ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් මං ඔයාලව හමුවෙන්න ආවා. මගේ කාර්‍ය්බහුලත්වය නිසාම මල් දෙවැටෙ යාලුවොත් එක්ක එකතු වෙන්න නොහැකි වීම ගැන මං මුලින්ම සමාව ඉල්ලනවා. අදත් කියන්න යන්නෙ කථාවක්. මේක මට උන දෙයක් නෙවෙයි. ඒත් කතාව කියන්නෙ වෙන කෙනෙක්. මං එයා කියන විදිහට තමයි කතාව ගොඩනගන්නෙ. මේකයි කතාව.
මං කඩේ ඇතුලෙ ඇවිද ඇවිද ඉන්නකොට මං දැක්කා කඩේ cashier, එතන හිටපු පිරිමි ළමයට ආයෙත් සල්ලි දෙනවා. ඒ ළමයගෙ වයස අවුරුදු 8කට වැඩි වන්න බෑ. Cashier කිව්වා ඒ බෝනික්කාව ගන්න සල්ලි මදි කියලා. එතකොට ඒ ළමයා එතන හිටපු කාන්තාවකගෙන් ඇහුවා cashier කියන්නෙ ඇත්තද කියලා. ඇය ඔව් කිව්වා.
ඇය ඒ ළමයට ඉන්න කියලා ඊට වඩා ගාන අඩු බෝනික්කෙක්ව හොයන්න ගියා. ළමයා අර බෝනික්කව තියාගෙන තාමත් එතන ඉන්නවා. මං ඔහු ළඟට කිට්ටු වෙලා ඇහුවා බෝනික්කා කාටද කියලා.
ඔහු කිව්වා, “මේක තමයි මගේ නංගි නත්තල් සීයා එයාට නත්තලට දෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටපු බෝනික්කා.” එතකොට මං කිව්වා “දුක්වෙන්න එපා, නත්තල් සීයා එයාට ඒක දේවි කියලා.”
ඒත් ඒ ළමයා දුකින් කියනවා, “නත්තල් සීයට මේක දැන් නංගි ඉන්න තැනට ගිහින් දෙන්න බෑ. මං මේක අම්මට දෙනවා, එතකොට අම්මා ඒක නංගිට දෙයි එයා නංගි ඉන්න තැනට ගියාම.” මේක කියනකොට ඒ ළමයගේ ඇස් දුකින් බරවෙලා තිබුනෙ. “මගේ නංගි දිව්‍ය ලෝකෙ ගියා. තාත්තා කියනවා අම්මත් ඉක්මනටම දිව්‍ය ලෝකෙ යනවලු. ඒ නිසා මං හිතුවා මේ බෝනික්කව අම්මා අතේ නංගිට යවන්න.
මට මගේ හදවත නතර වෙනවා වගේ දැනුනා. මේ ළමයා මං දිහා බලලා මට කියනවා, “මං තාත්තට කිව්වා අම්මට කියන්න කියලා මං එනකන් යන්න එපා කියලා. මට ඕනෙ අම්මව මං කඩේ ගිහින් එනකන් යන්න නොදී තියාගන්න.
ඊට පස්සෙ ඔහු මට එයාගෙ ලස්සන පින්තූරයක් පෙන්නුවා. එයා හිනාවෙලා කියනවා, “අම්මට මං මේ පින්තූරෙ දෙනවා, එතකොට එයාට මාව අමතක වෙන්නෙ නැති වෙයි.” මෙහෙමත් කියනවා, “මං අම්මට ගොඩක් ආදරෙයි. මං කැමතියි අම්මා මං ගාවම තියාගන්න. ඒත් තාත්තා කියනවා නංගි තනියෙන් නිසා අම්මා එහේ යන්න ඕනෙලු.
එහෙම කියලා ඔහු නිහඬවම බෝනික්කා දිහා දුකින් බැලුවා. මගේ අත පසුම්බියට ළගා උනා. “අපි බලමු ආයෙත් මේ බෝනික්කාව ගන්න සල්ලි ඔයා ලඟ තියෙනවද කියලා.” මං කිවා. ඔහු ළඟ තිබුන මුදල් මට දුන්නම මං ඔහුට නොදැනෙන්න සල්ලි ටිකක් එකතු කළා. ආයෙත් ගනන් කලාම වැඩිපුරත් එක්ක මුදල් තිබුනා.
එතකොට ළමයා කියනවා. “දෙවියන්ට ස්තුති වෙන්න ඕනෙ මට ඇති තරම් සල්ලි දුන්නට. මම පෙරේදා නින්දට යනකොට දෙවියන්ට කිව්වා මට මේ බෝනික්කා ගන්න ඇති තරම් සල්ලි තියෙන්න කියලා. ඒක දෙවියන්ට ඇහෙන්න ඇති.”
“ඒ වගේම මට ඕනෙ කලා අම්මට දෙන්න සුදු රෝස මලක් ගන්නත්. ඒත් ඒක ගන්න සල්ලි ඉල්ලලා මං දෙවියන්ට කරදර කළේ නෑ. ඒත් දෙවියෝ මට බෝනික්කයි, රෝස මලයි දෙකම ගන්න සල්ලි දීලා. අපේ අම්මා සුදු රෝස මල් වලට හරිම ආසයි.”
එදා මං ගෙදර ගියේ අමුතුම හිතකින්. මට ඒක නිතරම මතක් උනා. පත්තරේ මීට දින දෙකකට කලින් උන අනතුරක් මට මතක් උනා. මං පත්තරේ ආයෙත් බැලුවා. ඒකෙ තිබුන අනතුර වෙලා තිබුනෙ බීපු මිනිහෙක් කාර් එකක් හප්පපු නිසා. කාර් එකේ තරුණ කාන්තාවකුයි, කුඩා ගැහණු ළමයෙකුයි ඉඳලා. ළමයා එතනම මිය ගිහින්. කාන්තාවට බරපතල තුවාල වෙලා දැනට ඉන්නෙ කෝමා තත්ත්වයෙලු. ජීවිතේ රැඳිලා තියෙන්නෙ රෝහලේ යන්ත්‍ර මගින්ලු. ඒ නිසා ඇගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න පවුලේ අයට ඉඩ දීලාලු. මේ අර ළමයගෙ පවුලද?
දින දෙකකට පස්සෙ ඒ කාන්තාව මිය ගිය බව පත්තරෙන් දැනගන්න ලැබුණා. මට නොදැනුවත්වම මාව අවමංගල්‍යයට යන්න පෙළඹුණා. මං සුදු රෝස මල් පොකුරක් අරන් ගියා. ඈට අවසන් ගෞරව දක්වන්න ඇගේ දේහය ළඟට ගියා.
ඇගේ අතේ සුදු රෝස මල් පොකුරක් තිබුණා. ඇගේ දේහයේ ළමැද පින්තූරයක් එක්ක බෝනික්කෙකුත් හිටියා. මං ඒ ස්ථානය කදුලු පිරුණු දෑසින් හැර ගියා.
ඒ පොඩි ළමයාගේ හිතේ අම්මාටයි නංගිටයි තිබුණ ආදරය කොයිතරම්ද කියලා හිතුණා. ඒත් ඒ සේරම බීපු මිනිහෙක් අරන් ගිහින්.
මල් දෙවැටේ යාලුවනේ, මේක හිතට ගන්න. කිසිම දිනක බීලා වාහන එළවන්න එපා. පුලුවන්නම් මේ පණිවිඩය ඔයාලගේ Email හා Facebook යාලුවොත් එක්කත් Share කරගන්න.
අද මල් දෙවැටෙ ඔයාලගෙන් මුලින්ම මම සමාව ඉල්ලනවා. ඒ අද ඔයාලට මේකෙ බලන්න වෙන්නෙ මගේ පෞද්ගලික සටහනක් නිසා. මම ගොඩක් ආදරය කරන මගේ ති....... නංගි හා මගේ ආදරයේ 500 වන දින සැමරුම වෙනුවෙනුයි මම මේක ලියන්නේ. ඒ නිසා මගේ යාලුවන්ගෙන් මම අද සමාව ඉල්ලනවා ඔයාල වෙනුවෙන් යමක් පල කිරීමට නොහැකි වීම ගැන.
ආදරණීය ති....... නංගිට,
2008 වසරේ බිනර මාසයේ එක් සොඳුරු දිනයක ආදරයත් රැගෙන මා වෙත පියමැන්න ඔයාගෙ පින්බර නෙතු ගැටුණු කල මටත් හොරා මගේ හිත ඔයාට ආදරය කලා. ඒ ආදරය නිසාම සමහර අවස්ථාවල මගේ ඇස් වලට කඳුලු පිරුණා. වප් මාසයේ තුන්වන දින ඔයාගෙන් අයැද සිටි ඒ ආදරය මා වෙත නැවත එන්න මාස ගණනක් ගත උණා. ඒ අතරතුර කාලය තමයි මගේ ජීවිතයේ ගෙවුණු අසීරුතම කාලය.
ඒ කාලයේ ඔයාගෙ දෙනෙතේ එක බැල්මකින් පවා මගේ හිත හිනැහුණා. ඔයාගෙ කටහඬ හිත ඇතුලෙ දෝංකාර දුන්නා. ඒ පීඩනය හිතේ තියාගෙන ගෙවුණු මාස ගැන කල්පනා කරද්දී මටම පුදුමයි මම කෙල්ලෙක්ට මේ තරම් ආදරය කරන විදිහ හිතෙනකොට. ඔයාට මතකද මගේ වියලුණු කතරට දිය බිඳක් රැගෙන ඔයා ආපු දිනය? අදට හරියටම දින 500 යි.
මේ ගෙවුණු දින 500 ට මගේ ආදරය තව තවත් වැඩි උනා මිසක් බිඳුවක්වත් අඩු වෙලා නෑ. උදේ හවා මට ඔයාව සිහිවෙන්නෙ ආදරය නිසයි. ඔයාව නොදැක මට මොහොතක්වත් ඉන්න බෑ. සිහිනයෙන් සිහිනයට පේන්නෙ ඔයාව විතරමයි නංගි. උදාවෙන හැම දිනයකම පලමු සිතිවිල්ල ඔයා. මගේ ජීවිතයට සිනහව ගෙනාපු ඔයාට මම ගොඩක් ආදරෙයි. හැම ආත්මෙකම ඔයා මගේම වෙන්න කියලයි මම පතන්නේ.
දහසක් ළඳුන් දුටුවත් පවතින තුරු දිවිය
නුඹයි එකම ළඳ මගෙ සිත ඇදී ගිය
නොදනිමි කිමද නුඹටම සිත ඇදී ගිය
සොයනෙමි කිමද නුඹටම සිත බැඳී ගිය
මේ ඔයාට පණටත් වඩා ආදරය කරන ඔයාගෙම අයියා....
Love , ආදරය , මගේ ආදර චාරිකාව
- Feb 07 - $ 100 : විවාහ උත්සවයෙන් පසු විලියම්ගේ මුල්ම උපන්දින සැමරුම
- Mar 04 - $ 300 : ජොසලින්ගේ වැටුප් වැඩිවීම
- Mar 20 - $ 200 : බාලි දූපතට ගිය විනෝද චාරිකාව
- Apr 16 - $ 2,000 : ජොසලින් ගර්භනී වීම
- Jun 01 - $ 1,000 : විලියම්ට රැකියාවේ උසස් වීමක් ලැබීම
- · ඇගේ ඇස් දිහා බලන්න. ඒ ලස්සන ඇස් හා ඒවායේ කණීනිකාවන් (කලු ඉංගිරියාවන්) විශාල වේ නම්, ඒ ඇය ඔබට කැමති බව හඟවන්නක්. තමන් කැමති දෙයක් දකිනකොට තමන්ගේ කලු ඉංගිරියාවන් විශාල වන බව විද්‍යාත්මක පිලිගත්තක්. (හැබැයි එයා දිහා බලනකොට නම් ඔයාලා ඇස් ලොකු කරලා බලන්න එපා. මොකද ඔයාට ඕනෙ නෑනෙ ඇය ඔයා ගැන වැරදි විදිහට හිතනවට)
- · තද ඉරියව්වෙන් ඉන්න ඇගේ ශරීරය. ඇය ඉන්නෙ අත් නවාගෙන පසුපසට මදක් ඇලව ද? පහසු ඉරියව්වක් නැති තද ඉරියව්වෙන් නම් ඇය ඉන්නෙ, ඒකෙන් කියන්නෙ ඇය ඔබ සමග ඉන්නෙ අපහසුතාවකින්. මේ වගේ අවස්ථාවක කරන්න පුලුවන් හොඳම දේ තමයි ඇය කියන්න කලින් ඇයට තාවකාලිකව සමුදෙන එක.
- · හරස් කරගත් දෙපා. ඔබ දෙදෙනා ඉඳගෙන සිටින විට ඇය ඔබ දෙසට හැරී ඇගේ දෙපා හරස් කරගෙන සිටිනවා නම් එයින් කියන්නේ ඈ ඔබෙන් ඉවත් වෙන්න උත්සහ කරන බවයි.
- · ඇගේ දෙපතුල් බලන්න. මුහුනෙන් පුලුවන්නම් හැඟීම් ප්‍රකාශ කරන්න ඇයි දෙපතුල් බලින් බැරි? ඇගේ දෙපා වලින් දිගට හෝ හරහට ඉරි අදිනා සේ සිහින් සෙලවීමක් තිබෙනවා නම් එයින් පෙන්වන්නෙ ඇයට ඔබව අවශ්‍ය බව යි. ඒත් ඇය ඇගේ කකුලකින් අනෙක් කලුලට තට්ටු කරනවා නම් ඒ ඈට කම්මැලිබව හඟවන්නයි. පැත්තට හෝ ඉදිරියට මදක් වේගයෙන් කකුල් චලනය වේ නම් එයින් කියන්නේ ඇගේ අදහස ඔබෙන් ඉවත් වීම බවයි.
- · ඇගේ කොණ්ඩය දිහා බලන්න. ඇය ඇගේ කොණ්ඩය සෙමෙන් පද්දයි නම් ඈ ඔබව ඇගේ සිහින කුමරා කරගැනීමට සිතයි. ඒත් ඈ කොණ්ඩය කසයි නම්…. කණගාටුයි.
- · ඈ ආදරයෙන් ඇගේ ශරීරය පිරිමදී නම් එය ධනාත්මක ලක්ෂණයක්. ඒත් කැසීම්, ඇදුම් හදා ගැනීම් වලින් කියන්නෙ සමුගත්තොත් හොඳයි කියන එක.
- · හිසේ චලනයන්. ඇගේ හිස පැත්තකට ඇලව ඇගේ මුහුණේ සුමුදු බවක් දක්වයි නම්, සුභ පැතුම් ! ඔබ සාර්ථකයි. ඒත් රවා බලයි නම් ඒ සමුදෙන්න කාලයයි.
- · ඉඟි සහ අභිනයන්. මේ දෙකම ඇය ඔබව ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කරන බවට දක්වන ධනාත්මක ලකුණු. මදක් ඉවසන්න, නියම අවස්ථාව පැමිණි විට ආදරය පවසන්න.
Love , ආදරය , ජීවිතය , මල්සමය ඇරඹීමට්