මල් දෙවැටෙ අද මාතෘකාව සත්ය ආදරය ගැන. “Fondness for a person or thing”, ඔන්න ඕක තමයි Oxford Dictionary එකේ ආදරය කියන වචනයට තියෙන තේරුම. තේරෙන සිංහලෙන් කියනවනම් “පුද්ගලයෙක් හෝ වස්තුවක් කෙරෙහි තියෙන කැමැත්ත” කියන එක තමයි ඕකෙන් කියන්නෙ. මේ නිර්වචනයට අනුව අපිට ආදරය කොටස් 2 කට බෙදන්න පුලුවන්.


1. පුද්ගලයෙක් කෙරෙහි තියෙන ආදරය (Love towards a person) – (LTP)
2. වස්තුවක් කෙරෙහි තියෙන ආදරය (Love towards a thing) – (LTT)


මේ දෙවැදෑරුම් ආදරයන් දෙකෙහි අපිට වෙනසක් දකින්න පුලුවන්. පුද්ගලයෙක් කෙරෙහි තියෙන ආදරය ගැන ගත්තොත් අපි කාටහරි ආදරය කරනවානම්, ඔහු හෝ ඇය වෙතින් පෙරලා ආදරයක් ලැබෙන්න පුලුවනි. නමුත් අපි කිසියම් දෙයක් ගැන ආදරයෙන් බැඳුනොත් අපට නැවත ආදරයක් ලැබිය යුතු යයි බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අපි මතක තබා ගත යුතු දේ තමයි සත්යන ආදරවන්තයෙක් කිසිදා කිසිම දෙයක් පෙරලා ලැබේයයි බලාපොරොත්තු වෙන්නෙ නෑ.


ඔබට යම් ඇඳුමක්, තැනක් හෝ රටක් කෙරෙහි ආදරයක් ඇති උනොත් “මම ඒකට ආදරෙයි” කියන්න පැකිලෙන්න එපා. මොකද එයත් යම් ආකාරයක ආදරයක්. අපිට යම්කිසි වස්තු කිහිපයකට එකවර එකසේ ආදරේ කරන්න පුලුවන්. අපි ආදරේ කරන වස්තු එකක් හෝ කිහිපයක් එක් වර අත්හරින්නත් පුලුවන්. ඒත් ඒකට කමක් නෑ. මොකද වස්තුවකට හිතන්න බෑනේ. මේ වගේ ආදරයක් නිසා ජීවිතේට ඒතරම් ප්රෙශ්න ඇතිවෙන්නෙත් නෑ.


වඩාත්ම භයානක මෙන්ම අපිට වඩාත්ම ඕනම කරන ආදරය තමයි පුද්ගලයෙක් කෙරෙහි තියෙන ආදරය කියන්නෙ. මිනිහෙකුට ආදරය නැතුව ජීවත් වෙන්න බෑ කියන්නෙ ඇත්ත තමයි. ඒත් එහෙම ආදරේ කරන්න නම් සත්ය් ආදරය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනෙ. ඒ වගේම තමයි වස්තුවක් කෙරෙහි තියෙන ආදරය වගේ නෙවෙයි, මොනම අවස්ථාවකදී හෝ ඔයාට දැනෙනවා නම්, ඔයා කා එක්ක හරි ආදරයෙන් බැඳිලා කියන වග හෝ ඔහු/ඇය ඔබට ආදරේ බව හඟවන විට, “ඒ ඇයි?” දැයි කියා සිතන එක තමයි වැදගත් වන්නේ. එම ප්රෙශ්නයට ලැබෙන පිලිතුරෙන් දැනගන්න පුලුවන් ඒ සත්ය ආදරයද කියලා.


ඇත්ත වශයෙන්ම ඔයාලට දෙමව්පියන්ගෙන් මේ ගැන දැනගන්න අවශ වෙන්නෙ නෑ. මොකද ඒක තමයි අත්විඳින්න පුලුවන් වටිනාම ආදරය. ඒක නිසා මේක ඔයාලගෙ යාලුවන්ගෙන් සහ විශේෂයෙන්ම හැමවිටම ඔබට “මම ආදරෙයි” කියන ඔබගේ පෙම්වතා හෝ පෙම්වතියගෙන් දැනගැනීමට උත්සහ කරන්න පුලුවන්.


ඔබගේ පෙම්වතා හෝ පෙම්වතියගේ පිළිතුර “ඔයා ගොඩක් ලස්සන/ රොමන්ටික්/ සරාගී/ හෝ පෝසත් නිසා” කියනවනම් ඔබට අකැමැත්තෙන් වුවත් පිළිගන්න වෙනවා ඔහුට හෝ ඇයට තියෙන්නෙ කුහක සිතක් බව.


එමෙන්ම පිළිතුර “ඔයා මට ආදරය කරන නිසා” කියනවනම් ඔහු හෝ ඇය සත්ය ආදරවන්තයෙක් නොවෙයි ආත්මාර්ථකාමී අයෙක්. ඒත් පිළිතුර “විශේෂ හේතුවක් නෑ” කියනවනම් හෝ ඔබගේ පෙම්වතා හෝ පෙම්වතී නිහඬව සිටී නම්, එය සත්ය ආදරයක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
සමහරවිට ඔබගේ පෙම්වතා හෝ පෙම්වතී කිව්වොත් “ඔයාගේ හොද ගතිගුණ නිසා” හෝ “ඔයා හැම සතුටකදී මෙන්ම දුකකදීම මාත් එක්ක ඉන්න නිසා” කිව්වොත් ඔයාට ආඩම්බර වෙන්න පුලුවන්. මොකද ඔයා කරන්නෙ සත්යම ආදරයක්.

අද මල් දෙවැටෙන් කතා කරන්න යන්නෙ වෙනස්ම විදිහෙ දෙයක් ගැන. ඒ කියන්නෙ විවාහ උනාට පස්සෙ කාන්තාවකගේ භූමිකාව කොහොමද කියන එක.


විවාහ දිවියේ කාන්තාවගේ භූමිකාව ඉතා වැදගත් එකකි. අතීතයේ අපේ සමාජයේ කාන්තාවට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණේ ඉතා සුලු වශයෙනි.  ගෙට වී සිටින එදා තරුණිය වැඩි විය පැමිණි වහාම පෙළවහක් කරදීමට වැඩිහිටියෝ යුහුසුලු වූහ. එදා ගෙදර දොර වැඩ කටයුතු, ගොවිතැන් කිරීමේ කටයුතු ආදිය ගැන ඈ  දැනුමක් ලබා සිටියාය. විවාහයෙන් පසු දරුවන්ගෙත්, සැමියාගෙත් කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ ඇයට පැවරිණි.

නමුත් වත්මන් කාන්තාවගේ භූමිකාව හාත්පසින්ම වෙනස්ය. සංකීර්ණ, කාර්බහුල සමාජ රටාවක ජීවත් වන වර්තමාන කාන්තාව එඩිතරය. ශක්තිමත්ය. වර්තමාන පවුල් දිවියේ ආර්ථික බර ඉසිලීමට බොහෝ දුරට බිරිඳද සහයෝගය දිය යුතුව ඇත. බිරියක් හෝ සැමියෙක් වූ පමණින් සියලු දේම හරියයි සිතීම වැරදිය.

එමෙන්ම තරුණයෙක් හා තරුණියක් ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගැනීම පමණක්ම විවාහයට සෑහෙන්නේ නැත. වර්තමාන සමාජයේ තරුණ විවාහ වලින් හරි අඩක් පමණ අසාර්ථක වන බවට තොරතුරු තිබේ. උසාවිවල දික්කසාද නඩු සංඛdවද දිනෙන් දිනම වර්ධනයක් වනු දක්නට ඇත. දරුවන් ලැබුනු පසු සිදුවන දික්කසාද වලින් අඹුසැමියන්ට අමතරව අහිංසක දරුවෝද දුක් විඳිති.

තරුණ විවාහ අසාර්ථකත්වය ගැන බලන විට පෙනී යන්නේ තරුණ පිරිසේ දැනුවත්කම අඩු බවයි. තවද ප්‍රේම කළ කාලයට සමාන කාලයක් ගෙවීමට විවාහයෙන් පසුද උත්සහ කරන තරුණ අය සිටීමයි. බොළඳ ගති පැවතුම් විවාහ දිවිය අඩාල කිරීමට ප්‍රධාන හේතුවකි. තරුණියන්ගේ පැත්තෙන් බලනවිට ගෙදර දොරේ වැඩපල කිරීමට අකැමත්ත, ඉවුම් පිහුම් කටයුතු නොදැනීම, සැමියාගේ ඥdතීන් කෙරෙහි අකැමැත්තක් දැක්වීම වැනි හේතුද තිබේ.

මෙවැනි හේතු නිසා වත්මන් කාන්තාව තම පවුල් දිවියේදී ඉවසිලිවන්ත ලෙස කටයුතු කිරීම වටී. ජීවත්වෙන හැම මොහොතක්ම සතුටින් දිවිගෙවීමට සෑම විවාහකයෙක්ම මුල සිටම අදිටන් කරගත යුතුය.

කොහොමද යාලුවනේ… ඔන්න අදත් මල් දෙවැටෙන් කියන්න යන්නෙ පුංචි කථාවක් ගැන. හැබැයි මේක ආදරයෙන් බැඳී සිටි සමනළයින් දෙදෙනෙකු ගැන කියවෙන පුංචි ආදර කථාවක්. බලන්නකො මනඃකල්පිත සමනළ කතාවක් උනත් මොන තරම් තේරුමක් තියෙනවද කියලා.

ඔන්න එකමත් එක රටක පුංචි සමනළ ජෝඩුවක් හිටියා. දිනක් කෙළිදෙලින් පසුවූ මේ සමනළයින් දෙන්නා හැංගිමුත්තන් සෙල්ලම කරන්න තීරණය කළා.

සමනළයා : අපි කරමු පුංචි සෙල්ලමක්?

සමනළිය : හා

වටපිට බලපු සමනළයා මේ පුංචි සමනළීට මලක් පෙන්නලා මෙහෙම කියනවා.

සමනළයා : හෙට උදෙන්ම මේ මල ඇතුළත ඉඳගන්න කෙනා තමයි අනිත් කෙනාට වැඩියෙන් ආදරය කරන්නෙ. 

සමනළිය : හොඳයි මම කැමතියි.

පසුදා හිමිදිරි උදයේ මල අසලට ඇවිත් සමනළියට කළින් එහි ඉඳගන්න මල පිපෙනකල් බලන් හිටියා. අන්තිමට මල පිපුණා.

සමනළයා දුටුවේ සමනළිය මල ඇතුළත මිය ගොස් සිටින අයුරුයි. මුලු රාත්රිය පුරාම සමනළිය මල ඇතුළට වෙලා හිටියා. මොකද උදේම මල පිපුණාම සමනළයා ළඟට දුවලා ගිහින් ඔහුට ඇය කොයිතරම් ආදරේ දැයි පෙන්වන්න.

ඇය කොයිතරම් ඔහුට ආදරේ ද කියා පෙන්වන්නට ජීවිතය පවා කැපකළා. මේ තමයි සත්ය ආදරය. ජීවිතය කියන්නේ මේ ආදරයටයි.

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ. අද මල් දෙවැටෙන් කියන්න යන්නෙ තවත් කථාවක්. මේක ගුරුවරයෙක් ළමයෙක්ට ආදරයේ හා විවාහයේ අර්ථය තේරුම් කරපු හැටි කියවෙන කථාවක්. හැබැයි මේකෙ අර්ථය නම් අපි කාටත් පොදුයි.

ඔන්න දවසක් එක ළමයෙක් ගුරුවරයාගෙන් මෙහෙම අහනවා, “ටීචර්, ආදරය කියන්නෙ මොකක්ද?”
එතකොට ගුරුවරයා ළමයාට මෙහෙම උත්තරයක් දෙනවා. “ඔයාට ඕකට උත්තරයක් ඕනෙ නම් ඔයා ඉරිඟු හේනකට ගිහින් ලොකුම ඉරිඟු කරල අරන් එන්න. ඒත් එක කොන්දේසියක් තියෙනවා. ඔයාට හේන හරහා යන්න පුලුවන් එක පාරයි.ලොකු කරල ගන්න ආපහු හැරෙන්න බෑ.”
මේක අහපු ලමයා යනවා හේනට. මුල්ම තීරුවෙ ලොකු ඉරිඟු කරලක් දකිනවා. ඒත් ළමයා මෙහෙම හිතනවා. “ඉස්සරහට යනකොට තව ලොකු ඒවා තියෙයි.”
තවත් ඉස්සරහට යනකොට තව ලොකු ඒවා දකිනවා . ඒත් ළමයා හිතනවා ඊටත් වඩා ලොකු ඒවා හොයාගන්න පුලුවන් කියලා. කොහොමහරි හේනෙ භාගයකට වඩා ගියාට පස්සෙ එයාට හිතෙනවා කලින් දැකපු කරල් වලට වඩා දැන් කරල් පොඩියි කියලා. එයාට තේරුනාම එයාට ලොකුම කරල මගහැරුනා කියලා ළමයා ගොඩක් දුක් උනා. ඊට පස්සේ මේ ළමයා හිස් අතින්ම ගුරුවරයා ළඟට යනවා.
එතකොට ගුරුවරයා කියනවා, “ඔන්න ඕක තමයි ආදරය කියන්නේ. අපි ආදරයෙදිත් හැම වෙලේම හොදම දේ හොයනවා. ඒත් අපි හොයපු නියම කෙනා මඟහැරුන බව දැනගන්නකොට අපි පරක්කු වැඩියි.”
“හරි එහෙනම් විවාහය කියන්නෙ මොකක්ද?” ළමයා ආයෙත් අහනවා.
“ඔයාට මේකට උත්තරේ ඕනෙ නම් මං කියන දේ ආයෙත් කරන්න වෙනවා. ඔයා ඉරිඟු හේනකට ගිහින් ලොකුම ඉරිඟු කරල අරන් එන්න. හැබැයි කොන්දේසිය ඉස්සර වගේමයි. ඔයාට හේන හරහා යන්න පුලුවන් එක පාරයි.ලොකු කරල ගන්න ආපහු හැරෙන්න බෑ.” ගුරුවරයා කිව්වා.
ළමයා ආයෙත් යනවා ඉරිඟු හේනට. මේ පාර ළමයා හිතනවා කළින් කරපු වැරැද්ද ආයෙත් කරන්නෙ නෑ කියලා. හේනෙ මැදක් හරියට යනකොට ළමයා සාමාන්‍ය ප්‍රමාණයේ ඉරිඟු කරලක් අරන් ගුරුවරයා ගාවට එනවා.
එතකොට ගුරුවරයා කියනවා, “මේ පාර ඔයා ඉරිඟු කරලක් ගෙනාවා. ඔයා ගෙනාපු කරල ගොඩක් හොඳයි. මේ කරල ගේන්න ඔයාට අධිෂ්ඨානය හා විශ්වාසය තිබුනා. මේක තමයි ඔයාට ලැබුන හොඳම දේ. විවාහය කියන්නෙ මේකට තමයි.”
බලන්න ගුරුවරයා කොයිතරම් ලස්සනට මේ දෙක තේරුම් කරලා දුන්නද කියලා. උදාහරණයක් උනත් මේ කථාව ඇත්ත නේද?

ඔන්න මං දැන් ඔයාලට කතාවක් කියන්න යන්නේ. මට මීට ආසන්න වෙනත් කතාවක් අහන්න ලැබුනා Email එකකින්. ඒත් මං ඒක වෙනස් කරලා මේ වගෙ කතාවක් ලියන්න හිතුවෙ ආදරය කරනකොට පුංචි අතපසු වීමකින් මොන තරම් දේවල් වෙන්න පුලුවන්ද කියලා පෙන්නන්නයි.

ඔන්න එක වියට්නාම් සෙබලෙක් යුද්දෙ ඉවර කරලා ගෙදර එන්න හිතුවා. ඊට කලින් එයාට හිතුනා ගෙදර ඉන්න එයාගෙ බිරිඳට ඇමතුමක් දෙන්න.

“ඔයා හොඳින් නේද? ඔන්න මම ගෙදර එනවා. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. මම මගේ යාලුවෙක්ව ගෙදර එක්කන් ආවට කමක් නැද්ද?”

“අනේ කමක් නෑ එක්කන් එන්න, මාත් ආසයි එයාව හම්බවෙන්න.”

“තවත් දෙයක් තියෙනවා ඔයාට කියන්න”, සෙබලා කිව්වා. “එයා සටනෙදී ගොඩක් තුවාල වෙලා ඉන්නෙ. යුද පිටියෙදි බිම් බෝම්බයක් පෑගිලා එයාගෙ අතකුයි, කකුලකුයි අයින් කරලා තියෙන්නෙ. එයාට වෙන යන්න තැනක් නෑ. ඒ නිසා මං හිතුවා එයාවත් අපිත් එක්කම තියාගන්න.”

“අනේ පව්, සමහර විට එයාට ඉන්න වෙන තැනක් හොයලා දෙන්න අපට පුලුවන් වෙයි.” සෙබලාගෙ බිරිඳ කිව්වා.

“නෑ, එයාව අපිත් එක්කම තියාගන්නයි මට ඕනෙ.” සෙබලා කිව්වා.

“අනේ රත්තරන්, ඔයා දන්නෙ නෑ ඔයා ඉල්ලන්නෙ මොකක්ද කියලා. ආබාධිත කෙනෙක් එනවා කියන්නෙ අපිට තවත් ලොකු බරක් එකතු වෙනවා කියන එකයි. අපිට අපේම කියලා ජීවිතයක් තියෙනවා. තව කෙනෙක්ට ඒකට ඇඟිලි ගහන්න දෙන්න බෑ. යාලුවව අමතක කරලා ඔයා විතරක් ගෙදර එන්න. එයා ජීවත් වෙන්න ක්රමයක් හොයා ගනීවි.” බ්රිඳ ටිකක් සැරෙන් කිව්වා.

ඒත් එක්කම ඇමතුම විසන්ධි උනා. ඊට පස්සෙ සෙබලා ගැන කිසිම ආරංචියක් නැති උනා. ටික දවසකට පස්සෙ ගෙදරට පොලීසියෙන් ඇමතුමක් ආවා. සෙබලා ගොඩනැගිල්ලකින් වැටිලා මැරිලා තිබුනා. පොලීසිය විශ්වාස කලේ ඒක සියදිවි හානි කරගැනීමක් හැටියට.

සෙබලාගේ බිරිඳ මේ ගැන ගොඩක් දුක් උනා. එයා සෙබලා සිටි තැනට ගිහින් සෙබලාගෙ මිනිය හඳුනා ගත්තා. ඒත් එක්කම එයා තවත් දෙයක් හදුනා ගත්තා.

ඒ තමයි ඇය පණ මෙන් ආදරය කරපු ඇයගෙ ආදරණීය සැමියාට තියෙන්නෙ එක් අතක් හා කකුලක් බව.

ඊයෙ ගෙදර එනකොට රෑ 8.30 විතර ඇති. ඇවිත් වෙනදා වගේම මගේ පුංචි පෙම්වතීට SMS එකක් යවන්න ඕනෙ කියලා හිතුනා. මං SMS එක යවනකොටම එයත් මට SMS එකක් එවලා, හරියටම එකම වෙලාවෙ දෙන්නම SMS කරන එකත් දැන් අපිට පුරුදු දෙයක්. ඒ අපිට අපිව හැම වෙලාවෙම මතක් වෙන නිසා වෙන්නැති.

මෙන්න මගේ පුංචි පෙම්වතීගෙ අදහස්. මෙන්න මේකයි එයා මට එවපු SMS එක.
“ආදරය ජීවිතයට ලැබෙන වටිනාම තෑග්ග. ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න පුලුවන් වුනත් වෙන කිසිම දෙයක් වෙනුවෙන් ආදරය කැප කරන්න කවදාවත්ම බෑ. මං හිතන විදිහට ආදරේ කරන දෙන්නෙක්ගෙ ලෝකෙ ගොඩක් පුංචියි. මොකද ඒ ලෝකෙ ඉන්නෙ එයාලා දෙන්නා විතරක්ම නිසා. ඒ ආදරේට මං ගොඩක් ආදරෙයි.”
ඇත්තටම මටත් හිතෙන විදිහට එයා කියන දේ හරි. මොන තරම් යාලුවො හිටියත් අපි දෙන්නගෙ ලෝකෙ ඒ කිසිම කෙනෙකුට ඉඩක් නෑ. දෙන්නා කතා කරන දේවල් මොන තරම් පරණ උනත්, කතා කරනකොට ඒවා අලුත්ම අලුත් නැවුම් දේවල්. මේ නිසා වෙන්නැති පෙම්වතුන් එයාලගෙ ලෝක වලම තනි වෙන්න කැමති.
කොහොම උනත් තමන්ගෙ ලෝකවල තනි උනාම මොන දේ කලත් බාහිර ලෝකෙකුත් තියෙනවා කියලා හිතලා කටයුතු කරනව නම් තමයි කාගෙ කාගෙත් ඇඟට ගුණ.

විවාහ වෙන්න නම් කේන්දරේ බලන්න ඕනෙමද? සමහරු කියනවා කොයිතරම් කාලයක් යාලු වෙලා හිටියත් බඳින්න කලින් කේන්දර ගැලපෙනවද කියලා බලන්න ඕනෙ කියලා. බඳින්න කලින් කේන්දර බලන එක අවශ්‍යමද?

බඳින්නෙ ආදරය කරල නම් මගේ අදහස කේන්දර ගැලපෙන්න ඕනෙ නෑ කියලා. මොකද බඳින්න නම් දෙන්නගෙ අදහස් ගැලපෙන්න ඕනෙ. එකිනෙකා ගැන හොඳ විශ්වාසයක් තියෙනවනම්, අනිත් කෙනාගෙ කැමැත්ත අකමැත්ත ගැන හොඳ අවබෝධයක් තියෙනවනම් ඒ දෙන්නට හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්.

කේන්දරය කියන සංකල්පය මෙතනට එන්න මූලිකම හේතුව විදිහට මම දකින්නෙ දෙමාපියන්ගෙ මැදහත් වීම. විවාහයේදී දෙමාපිය ආශිර්වාදය වැදගත්. ඒත් සමහර පවුල් ප්‍රශ්න වලට හේතුවත් ඔය කියන මැදහත් වීමම තමයි.

 කේන්දරය ගැලපෙනවා කියන්නෙ දෙන්නගෙ ජන්ම පත්‍ර වල තියෙන පොරොන්දම් 20 න් භාගයකට වඩා ගැලපෙනවා කියන එක. දෙන්නෙක්ගෙ විවාහ ජීවිතයට ග්‍රහයන්ගෙ බලපෑමක් තියෙන බව මං පිලිගත්තත් කේන්දරය කියන දේ විශ්වාස කරන්න මට හිතෙන්නෙම නෑනෙ. මම මෙහෙම කිව්වම ඔයාලා හිතනවා ඇති මගෙයි මගෙ කෙල්ලගෙයි කේන්දර ගැලපෙන්නෙ නැති නිසා මෙහෙම කියනවා ඇති කියලා. එහෙම නම් නෑ. අපෙ කේන්දර 80% ක්ම ගැලපෙනවා. 

 දැන් සල්ලි ගෙවලා කේන්දර බලන්න ඕනෙ නෑ. ඒවා නිකන්ම බලාගන්න පුලුවන් Software තියෙනවා. දෙන්නගෙ උපන් දිනයයි, වෙලාවයි, තැනයි දන්නවනම් ඔයාලටම මේක බලාගන්න පුලුවන්. ඔයාලගෙ පහසුවට මං ඒ Software එකත් මේකෙම දාන්නම්.

මේ ලෝකෙත් පුදුමයි. කේන්දර බලලා යාලු වෙන්න බෑනෙ. ඒ වගෙම කේන්දර නොගැලපුනා කියලා යාලු උන කෙනාව අත්හරින්නත් බෑ. 

කේන්දර බලන Software එක Download කරන්න මෙතන Click කරන්න.

මල් දෙවැට ගැන

ආදරය කොයිතරම් මුහුණුවරින් අප අතර තියෙනෙවාද? එවැනි ආදරයේ ආදරය ලබන, විරහවේ වේදනාව විඳින, ආදරය හදවතේ රුවාගෙන කියාගත නොහැකිව වැලපෙන ඔබ වෙනුවෙන්ම විවර උන මේ බ්ලොග් සටහනට ඔබව ආදරයෙන් පිළිගන්නවා....

මල් දෙවැටේ ලිපි ගන්න

ඔබගේ Email Address එක ඇතුලු කරන්න:

Delivered by FeedBurner

Facebook මිතුරෝ

මල් දෙවැටේ මිතුරෝ

පැමිණි අමුත්තන්

free counters

මල් දෙවැට

මල් දෙවැට