බව. මට Email එකකින් තමයි මේ ලිපිය ලැබුනේ. මේක වැදගත් කියලා හිතුන නිසා මං අපේ මල් දෙවැටෙ යාලුවොත් එක්ක මේක බෙදා ගන්නවා.


සමහරු නිවැරදි ගැහැණු ළමයෙක් හොයා ගන්න හැටි හරියට නොදැන අමාරුවේ වැටෙනවා. දුක් වෙනවා. හැබැයි මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. දෑනට ඔයාලා ආදරය කරන ගැහැණු ළමයෙක් ඉන්නවානම් චුට්ටක් මේවා තියනවාද කියලා බලන්න. මේක කියවලා සමහරුන්ට නම් කේන්ති යයි. සමහරු කියයි මොන මෝඩ කතාවක්ද කියලා. නමුත් ඔයාලා තව අවුරුදු 20ක්, 30ක්, 50ක් එකට ජීවත් වෙන්න යන්න හිතන් ඉන්න කෙනාගේ මේවා තියනවද කියලා හිතලා බෑලුවට මම නම් කියන්නේ පාඩුවක් වෙන්නේ නෑ. දෑනට කෙල්ලෙක් නෑති කට්ටිය ඉන්නවානම් කෙල්ලෙක් හොයා ගනිද්දි මේවා තියනවද කියලා බලන්න. මේකට කියන්නේ ABCDEF ක්‍රමය කියලා.

·         වයස (Age) - සාමාන්‍යයෙන් කොල්ලට වඩා කෙල්ල බාල වෙන්න ඕනා කියලා තමයි පිලිගැනිම. ඒක අවුරුදු 1ක්, 2ක්, 5ක්, 10ක් වෙන්න පුලුවන්. හැබැයි කෙල්ල වැඩිමල් වුනොත් වෙන වෙන ගැටලු වෙනවා කියලා විතරක් කියන්නම්.

·         ලස්සන (Beauty) - සමහරු කැමති කෙල්ල ඉටි රුපේ වගේ ඉන්නවානම්. හැබැයි කෙල්ල පාරේ එක්ක යන්න පුලුවන් ලස්සනට ඉන්නවානම් ඒක ඇති.

·         චරිතය (Character) - මුලින් කිවුව දෙකයි මේකයි තමා වඩා වෑදගත් වෙන්නේ. කෙල්ලෙක්ගේ චරිතය හරි නැත්නම් බෑදලා වෑඩක් වෙයිද කියලා හිතලා බලන්න

·         දෑවෑද්ද (Dowry) - අනේ සුදු මට ඔයා ව්තරක් ඈති කියලා කෙල්ලගේ ගෙදරින් ගෙයක් එහෙම දුන්නොත් ගන්නෙ නැති කොල්ලෙක් ඉන්නවානම් එයාට මේක අදාල නෑ.

·         අධ්‍යාපනය (Education) - කෙල්ලෙක්ට උපාධි කොච්චර තිබ්බත් ජීවත් වෙන්න ඉගෙන ගෙන නැත්නම් එයාගෙන් ඈති දේ මොකක්ද?

·         පවුල (Family) - කෙල්ලගේ පවුල ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරයො කොහොමද කියන එක.

මේක කියවලා අපේ යාලුවෝ හිත නරක් කර ගන්න එපා. හැබැයි මේ කතාව වරදින්නත් කොහොමටත් විදියක් නෑ. අපේ මල් දෙවැටේ යාලුවොන්ගෙන් මේක ගෑන අදහස් ලැබෙනවනම් සතුටු වෙනවා.

අද මල් දෙවැටෙ මාතෘකාව තමයි අපි කොහොමද වෙනස් විදිහට හිතන්නෙ කියන එකයි. මේක කතන්දරයක්. කියවලම බලන්නකො.

ඔන්න දරුණු ලෙස අසනීප උන මිනිසුන් දෙදෙනෙක් ඉස්පිරිතාලෙ එකම කාමරයක හිටියා. මෙතනින් එක මිනිසෙක්ට පෙනහලු වලින් දියර පෙරීම සඳහා පැයක් පමණ ඉඳගෙන සිටීමට සිදු වුනා. ඔහුගෙ ඇඳ තිබුනෙ කාමරේ තිබුන එකම ජනේලය ළඟ. අනිත් මිනිසාට සිදු උනේ මුලු දවසම ඇදේ නිදාගෙනෙ සිටීමටයි.
මේ දෙදෙනා හඳුනාගෙන එයාලාගෙ පවුල්, ගෙවල්, රැකියාවල්, හමුදාවෙ අත්දැකීම් ආදිය ගැන කතා කරන්න ගත්තා. හැම දවාලකම ජනේලය ළඟ සිටි කෙනා ඇදේ ඉඳගෙන පිටත සිදුවන දේ ගැන අනෙකාට මෙහෙම විස්තර කරනවා.
“ජනේලෙන් පිටත තියෙන්නෙ කලපුවක් සහිත උද්‍යානයක්. තාරාවෝ සහ හංසයෝ පීනා යනවා. කුඩා ළමයි ඒකේ බෝට්ටු හදලා පා කරනවා. තරුණ පෙම්වතුන් අත් අල්ලාගෙන මල් ගස් අතරින් ඇවිද යනවා.” ඇඳේ සිටි කෙනාට නැගී සිටීමට නොහැකි නිසා ඒ පිළිබඳ ච්ත්ත රූප මවා ගත්තා.
එක් දිනක් දවාලේ පොඩි පෙරහැරක් ගියා. ඇඳේ සිටි කෙනාට බෙර හඬ අහුනෙ නැතත් ඔහු අනෙකාගේ වචන වලින් අලංකාර චිත්‍රයක් මවා ගත්තා. මෙහෙම දින, සති, මාස ගෙවී ගියා.
දිනක් උදෑසන සාත්තු සේවිකාව ඔවුන්ව නාවන්න වතුර ගෙන එන විට ඇයට හමු උනේ ජනේලය ළඟ සිටි කෙනාගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි. ඔහු නිදි යහනේදීම මිය ගොස් තිබුණා. ඇයත් ගොඩක් දුක් උනා. රෝහල් සේවකයින්ට සිරුර රැගෙන යන ලෙස ඇය දැන්වුවා.
ජනේලය අසල සිටි මිනිසා මැරුණු පසු, ජනේලය ළඟ ඇඳට මාරු වීමට අනෙකා හෙදියගෙන් ඇසුවා. ඈ සෙමින් හා පරෙස්සමින් ඔහුව ඒ ඇඳ වෙත රැගෙන ගියා. ජනේලයට පිටතින් තිබුනේ වැසුණු බිත්තියක්. ඔහු හෙදියට ඔහුගේ මියැදුනු සගයා විස්තර කළ අලංකාර උද්‍යානය ගැන කීවා.
හෙදිය සිනා සී මෙසේ කීවා. “එයාට උද්‍යානයක් තියා මේ බිත්තියවත් පේන්නේ නෑ. මොකද එයා අන්ධ කෙනෙක්. සමහර විට එයා එසේ කියන්න ඇත්තේ ඔයාගේ මනස සැහල්ලු කරන්න වෙන්නැති.”
මේ කතාවන් අපේ මල් දෙවැටෙ යාලුවෝ ගන්න ඕන ආදර්ශය තමයි අන් අයව සතුටු කිරීම තුළින් තමන්ටත් අධ්‍යාත්මික සතුටක් ලබන්න පුලුවන් කියන එකයි. දුක බෙදා ගැනීම තුළින් දුක අඩකින් අඩු වෙනවා කියලා කතාවක් තියෙනවනෙ. ඒ වගේම තමයි සතුට බෙදාගත්තම ඒ සතුට දෙගුණ වෙනවා.

මම පසුගිය සුමානෙ ඔයාලට කියලා දුන්නනෙ කෙනෙක් අපිට කැමතිද කියලා කොහොමද හොයාගන්නෙ කොහොමද කියලා. අපි හිතමු ඔයා කෙනෙක් ගැන උනන්දුයි කියලා. ඒත් ඒ බව එයාට අඟවන්න ඕනනේ. අද මල් දෙවැටෙන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඔබ කෙනෙකු ගැන උනන්දු බව අඟවන්නේ කොහොමද කියලයි.


මේකට ඉතින් මූලිකවම තියෙන්න ඕනෙ එක දෙයයි. ඒක තමයි කෙනෙකු ගැන හිතේ තියෙන ආකර්ෂණය හා ඒක එයාට අඟවන්න ඕනේ කියලා හිතේ තියෙන කැමැත්ත. දැන් අපි බලමු ඒක කරන්න තියෙන්නේ කොහොමද කියලා.

1.   එකිනෙකා හමුවීමට අවස්ථාවන් සලසාගන්න. උදාහරණයක් විදිහට කියනවනම් ඔහු හෝ ඇය එනකන් ශාලාවක දොරකඩ රහසිගතව සිටීම, දහවල් ආහාර ගන්නා විට ඔහු හෝ ඇය ළඟින්ම සිටීම වගේ දේවල්.
2.   ඇසට ඇස හසුකරගන්න උත්සහ කරන්න. එසේ වූ විට සිනහ වෙන්න.
3.   ඔහු හෝ ඇය පසුකරගෙන යන අවස්ථාවකදී ඔහුට හෝ ඇයට කොහොමද කියා සුභ පතන්න.
4.   ඔහුගේ හෝ ඇයගේ යහලු යෙහෙලියන් සමග මිත්‍රත්වයක් ගොඩනගා ගන්න.
5.   ඔබ දෙදෙනා එකම පංතියකට යනවනම් ඒ අදාල විෂය පිළිබඳ ප්‍රශ්න කිහිපයක් අසන්න.
6.   ඔහු හෝ ඇය කැමති කිසියම් මාතෘකාවක් සොයා බලන්න. පසුව ඒ ගැන සංවාදයකට මුල පුරන්න.
7.   ඔහු හෝ ඇය ඔබ සමග කතා කරකර සිටීමට කැමැත්තක් දක්වන්නේද කියා අසන්න.

සැලකිය යුතුයි

·         සාමන්‍යයෙන් ඔබත් මම වගේ නම් ඉහත පියවරයන්ගෙන් පුලුවන් ඔබ ඔහුට හෝ ඇයට කැමති බව අඟවන්න. හැබැයි මේ පියවරයන් ක්‍රමානුකූලව කරන්න ඕනේ.
·         ඔහු හෝ ඇය ඔබට දක්වන ප්‍රතිචාරය අසුභවාදී නම් කළකිරෙන්න එපා. ඔබට සුදුසු යයි සිතෙන හොඳම දේ කරන්න.

ඔන්න එහෙනම් අපේ මල් දෙවැටේ තනිකඩ යහලු යෙහෙලියනේ ඔයාලගෙ හිතේ කා ගැන හරි අදහසක් තියෙනවනම් ඒක ආදරයකට පෙරළාගන්න පසුගිය සතියෙ වගේම මේ සතියෙත් ඔයාලට මල් දෙවැටෙන් සුභ පැතුම් පිරිනමනවා.. !

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට